IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


වසර 27 කට පසු දිල්ලිය මෝදිට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ බලය වසර 27 කට පසු භාරතීය ජනතා පක්ෂය සතු විය. ඒ, පසුගිය 5 වැනිදා පැවැති දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණය ජය ගනිමිනි.

පසුගිය වසර 10 ක කාලය පුරාවට, දිල්ලි ප්‍රාන්තය, දූෂණ විරෝධී ක්‍රියාකාරී අරවින්ද් කෙජ්රිවාල්ගේ ‘ආම් ආද්මී’ (පොදු මිනිසා) පක්ෂයේ බලකොටුව විය.

ආසන 70 කින් සමන්විත දිල්ලි ප්‍රාන්ත සභාවේ බහුතරය සඳහා ආසන 36 ක් දිනා ගැනීම කළ යුතු වූ අතර, මැතිවරණ ප්‍රතිඵල ඊයේ (8) නිකුත් වෙද්දී, භාරතීය ජනතා පක්ෂයට ආසන 48 ක් දිනා ගෙන තිබුණි. කෙජ්රිවාල් සහ ඔහුගේ ‘ආම් ආද්මී’ පක්ෂයට දිනා ගැනීමට හැකි වී තිබුණේ ආසන 22 ක් පමණි.

දිල්ලි ප්‍රාන්තයේ බලය තම පක්ෂය සතු වීම, ලැබූ අති විශිෂ්ට  ජයග්‍රහණයක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයකින් පැවැසුවේ, ඡන්දය දුන් සහ නොදුන් සැමට ස්තුති කරමිනි.

පසුගිය වසර 10 ක් තිස්සේ රැකගත් බලය අහිමි වීම, ‘ආම් ආද්මී’ පක්ෂය පමණක් නොව, එහි නායක අරවින්ද් කෙජ්රිවාල් ද ලැබූ දැවැන්ත පරාජයක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

‘ආම් ආද්මී’ පක්ෂය ‘ඉන්දියා’ යන නමින් හැඳින්වෙන ඉන්දීය විපක්ෂ සන්ධානයේ හවුල්කාර පක්ෂයකි. ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානයට නායකත්වය දෙන්නේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොංග්‍රස්’ පක්ෂයයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

වසර 27 කට පසු දිල්ලිය මෝදිට

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ඇමෙරිකානුවන්ගේ බදු මුදල් ගිල්ල USAID
2025 පෙබරවාරි මස 09 16 0

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ, විශිෂ්ට ජනවරමකිනි. මුල් තැන දිය යුත්තේ ඇමෙරිකාවට බවත්, ඇමෙරිකානුවන්ට බවත් ට්‍රම්ප් තදින


කඩා වැටුණු යානයේ සුන්බුන් හමුවෙලා
2025 පෙබරවාරි මස 09 43 0

ඇලෙස්කාවේදී අනතුරට ලක් වී කඩා වැටුණු කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට, මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ඇලෙස්කාව යනු ඇම


ප්‍රබල භූමි කම්පාවකින් කැරිබියානු දූපත් කැලඹේ
2025 පෙබරවාරි මස 09 809 0

කැරිබියානු දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ බවය.


ට්‍රම්ප්ගේ බලකිරීම්වලට යටත් වෙන්නේ නෑ - ඉරානය
2025 පෙබරවාරි මස 09 36 0

ඇමෙරිකාව සමඟ ඕනෑම ආකාරයකට සාකච්ඡා කරන්න ඉරානය සූදානම් බව ඉරානය පවසයි. එසේ වුවත්, ඉරානයට දැඩි පීඩනයක් එල්ල කරමින්, ඉරානය මර්දනය කිරීමට බලාපොරොත්තු වෙනව


වසර 27 කට පසු දිල්ලිය මෝදිට
2025 පෙබරවාරි මස 09 621 0

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ බලය වසර 27 කට පසු භාරතීය ජනතා පක්ෂය සතු විය. ඒ, පසුගිය 5 වැනිදා පැවැති දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණය ජය ගන


ට්‍රම්ප්ගේ USAID තහනමට අධිකරණය හරස් වෙයි
2025 පෙබරවාරි මස 09 947 0

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සේවකයන් 2,200ක් වැටුප් සහිත නිවාඩු මත තැබීම සඳහා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් විධායක නියෝගයට ඇමෙරිකන් අධි


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 48 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 110 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 852 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site