වරාය නගරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූ නිරාකරණය කර ගැනීම සඳහා නව රජය හා ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ව්‍යාපෘතිය භාරව කටයුතු කරනා චයිනා කොමියුනිකේෂන්ස්,කන්ස්ට‍්‍රක්ෂන් කම්පනි ලිමිටඞ් (සිසීසීසී) පවසයි.
ව්‍යාපෘතිය සම්බන්ධ වාර්තා රජය වෙත ලබාදීමටත්,මේ දක්වා සිදුව ඇති කටයුතු විමර්ෂණය කිරීමට පූර්ණ සහය රජය වෙත දැක්වීමටත් කැමැත්තෙන් සිටින බව එම සමාගම කියයි.
සීසීසීසී සමාගම ලෝකයේ ඉදිකිරීම් සමාගම් අතර ඉහළ ස්ථානයක්ද හිමිකරගෙන සිටින්නක්ද වේ.
වරාය නගරය ඉදිකිරීම ශී‍්‍ර ලංකාවට අලූත් දෙයක් නොවන අතර එවැන්නක් සදහා මුල්ම යෝජනාව ඉදිරිපත්වූයේ 1998 වසරේදීය.එවක ව්‍යාපෘතිය සම්බන්ධ කටයුතු සිදුවූයේ සිංගප්පූරු සමාගමක් වන සෙස්නා යටතේ වන අතර 2004 වසරේදී අවසාන සැළසුම ඉදිරිපත් විය.නමුත් දැරිය යුතු වන අධික වියදම නිසාත්,වරාය නගරයට අනිවාර්යයෙන්ම අවශ්‍යවූ නව දිය කඩනයක් ඉදිකර නොතිබීම නිසාත් එය ලිපි ගොනුවකට පමණක් සීමාවුනි.
වාර්තා වන ආකාරයට මෙවර වරාය නගරය ඉදිකිරීමේ සැළසුම් කටයුතු ආරම්භවී ඇත්තේ 2010 වසරේදීය.ව්‍යාපෘතියෙන් පරිසරයට සිදුවිය හැකි බලපෑම,තාක්ෂණික කරුණු ආදිය වරාය අධිකාරියේ අධීක්ෂණය යටතේ විමර්ෂණ කර තිබෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයයි.ව්‍යාපෘතියෙන් සිදුවිය හැකි පාරිසරික බලපෑම පිළිඹද වාර්තාව ප‍්‍රසිද්ධ කෙරුණු අතර එයට ජනතාවගෙන් ලැබුණු අදහස් දැක්වීම්ද ඇතුළත් කර පසුව සම්මත කර ගැනුනි.
මෙයට අමතරව සිීසීසීසී සමාගම ඔවුන්ගේම යැයි පරිසර කළමණාකරණ සැළැස්මක්ද ඉදිරිපත් කර තිබී ඇත.විමර්ෂණයකින් පසු එයටද අනුමැතිය හිමිව තිබේ.
ව්‍යාපෘතියේ පෙර සූදානම් වීමේ කටයුතු වලට පමණක් ගතව තිබෙන කාලය වසර 4 කි.
හෙක්ටයාර 233 ක වපසරියක විහිදෙන වරාය නගරය ශී‍්‍රලංකාවේ කි‍්‍රයාත්මකව පවතින විශාලම පෞද්ගලික සංවර්ධන ව්‍යාපෘතියයි.එයින් විවිධ ක්ෂේත‍්‍ර වලට අයත් රැකියා 83000 ක් පමණ උපදිනු ඇතැයි අපේක්ෂිතය.ඉදිකිරීම් අවසාන වූ පසු වරාය නගරයේ ආයෝජන කටයුතු සදහා දෙස් විදෙස් ආයෝජකයින්ට අවස්ථාව ලබාදීමටද සැළසුම් කර කර තිබේ.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වරාය නගරය හදනවාද නැද්ද ?
