ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් හමාස් අත්අඩංගුවේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනා මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යායු ප්‍රමුඛ රජයටත්, ඊශ්‍රායල හමුදාවටත් දොස් අහන්න සිදුවී ඇත.
ඊශ්‍රායල හමුදා ප්‍රහාරයෙන් මියගියේ තරුණයන් තිදෙනෙකි. මොවුන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිට, නිදහස ලබා යළි ඊශ්‍රායල හමුදා වෙත පැමිණ ඇත. ඒ සුදු කොඩි ද අතැතිවය. කෙසේ නමුත්, ඔවුන් හමාස් සටන්කාමීන් යැයි සිතූ ඊශ්‍රායල හමුදාව, ඔවුන්ට වෙඩි තැබුවේය.
මෙම සිද්ධියෙන් පසු හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින සෙසු ඊශ්‍රායල වැසියන් නිරුපද්‍රිතව මුදා ගැනීමට, ඊශ්‍රායල රජය හමාස් සංවිධානය සමඟ නව සාකච්ඡා ආරම්භ කළේ යැයි ද වාර්තා වේ.
කෙසේ නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යායු දිගින් දිගටම පැහැදිලි කර ඇත්තේ, හමාස් සටන්කාමීන් පරාජය කළ හැක්කේ ආරම්භ කළ යුද්ධය අවසන් කිරීමෙන් පමණක් බවය. යුද්ධය හැර වෙන විසදුමක් නැතැයි ද නෙදන්යාහු අවධාරණය කර තිබේ.
පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චියේ නුවර බෝම්බයක් පුපුරා යෑමෙන් චීන ජාතිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෙඩි තැබුවේ සුදු කොඩි අරන් එද්දී