තව දින දෙකකින් (6) පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ කිරුළ හිමි කර ගැනීමට ප්‍රධාන අපේකAෂකයින් දෙපළ අතර ඇත්තේ තියුණු තරගයකි. නව ජනමත විමසුම අනුව දැනට ඩිමෝක්‍රටික් පක්ෂ අපේක්ෂක හා ජනපති බරක් ඔබාමා ඉදිරියෙන් සිටී. කෙසේ වුවද ඔහුගේ ප්‍රතිවාදියා වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මිට් රොම්නි පසුපසින් සිටින්නේ ඉතා සුළු ප්‍රතිශතයකිනි. වෙනසකින්ය.මේ නිසා ජනාධිපතිවරණයේ ජය කාටද යන්න තවමත් තීරණය කළ නොහැකි බව දේශපාලන විචාරකයෝ කියති. මිට් රොම්නිට ජනාධිපතිවරණය ජය ගැනීමට ඉතා හොද අවස්ථාවක් ඇති බව ඔවුන්ගේ මතයයි. රොම්නි හා බරක් ඔබාමා අතර පසුගිය කාලයේ මුහුණට මුහුණලා පැවැති වාද විවාදවලදී ජනාධිපතිවරයා සිය ප්‍රතිවාදියාගේ ප්‍රකාශ හමුවේ අසරණ වන ආකාරය දැක ගත හැකි විය.අනෙක් අතට බරක් ඔබාමාගේ ජනාධිපතිවරණ තේමාව වන ‘‘ඉදිරියට‘‘ යන්නට වඩා මිට් රොම්නිගේ ‘‘සැබෑ වෙනසක් කරා‘‘ යන්න කෙරෙහි ඇමරිකානුවන් විශ්වාසය තබා කටයුතු කරන සෙයක් දැන් දැන් පෙනේ. වැටී තිබුණු සිය ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට නැගෙනහිර ඇමෙරිකාව මහත් හානියක් සිදු කරමින් හමා ගිය ‘‘සැන්ඩි‘‘ චණ්ඩ මාරුතය බරක් ඔබාමා වෙත ගෙන ආවේ මහගු අවස්ථාවකි.ජනාධිපතිවරණ උමතුව පසෙක තබා සැබෑ නායකයෙකු ලෙස ඔහු කටයුතු කළ ආකාරය බොහෝ දෙනාගේ ප්‍රසාදයට හේතුවිය. ඇමරිකා ජනතාව ආදරය කරනා සුපිරි ගායන තරු වන ස්ටීවි වොන්ඩර්, ජේ.සී වැන්නන්ද ඔබාමාට ප්‍රසිද්ධියේ සහය පළකිරීමද ඔහුගේ වාසියට හේතුවකි. මිට් රොම්නි මාධ්‍ය සංදර්ශන නොපැවැත්වූ අතර සුපිිරි තරුද ඔහු පසුපස නැත.එහෙත් ඔහුගේ වාග් විලාශය හා ඇමරිකාවේ සැබෑ තත්ත්වය ඇති සැටියෙන් පෙන්වා එයින් මිදීමට ඉදිරිපත් කර ඇති සැලැස්ම බහුතර ඇමරිකානු ජනයා පිළිගන්නා සෙයක් මේ නවතම ජනමත විචාරණයෙන් පෙනේ. ලෝක බලවතාගේ මුල් පුටුවට පත්වන්නේ කවුරුන්ද යන්න එළැඹෙන දින කිහියපයේදී දැනගතහැකි වනු ඇත. (කෝ වි ගු)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැඩි වාසි ඔබාමාට
හසිත් Tuesday, 06 November 2012 11:43 AM
තුවාන් , කොලොම්බස් ගියේ සී ප්ලේන් වලින්ද (ස)
මුතු Sunday, 04 November 2012 08:00 PM
ඕකේ ඉතින් අහන්න දෙයක්යෑ ඉන්න නායකයාම දිනනවා. ඕක තමයි ලෝක ප්‍රතිපත්තිය. ඕකට මහජන ඡන්දයක් අවශ්‍යයයැ. (ස)
බණ්ඩාර Monday, 05 November 2012 05:58 PM
ඔබාමාට ජය වේවා! (නි)
මධූ Tuesday, 06 November 2012 01:55 AM
ඔබාමා කොහොම හරි මේ සැරෙත් ඒවි.. (ස)
ගයාන් Sunday, 04 November 2012 09:57 PM
නියත ලෙසම ඔබයි නැවතත් පත්වන්නේ. (නි)
ටුආන් Tuesday, 06 November 2012 06:25 AM
අසිත , ප්ලේන් එකෙන්ද? (නි)
මධූ Tuesday, 06 November 2012 02:03 PM
හිටපු ජනාධිපති ජෝජ් බුෂ් ආවනම් තමයි වඩාත් හොඳ (ස)
නාරද Wednesday, 07 November 2012 02:45 AM
ඔබාමා දිනනවා
චින්තක Tuesday, 06 November 2012 11:07 AM
කවුරු දිනුවත් එකයි. ඇමරිකාව ඇමරිකාවමයි. (නි)
අසිත Sunday, 04 November 2012 04:15 PM
ඇමෙරිකාවද බුදුන් වැඩිය දේශයකි. (නි)