IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


වෙඩිබේත් විශ්‍රාම ගන්වයි?

වෙඩි ඛෙහෙත් වෙනුවට විදුලිය භාවිතයෙන් ප්‍රහාර එල්ල කිරීමේ සමත් ප්‍රහාරක අවි විශේෂයක් හදුන්වාදීමට ඇමරිකා නාවික හමුදාව සැරැසෙයි.

‘රේල් ගන්‘ ලෙස හැදින්වෙන මෙම අවි බලගැන්වෙන්නේ විදුලි බලයෙනි.සාම්ප්‍රදායික අවියක වෙඩි ඛෙහෙත් පුපුරුවා හැරීමෙන් උණ්ඩය ඉලක්කය කරා යවන කාර්යය කිරීමට මෙම අවියේ ඇත්තේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර ජනකයකි.සැපයෙන විදුලියෙන් කි්‍රයාත්මක වන මෙම ජනකයෙන් ඇති කරන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයේ උණ්ඩය තැබේ.  චුම්භක ක්ෂේත්‍රයේ තීව්‍රතාව අඩු වැඩි කිරීම මගින් එම උණ්ඩය ඉලක්කයන් කරා යොමුකළ හැකියැයි ඇමරිකා නාවික හමුදාව කියයි.

ශබ්දයේ වේගයට වඩා සත් ගුණයක් පමණ වන වේගයකින් මෙම අවියෙන් නිකුත් වන උණ්ඩයන් ගමන් කරන බව සදහන්ය.එවන් වේගයකදී එම උණ්ඩයන් සතු වන චාලක ශක්තිය කෙතරම්ද යත් එම ශක්තිය ඉදිරියේ ඉලක්ක විනාශ කිරීමට පෙර මෙන් උණ්ඩ වලට පුපුරණ ද්‍රව්‍ය යෙදීමටවත් අවශ්‍ය නොවනු ඇතැයි පැවසේ.

මෙම අවියෙන් නිකුත් වන උණ්ඩයක් අගල් භාගයේ වානේ තහඩු 6 ක් පසාරු කරගෙන යන අන්දම දැක්වෙන වීඩියෝවක්ද අන්තර්ජාලයට එක් කිරීමට ඇමරිකා නාවික හමුදාව කටයුතු කර තිබේ.

ගුවන්යානා,ප්‍රහාරක නෞකා,සන්නද්ධ රථ,මෙන්ම මිසයිල ප්‍රහාරයන්ද මර්දනය කිරීමට මෙම අවිය යොදාගැනීමට හැකිවනු ඇතැයි ඇමරිකා නාවුක හමුදාව පවසයි.



අදහස් (0)

වෙඩිබේත් විශ්‍රාම ගන්වයි?

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 242 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 201 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 566 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 75 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 83 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site