
හමුදා කැරැල්ලෙන් පසු, බෙලරූස් රාජ්‍යයට පිටුවහල් වී සිටි රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් යළි රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ උපුටා දක්වමිනි. පැය 24 කට සීමා වුණු හමුදා කුමන්ත්‍රණය අවසන් වූයේ පසුගිය ජූනි 27 වැනිදා ප්‍රිගෝෂින් බෙලරූසයට යෑමෙන් පසුවය. බෙලරූසය යනු රුසියාවේ එක් අසල්වැසියෙකි.
ප්‍රිගෝෂින් බෙලරූසයට ගෙන්වා ගැනීම කළේ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මැදිහත් වීමෙනි. ලුකෂෙන්කෝ, ප්‍රිගෝෂින්ගේත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේත් සමීපතම මිතුරෙකි.
බෙලරූසයට පිටුවහල් වෙද්දී, ප්‍රිගෝෂින්ට එල්ල කළ සියලු චෝදනා රුසියන් රජය ඉවත දැමීය. කැරැල්ලට සම්බන්ධ වුණු ‘වැග්නර්’ කුලී හේවායන්ට ද සමාවක් හිමිවිය.
මේ අතර රුසියන් මාධ්‍ය වාර්තා කර ඇත්තේ දේශද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් ප්‍රිගෝෂින්ට එරෙහිව විමර්ශනයක් පැවැත්වීමට රුසියන් රජය කටයුතු කරන බවය.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘වැග්නර්’ හමුදා ප්‍රධානියා ආපසු රුසියාවට