සය දින විදෙස් නිල සංචාරය අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යළි ඉන්දියාව බලා පැමිණියේය.
නවදිල්ලි අගනුවර අභිනවයෙන් ඉදිවුණු ඉන්දීය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීම මෝදි අතින් සිදුවීමට නියමිත අතර, ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් එම උත්සවය වර්ජනය නිරීමට තීරණය කර තිබේ.
මෙය අග්‍රාමාත්‍ය මෝදිගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පසුගිය සිකුරාදා ඉන්දියාවෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 23 වැනිදා ඕස්ටේ්‍රලියාවට පැමිණියේය. ඒ, ජපානයේ සහ පැපුවා නිව්ගිනියාවේ සංචාරය කිරීමෙන් පසුවය.
අග්‍රාමාත්‍ය මෝදි ජපානයේ හිරෝෂියා නගරයට ගියේ ජී7 සමුළුවට ආරාධිත රාජ්‍ය නායකයකු ලෙස සහභාගී වීමටය. හිරෝෂිමා නුවර පැවැති ‘ජී7’ සමුළුවේදී, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනෙක් රටවල් සමඟ සාමය, ස්ථාවරත්වය, සහ සෞභාග්‍ය සම්බන්ධයෙන් මෙන්ම ආහාර, පොහොර, බලශක්තිය, දේශගුණික විපර්යාස සහ පරිසරය සහ සංවර්ධනය සහයෝගීතාව සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා පැවැත්වීය.
ඉන් අනතුරුව පැපුවා නිව්ගිනියාවට පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු පැපුවා නිව්ගිනියාවට පැමිණි පළමු අවස්ථාව මෙය විය. පැපුවා නිව් ගිනියාවේ පැවැති ඉන්දු-ශාන්තිකර දූපත් සහයෝගීතාව සමුළු සම්මේලනයේ සම සභාපතීත්වය හෙබවූයේ ද මෝදිය.
පැපුවා නිව්ගිනියා සංචාර අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි නුවර බලා පැමිණියේය. ඕස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගෙන් මෝදි හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට රාජ්‍ය නායකයෝ දෙදෙනා සාකච්ඡා පැවැත්වූහ.
(එන්.ඩී.ටීවී.)
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විදෙස් සංචාර අවසන්: මෝදි ආපසු ඉන්දියාවේ