ගී‍්‍රක අගමැති ජෝර්ජ් පපන්ඩි‍්‍රයෝ කෙරෙහි විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ඉකුත් සිකුරාදා (4) එරට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එයින් අගමැතිවරයාට ජය හිමිවිය. විවාදය ආරම්භයට පෙර අගමැති පපන්ඩි‍්‍රයෝ මැතිසබය අමතමින් කියා සිටියේ විශ්වාසය පළ කිරීමේ යෝජනාවෙන් තමා පරාජයට පත් වුවහොත් වහා අගමැති ධුරයෙන් ඉවත්ව යන බවත් ජයග‍්‍රහණය කළහොත් ගී‍්‍රක ජනාධිපති සහ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් සමඟ සන්ධාන ගත වන බවය. ඒ අනුව අගමැති පපන්ඩි‍්‍රයෝ පෙරේදා (5) ගී‍්‍රක ජනාධිපති කාලෝස් පපෝලියාස් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණි. ගී‍්‍රසිය උග‍්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින යුරෝපා රටකි. අගමැතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් විවාදයට ගැනීමට හේතු වූයේ ද එම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විසඳුමක් ලෙස යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහන පැකේජයට අගමැති පපැන්ඩි‍්‍රයෝ කැමැත්ත පළ කිරීම හේතුවෙනි. මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ගී‍්‍රක රජයට යුරෝපා සංගමයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන පැකේජය ලබා ගැනීමට සිදුව ඇති අතර එසේ කිරීමෙන් ගී‍්‍රක ජනතා සහන බොහෝ වශයෙන් කප්පාදුවට ලක් වේ. මීට විරෝධය පළ කරමින් ගී‍්‍රසියේ ප‍්‍රධාන නගර රැසක විරෝධතා පැවැත් වෙන අතර අගමැති පපන්ඩි‍්‍රයෝ වහා ධුරයෙන් ඉවත්ව යා යුතු යැයි විරෝධතාකරුවෝ බල කරති. ගී‍්‍රසිය, යුරෝපා සංගමයේ මෙන්ම යූරෝ මුදල් කලාපයේද රටක් වන අතර ගී‍්‍රක ආර්ථිකයේ කඩා වැටීම මුළුමහත් යුරෝපයටම බලපෑමක් එල්ල කරයි. එම නිසා යුරෝපයේ ප‍්‍රධානතම ආර්ථික බලවතුන් දෙදෙනා වන ජර්මනිය සහ ප‍්‍රංශය එක්වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට ගී‍්‍රසියට සහන පැකේජයක් ලබා දීමට තීරණය කළේය. ප‍්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසි සහ ජර්මන් චාන්සල් ඇන්ජෙලා මාකෙල්, ගී‍්‍රක අගමැති පපන්ඩි‍්‍රයෝට පවසා ඇත්තේ යුරෝපා සංගමය සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව ජනතා සහන කප්පාදු කර එම සහන පැකේජය ලබා ගන්නා ලෙසය. එසේ නොකරන්නේ නම් යුරෝපා සංගමයේ යූරෝ මූල්‍ය කලාපයෙන් ගී‍්‍රසිය ඉවත් කර ගන්නැයි ද සාර්කෝසි සහ මාකෙල් ගී‍්‍රක අගමැතිවරයාට දැනුම්දී තිබේ.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශ්වාසය පළ කිරීමේ යෝජනාවෙන් ගී‍්‍රක අගමැති පපන්ඩි‍්‍රයෝ ජයගනී