විරෝධතාකරුවෝ පන්සියයකට වැඩි පිරිසක් ඊයේ (22) ලිබියාවේ බෙන්ගාසී නුවර පිහිටි ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයට කඩා වැදුණහ. ගඩාෆි මරා ලිබියාවේ පාලනය අතට ගෙන සිටින්නේ ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයයි. විරෝධතාකරුවන් කඩා වැදුණු අවස්ථාවේදී ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයේ සභපති අබ්දුල් ජලීල් ද මූලස්ථානයේ සිටි බව පැවැසෙයි. විරෝධතාකරුවෝ අබ්දුල් ජලීල් වටකරගෙන ඔහුට බල කර සිටියේ වහාම සභාපති ධුරයෙන් ඉවත් වන ලෙසටය. කෙසේ නමුත් එම අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් වහා එහි පැමිණ ජලීල් එම ස්ථානයෙන් ඉවතට ගත් බව ද වාර්තා වේ. ලිබියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව රජයක් ස්ථාපිත කිරීමේ අරමුණින් තව නොබෝ දිනකින් මහ මැතිවරණයක් පැවැත්වීමට ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය සැරසෙයි. එහෙත් විරෝධතාකරුවන් චෝදනා කරන්නේ ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය තමන්ට වාසි වන අයුරින් එම මැතිවරණ පැවැත්වීමට සැරසෙන බවය. මේ අතර මුස්ලිම් ෂරියා නීතිය ලිබියාවේ ස්ථාපිත කරන්නැයි ඉල්ලමින්ද දහස් ගණනක් ඉස්ලාමීය බැතිමත්හු පෙරේදා (21) ටි‍්‍රපොලි අගනුවරත් බෙන්ගාසි නුවරත් දැවැන්ත ජන රැලි පැවැත්වූහ. එම ජන රැුලිය සංවිධානය කර තිබුණේ ලිබියානු ඉස්ලාමීය දේශපාලන කණ්ඩායම් සහ ආගමීක කණ්ඩායම්ය. කුරාණයේ පිටපත් අතින් ගත් තරුණ මහලූ බොහෝ දෙනකු එම රැලියට සහභාගී වූ බව වාර්තා විය.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විරෝධතාකරුවෝ ලිබියා පාලක මණ්ඩල මූලස්ථානයට කඩාවදිති
කුමාර Monday, 23 January 2012 12:30 PM
ගඩාෆිව මරා ඒ රජය පෙරළා කරගත් වැඩේට දැන් හොද පිළිතුරක් ලැබිලා. අපි වගේ පොඩි රටවලට ඉගෙන ගන්න තියෙන පාඩමක් මේක