දිලිප් Friday, 23 January 2015 06:19 AM
රට ඇතුලේ තියන තව බොහෝ කාලයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන් ගල් කියුබ් මිලියන 12ක් දානවට මම විරුද්ධ එකෙන් වෙන පරිසර හානිය මිලකළ නොහැකිය. ඕක ඔයතරම් ඕනනම් දැනට තියන දුපතක් සංවර්දනය කළහැකිය. (ර)
චන්දන Saturday, 24 January 2015 11:47 AM
කරුණාකරලා රටේ තියන කළුගල් ටික මුහුදට දාන්න එපා. ඕන නම් රට ඇතුලට සංවර්දනය ගෙනියන්න. වාහන තදබදයත් අඩු වේවි. මුහුද පුරවලා ඉඩම් හදන්න තරම් ඉඩම් අහේනියක් අපේ රටට නැහැ නේද? (නදී)
වීරසිංහ Friday, 23 January 2015 09:25 PM
අනේ අපි නම් මොකුත්ම කියන්නේ නැහැ (නි)
අජිත් Saturday, 24 January 2015 12:46 AM
මේක රටට ඉතාම වැදගත් ව්‍යාපෘතියක් කියලා තමයි මට නම් හිතෙන්නේ. අපි අනෙක් දියුණු රටවල් වලින් පාඩම් ඉගෙනගත යුතුයි. (නි)
හුසේන් Saturday, 24 January 2015 01:16 PM
මුහුදු පිරවිල්ලයි ගොඩ හෑරිල්ලයි දැන්වත් නතරකරන්න. ඕක නවත්වනවා කියලා පොරොන්දු දුන්නා නේද? කතාව විතරක් මදි. වැඩත් ඕනෑ. නැත්නම් දින 100 ඉතිහාසෙට යයි. (නි)
දුමින්ද Monday, 26 January 2015 09:49 AM
තිරසාර පරිසර හිතකාමී සංවර්ධනයක් කරා ගමන් කළ යුතුය (බ)
බන්දුසිරි Friday, 23 January 2015 09:01 AM
නගරයේ වාහන තදබදය තව වැඩිවෙන මේ වරාය නගරයට වඩා හොඳ නැද්ද වෙනත් නගර සංවර්ධනය කරල රාජකාරි කටයුතු සඳහා ඒ නගරවලට එන අයට පහසුකම් සැලසීම? (බ)
ප්‍රශාන්ත Monday, 26 January 2015 04:27 AM
හණමිටි අදහස්වල ඉන්න අයට වෙන පළාතක සිදුවෙන දේවල් වල වටිනාකමක් තේරෙන්නේ නැහැ (නි)
චන්දු Saturday, 24 January 2015 04:58 PM
රටක් දියුණු කරන්න නම් වරායවල්, පාරවල්, ගුවන් තොටුපළවල් හැදිය යුතුයි. රටට හොඳක් වෙනවා නම් අපි කැමතියි. (නි)
අමිත Saturday, 24 January 2015 08:53 PM
පටු දේශපාලන වාසිතකා කුමන රජයක් හෝ පෙර රජයක් ඇරඹූ ව්‍යාපෘතීන් හෝ වෙනත් ප්‍රතිපත්තීන් අහෝසි කිරීම රටට අවාසියක්. විධායක ජනපතිධුරය අහෝසි කිරීම හෝ වෙනත් එවැනි දෙයකට වඩා වැදගත් වන්නේ, රටට ජාතික ප්‍රතිපත්තියක් ඇතිකිරීමයි. දේශපාලකයන් එනවා යනවා. අහිංසක ජනතාව හැමදාමත් අසරණ වෙනවා. (නි)
දිලුම් Tuesday, 27 January 2015 03:37 AM
හැමදා එකතැන පල්වන රටක ඉන්න අපි කැමති නැහැ. (නි)
විකි Friday, 23 January 2015 10:40 AM
මීට වැඩ නරකද, මහජනතාවට වැඩක් වෙන දෙයක් කළා නම්(දිල්)
කීර්ති Wednesday, 28 January 2015 02:11 AM
හම්බන්තොට ගොඩබිම හාරලා වරායවල් හදපු රටක්නේ මේක. ජපානයට ගොඩබිම මදි නිසා ඒ අය මුහුද ගොඩකරනවා. අපිට ඉඩම් තිබුනත් කොමිස් මදි නිසා මුහුද ගොඩකරනවා. (නි)
දොන් Wednesday, 28 January 2015 09:05 AM
මේ ව්‍යාපෘතිය නවත්තන්න එපා. මේවගේ දේවල් රටට අවශ්‍යයයි. එහෙම නැත්නම් මේ රටට විදෙස් ආයෝජකයන්නට එන්න ඕනේ නැහැ. සංවර්දනය වුන රටකට ගියා නම් මේ වගේ දේවල් එපා කියන්නේ නැහැ. මම ඉන්නේ එහෙම සංවර්දනය උන රටක. ඒ රටවල මේ තත්වෙට ගේන්න ගොඩක් කැප කිරීම් කරලා තියෙනවා. අඩුම වශයෙන් ලංකාවේ අදිවේගී මාර්ග 2 යි තියෙන්නේ. යටිතල පහසුකම් දියුණු කරන්න ඕනේ රටක් දියුනු කරන්න නම්. ආයෝජකයෝ එන්නේ එතකොට. මේ වගේ ව්‍යාපෘති කලහම රටේ කී දෙනෙක්ට රැකියා හම්බවෙනවද. ලඟම තියෙන ඉන්දියාවට, චීනෙට ගිහින් බලන්න. ඒ රටවල් දියුණු කරන්න කොච්චර දේවල් කරනවද කියලා. ලංකාව හැම දාම එකම තැන තියේවි කිසිම දෙයක් කරන්නේ නැතුව හිටියහම. (නදී)
