මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කීට වසර 24 කට පසු පෙරේදා (9) විදේශ ගමන් බලපත‍්‍රයක් හිමි විය. මියන්මාර රජය ඇයට එම ගමන් බලපත‍්‍රය ලබා දීමට කටයුතු කළේ ඇය, ලබන ජූලි මාසයේදී බි‍්‍රතාන්‍යයේත්, නෝර්වේ රාජ්‍යයේත් සංචාරය කිරීමට සූදානමින් සිටින නිසාය. මියන්මාරයේ ආඥාදායක පාලනයට එරෙහිව අහිංසාවාදී නිහඬ අරගලයක් කළ ඇය වසර 20 කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ පසුවූවාය. නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ හරය මුළු ලොවටම කියා දුන් සූ කී ඉකුත් අපේ‍්‍රල් පළමු වැනි දා මියන්මාර නව සිවිල් රජය පැවැත්වූ අතුරු මැතිවරණයෙන් ජය ගෙන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක ලෙස කටයුතු කරන්නීය. නිවාස අඩස්සියේ සිටි සූ කීට නිදහස ලැබුණේ මියන්මාර දේශපාලනයේ වෙනසක් ඇති වෙමින් තිබියදීය. හමුදා පාලනය අවසන් කරමින් මියන්මාරයේ පිහිටුවූ සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ඇති අතර සූ කී සහභාගී වූ එම අතුරු මැතිවරණය පැවැත්වූයේ ද එම දේශපාලන ප‍්‍රතිසංස්කරණවලට අනුවය. එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ විදේශවල ප‍්‍රශංසාවට ලක් වී ඇති අතර මියන්මාරයට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ද ඒ රටවල් කැමැත්ත පළ කර තිබේ. බි‍්‍රතාන්‍යයට පැමිණෙන්නැයි සූ කීට ආරාධනා කළේ පසුගිය අපේ‍්‍රල් 14 වැනිදා මියන්මාරයට පැමිණි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ය. බි‍්‍රතාන්‍යය සහ නෝර්වේ රටවල සංචාරය සූ කීට පෞද්ගලික වශයෙන් අතිශය වැදගත් වේ. ඇය බි‍්‍රතාන්‍යයට යන්නේ වසර ගණනාවකින් නුදුටු ඇගේ පුතුන් හා මෙතෙක් කිසිදාක දැක නැති ඇගේ මුනුපුරු මිණිපිරියන් බලන්නටය. සූ කී බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සරසවි උපාධිධාරිනියක වන අතර ඇය ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට යෑමට ද අදහස් කර ගෙන සිටින්නීය. සූ කීගේ සැමියා බි‍්‍රතාන්‍ය ජාතික ජාතික මයිකල් ඒරීස්ය. සූ කී ඔහු සමඟ විවාහ වූයේ 1972 වසරේදීය. මියන්මාරයට පැමිණ දේශපාලනයට සම්බන්ධ වී පසුව නිවාස අඩස්සියට පත් වූ හෙයින් රෝගාතුර වී මියගිය ඒරීස්ගේ අවමංගල්‍යයට පවා සහභාගී වීම සඳහාවත් මියන්මාරයෙන් පිට වන්නට ඇයට අවසර නොලැබිණි. නෝර්වේ සංචාරය ද ඇයට ඉතා වැදගත් වේ. ඇය එම නෝර්වේ ගමන යෑමට නියමිතව තිබුණේ 1991 වසරේදීය. මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමෙහිලා සාමකාමී අරගලයක යෙදීම නිමිත්තෙන් සූ කී 1991 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. නිවාස අඩස්සියේ සිටි නිසා එම සම්මාන ප‍්‍රදාන උළෙලට සහභාගි වීමට මියන්මාර් පාලනයෙන් ඇයට අවසර ලැබුණේ නැත. ඒ සඳහා සහභාගි වූයේ එවකට එංගලන්තයේ විසූ, 18 හැවිරිදි ඇලෙක්සැන්ඩර් හා 14 හැවිරිදි කිම් යන පුතුන් දෙදෙනාය. මෙවර ඇය නෝර්වේ රටේ ඔස්ලෝ අගනුවර බලා යන්නේ ඇය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමේ විශේෂ උළෙලක් නොබෙල් සාම කමිටුව විසින් සංවිධානය කර ඇති නිසාය. වාර්ෂිකව නොබෙල් සාම ත්‍යාග ප‍්‍රදානය කරන ඔස්ලෝ පුරහලේදී ඇයට සාම්ප‍්‍රදායිකව එම ත්‍යාගය පිරිනැමීමට තමන් සූදානමින් සිටින බව නොබෙල් කමිටුව පවසා ඇත.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වසර 24 කට පසු සූ කීට විදේශ ගමන් බලපත‍්‍රයක්
අනුර Thursday, 10 May 2012 08:13 PM
ුඅය නියම නායිකාවක්
සේනානායක Thursday, 10 May 2012 11:45 PM
මා ප්‍රියකරන චරිතයක්. ඔබට ජය වේවා