IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


විදේශික ළමුන් බහුතරයක් සිටි මිලානෝහි පාසලක පළමුවැනි ශ්‍රේණිය වසා දමලා

ඉතාලියේ මිලානෝ නගරයේ විදේශික සංක‍්‍රමණිකයන් බහුලව වෙසෙන ප‍්‍රදේශයක පිහිටි ප‍්‍රාථමික පාසලක පළමුවැනි ශ්‍රේණිය සඳහා ලියාපදිංචි කර ඇති ළමුන් 17 දෙනාගෙන් පහළොස් දෙනෙකු ම විදේශික දරුවන් වීම හේතුවෙන්, ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරියගේ උපදෙස් පරිදි මෙම ළමුන් නගරයේ වෙනත් පාසල් කීපයකට අනුයුක්ත කර, අදාළ පාසලේ පළමුවැනි ශ්‍රේණිය වසා දමා ඇත. ඉතාලි ජනරජ ව්‍යවස්ථාවට අනුව තමන් කැමති පාසලකට දරුවන් ඇතුළත් කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය අහෝසි කළ බවට චෝදනා නගමින්, උක්ත දරුවන්ගේ දෙමාපියන් විසින් අධ්‍යාපන අමාත්‍යවරියට හා මිලානෝ ප‍්‍රාදේශීය අධ්‍යාපන කාර්යාලයට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනුකරනු ලැබු ඇත. ඉතාලියේ නව ආරක්ෂක පැකේජයට අනුව පාසලක එක පන්තියකට ඇතුළත් කරගත හැක්කේ 30% ක උපරිමයක් දක්වා වන විදේශික සිසු සිසුවියන් සංඛ්‍යාවක් පමණක් බව ඉතාලි අධ්‍යාපන අමාත්‍යවරිය වන මරියා ස්ටෙලා ජෙල්මිනි මතක් කර දී ඇත. ඉතාලි ජාතික දරුවන් හා ඉතාලි පාසල්වල අධ්‍යාපනය ලබන විදේශික දරුවන් අතර දැඩි බැඳීමක් ඇති කිරීම හා පාඩම් කියා දීමේදී සිසු සිසුවියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ ඉඩකඩ ගුරුවරුන්ට ලබාදීම සඳහා, පාසලක එක පන්තියක් සඳහා විදේශික ළමුන් 30%ක උපරිමයක් දක්වා පමණක් ඇතුළත් කරගත යුතු බව ඉතාලියේ 2009 නව ආරක්ෂක පැකේජය යටතේ නීතිගතවී ඇත. එහෙත් මෙම වගන්තියට අනුව විදේශික සිසු සිසුවියන් ලෙස සැලකිය යුතුව ඇත්තේ, ඉතාලි අධ්‍යාපන මාධ්‍යය හරිහැටි නොදැන ඉතාලි පාසල් අධ්‍යාපනය සඳහා යොමුවන ඉතාලියේ නේවාසික විදේශික දරුවන්ය. වැඩි දුර කරුණු සොයා බැලීමේදී හෙළිවන්නේ, උක්ත පාසල් පළමුවැනි ශ්‍රේණිය සඳහා ලියාපදිංචි කර ඇති විදේශික දරුවන් යයි කියැවෙන ළමුන් පහළොස් දෙනාගෙන් ළමුන් දෙදෙනෙකු හැර ඉතිරි සියල්ලෝ ම විදේශික දෙමාපියන්ට දාව ඉතාලියේ උපත ලැබූ දරුවන් බවය. විදේශික සිසු සිසුවියන්ගේ ප‍්‍රතිශතය 30% ඉක්මවන පන්ති දෙදහසකට වැඩි ප‍්‍රමාණයක් ඉතාලිය පුරා පාසල්වල ඇති බව, වතිකානුව ආශ‍්‍රිත කරිටාස් සංවිධානය මගින් කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත. ඉතාලියට සංක‍්‍රමණය වූ විගස පාසල් අධ්‍යාපනය සඳහා යොමුවන විදේශික දරුවකුගේ ඉතාලි භාෂා දැනුමත්, විදේශික සම්භවයක් ඇතිව ඉතාලියේ උපත ලබා පාසල් අධ්‍යාපනය වෙත යොමුවන දරුවකුගේ ඉතාලි භාෂා දැනුමත් පිළිබඳව සලකා බලා, වැරදි අර්ථකථනයකට ඉඩ නොතබා පාසල් පන්තියක විදේශික ළමුන් සීමාව පිළිබඳව වගන්ති සකස් කළ යුතුව තිබුණි. අසාරධාරණයට පත් මෙම දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්වේච්ඡුාවෙන්ම ඉදිරිපත්වී සිටින ඉතාලි නීතීඥවරුන්ගේ මතය වන්නේ, ඉතාලියේ උපත ලබා ඉතාලියේම හැදුණු වැඩුණු මෙම ළමා පිරිස, වර්ණ විෂමතාව මත පමණක් පිහිටා ඉතාලි ජාතික ළමුන්ගෙන් වෙනස්ව සැලකීම ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවය. 2011-2012 අධ්‍යයන වර්ෂය සඳහා පළමුවැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල ප‍්‍රවේශය දක්වා පාඨමාලාවන් හැදෑරීමට ඉතාලි පාසල්වල ලියාපදිංචිව ඇති ළමුන් සංඛ්‍යාව හැත්තෑ අට ලක්ෂ තිස්දහසකි. (7830000) මේ අතර විදේශික රටවල් එකසිය අසූවකට වැඩි ප‍්‍රමාණයක පුරවැසි ළමුන් ලක්ෂ හතක් ද වෙති. යටියන - ක්ලැරන්ස් කොස්තා ෂෙසානෝ, රෝමය, ඉතාලිය.



අදහස් (0)

විදේශික ළමුන් බහුතරයක් සිටි මිලානෝහි පාසලක පළමුවැනි ශ්‍රේණිය වසා දමලා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කේට් කුමරිය යළි රාජකාරි අරඹයි
2024 සැප්තැම්බර් මස 19 14 0

පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ වන, වේල්


හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 650 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


බැට්මෑන්ට ’වෝක් ද ෆේම්’ තරුවක්
2024 සැප්තැම්බර් මස 18 72 0

බැට්මෑන් චරිතයට ’වෝක් ද ෆේම්’ Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින්


දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි
2024 සැප්තැම්බර් මස 18 2036 0

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.


හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 18 1995 4

ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො


ගගන සංචාරකයෝ ආපසු එති
2024 සැප්තැම්බර් මස 16 1569 0

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site