අතුල Sunday, 25 January 2015 02:39 AM
මත්තල ගුවන් තොටුපළ වැන්නක් නම් නොවේවා! (නි)
රංජිත් Saturday, 24 January 2015 06:32 AM
පුහු උද්දච්ච කමින් පිරුණු අපේ ජාතිය කවදාවත් ලෝකයත් සමග ඉදිරියට යන්නේ නැහැ. (නදී)
ප්‍රතිභා Friday, 23 January 2015 12:52 PM
මේවා අපේ රටට අවශ්‍ය දේවල් නෙමෙයි. මුලින්ම කළයුත්තේ පරිසරයට හානියක් නොවන විදිහට රටේ සෑම නගරයක්ම, ගමක්ම සංවර්ධනය කිරීමයි (නි)
දිශාල් Tuesday, 27 January 2015 05:13 AM
ලෝකය ගැන දන්නේ නැති අය කියන කතාවලට රැවටෙන්නේ නැතුව මේක ඉක්මටන හදන්න. සංචාරකයින්ට හොඳ අවස්ථාවක් මේක (නි)
මධූක Monday, 26 January 2015 11:56 AM
ලංකාවේ ඉන්නේ මී හරක් ටිකක් දියුණුව ගැන පටු විදියට හිතන්නේ (නදි)
සංජය Friday, 23 January 2015 01:47 PM
ජනගහනය වර්දනය වෙන තරමට ඉඩම් අවශ්‍යතාවය වැඩි වෙනවා. කොළඹ නගරයේ නාගරික කරණය වීමෙන් මේ වගේ ව්‍යාපෘති වැදගත්. පරිසරයට හානි උනත් වැඩි වෙන ජනගහනයට අවශ්‍ය නිවාස අහස උසට ඉදි කරනවා මෙන්න මේ වගේ ව්‍යාපෘතියත් ඉතා හොඳයි (නදී)
ජෝන් Sunday, 25 January 2015 06:42 AM
අපේ පැත්තට අවානම් මුහද ගොඩ කරන සල්ලි වලින් නගර දහයක් හදන්න ඉඩ දෙන්න තිබුණා .(දිල්)
චමින්ද Sunday, 25 January 2015 06:53 AM
ජනතාවට මෙහෙම ව්‍යාපෘතියක් උවමනා නැත , ඉල්ලුවෙත් නැත . උවමනා නම් අවශ්‍යතාව රටට ඉදිරිපත් කරන්න .(දිල්)
ලක්මාල් Sunday, 25 January 2015 07:19 AM
අපේ අනාගත පරපුර වෙනුවෙන් අපිට පරිසරය වටිනවා. අපේ ලංකාවේ කිසිම ඉඩම් අඩුවක් නැ. අනික හැමෝම කොළඹ නගරයේ ජීවත් වෙන්න ඕනේ කියල එකක් නැනේ? තව දෙයක් මේකේ ඉඩක් හිමිකරගන්න සාමාන්‍ය කෙනෙකුට කිසිදාක ඉඩ ලැබෙන්නේ නැ. (ර)
සමන් වන්නිආරච්චි Monday, 26 January 2015 02:26 PM
ඇමරිකන් හස්තය ක්‍රියාත්මක බව මැතිවරණයට පෙර මෙම ව්‍යාපෘතිය පිළිබඳ එවකට විරුද්ධ පක්ෂ නායක අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයකින් පැහැදිලිව දක්නට ලැබුණා. මෙම ඉදිකිරීම නතර කිරීමේ අවශ්‍යතාවය ඇත්තේ ඇමරිකන් හා ඉන්දියානුආණුඩුවලට. මේ රජය ඇමරිකානු හා ඉන්දියානු අවශ්‍යතාවය නියත වශයෙන්ම ඉටු කරනවා (අ)
රන්ජිත් Friday, 23 January 2015 03:33 PM
හදන නගරයේ නොවෙයි ප්‍රශ්නය තියෙන්නේ. මේ නගරයෙන් හෙක්ටයාර් 80 ක් පමණ මේක හදන චීන සමාගමට සින්නක්කරව ලියලා දීලා තියෙනවා. සමාගම අයත් රටවන චීනය කිව්වොත් මේ කොටසේ පාලනය චීනයේ නීතිවලට අනුවයි. මේක අයිති චිනයටයි කියලා. අපි මොකද කරන්නේ. ටිබෙටය අල්ලාගත්ත චිනාට මේ වැඩේ කරන එක එච්චර දෙයක් නොවෙයි. (නදී)
මුණගම Wednesday, 28 January 2015 04:15 AM
මෙම ව්‍යාපෘතියට කිසිසේත් ඉඩදිය යුතු නැහැ. ඉන් සිදුවන්නේ දැවැන්ත පරිසර හානියක්. අපේ ගොඩබිම් පරිසරය ඉවරයි. මෙය ඉදිකළොත් ධීවර කර්මාන්තයට සිදුවන්නේ කුමක්ද? අනෙක් අතට සාගර ජෛවීය පරිසරයට සිදුවන්නේ කුමක්ද? මේවා සංවර්ධනයේ ප‍්‍රමුඛතා ලැයිස්තුවේ අග කෙළවරටවත් සුදුසු නැහැ. එබැවින් මෙම ව්‍යාපෘතිය වහා නවතා දැමිය යුතුයි (නි)
චන්දු Sunday, 25 January 2015 09:16 AM
මෙවැනි ව්‍යාපෘති නොකෙරුවනම් ලෝකයේ අනෙකුත් දියුණු රටවලුත් තාම ලංකාව වගේ තමයි .කිසිම දියුණුවක් ලබන්න බැහැ.(දිල්)