IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ෂාරුක් ගුවන්තොටේ රඳවා ගත්තාට ඉන්දියාවෙන් ඇමෙරිකාවට දොස්

සැක කටයුතු අයකු යැයි පවසමින්, සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන් මැන්හැටන් නුවර ගුවන් තොටුපොළකදී පැය දෙකකට ආසන්න කාලයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජය ඇමෙරිකාවට දැඩි ලෙස දොස් පවරයි. ඇමෙරිකා ආගමන විගමන නිලධාරීන් විසින් ඉකුත් සිකුරාදා (13) ෂාරුක් රඳවා ගනු ලැබ ඇත්තේ මැන්හැටන් නුවරට නුදුරින් පිහිටි වයිට් පාල්ම්ස් නමැති කුඩා ගුවන් තොටුපොළේදීය. ෂාරුක්, ඇමෙරිකාවට ගියේ යේල් විශ්ව විද්‍යාලයේ දේශනයක් පැවැත්වීම සඳහාය. ඒ, විශ්ව විද්‍යාල බලධාරීන්ගේ ආරාධනාවක් පිළිගනිමිණි. ඔහු වයිට් පාල්ම්ස් ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ නීටා ඇම්බානී සමඟ පෞද්ගලික ගුවන් යානයකිනි. නීටා අම්බානී සුප‍්‍රකට ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානීගේ බිරියයි. අම්බානී යුවළගේ දියණිය යේල් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක ද වෙයි. ඉන්දියාවේ සිට වයිට් පාල්ම්ස් ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ෂාරුක්, නීටා ඇම්බානී ඇතුළු සෙසු පිරිස ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. එහෙත් මිනිත්තු කීපයකින් ෂාරුක් හැර සෙසු පිරිසට ගුවන් තොටුපොළින් පිටවීමට අවසර ලැබී ඇත. ආගමන විගමන නිලධාරීන් ෂාරුක් රඳවා ගනිමින් ප‍්‍රශ්න කර ඇති අතර, ඔහු මුදා හැර ඇත්තේ ඇමෙරිකාවේ ඉන්දීය තානාපති කාර්යාලය ඊට මැදිහත් වීමෙන් පසුවය. සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකා ආගමන විගමන කාර්යංශය ඇමෙරිකාවේ ඉන්දීය තානාපති කාර්යාලය හරහා ඉන්දීය රජයට ලිපියක් යවමින් සමාව ඉල්ලා ඇති නමුත් ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.එම්. කි‍්‍රෂ්ණා ඊට ප‍්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ එම ‘සමාව ඉල්ලීම’ පිළිගත නොහැකි බවත් එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට කටයුතු කළ යුතු බවත්ය. ෂාරුක්, 2009 වසරේදී ද මෙවැනිම අත්දැකීමකට මුහුණ දුන්නේය. එම අවස්ථාවේ ඔහු පැය ගණනක් රඳවාගෙන ප‍්‍රශ්න කළේ නිව්යෝක් නුවර ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයයි. එම අවස්ථාවේදී ෂාරුක් ඇමෙරිකාවට ගියේ ඔහුගේ ‘මයි නේම් ඊස් ඛාන්’ නමැති චිත‍්‍රපටයේ කටයුතු වෙනුවෙනි. ‘මයි නේම් ඊස් ඛාන්’ චිත‍්‍රපටයේ ෂාරුක් පණ පොවන්නේ රිස්වාන් ඛාන් නමැත්තාගේ චරිතයටයි. චිත‍්‍රපටයේ කතාවට අනුව රිස්වාන් ඛාන් ද ඇමෙරිකන් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වේ. ඒ, ඔහු මුස්ලිම් ජාතිකයකු වීමත් අල් කයිඩා සංවිධානයේ සාමාජිකයකු යැයි සැක කිරීමත් නිසාය. යේල් විශ්ව විද්‍යාලයට ගොස් එහි දේශනය පවත්වමින් ෂාරුක් පෙරේදා රාති‍්‍රයේ කියා සිටියේ තමා සුපිරි නළුවකු වුවත් තමා ගැන නොදන්නා අය ද සිටීම ගැන සතුටට පත්වන බවය. සුපිරි රංගන ශිල්පියකු ලෙස නමක් දිනා සිටින තමාට සාමාන්‍ය පුද්ලයකු වීමට අවස්ථාව ලැබීම ගැන ඇමෙරිකා ආගමන විගමන දෙපාර්තමේන්තුවටත් ආරක්ෂක අංශවලටත් ස්තුති කිරීමට ද ෂාරුක් එම අවස්ථාවේදී අමතක නොකළේය.



අදහස් (0)

ෂාරුක් ගුවන්තොටේ රඳවා ගත්තාට ඉන්දියාවෙන් ඇමෙරිකාවට දොස්

අලිබබා Monday, 16 April 2012 01:16 PM

ෂාරැක්කාන් ගුවන්තොටුපලේ රදවාගෙන පුශ්නකිරිම ගැන අපිකණගාටු වෙනවා. නමුත් ඉන්දියාව ඇමරිකාවට කඩේ යන නිසා අපි ඒ ගැන සතුටුවෙනවා.

:       0       0

හසිත Wednesday, 18 April 2012 09:27 AM

ෂාරුක් කියන මනුස්සයා රත්තරන් මනුස්සයෙක් එයාට කරදර කරන්න හරිම නෑනේ !!!!!!!!!!!!!!!

:       0       0

මනෝජ් Monday, 16 April 2012 12:13 PM

වැඩි කල් යන්න කලින් ඇමරිකාව දැනගනීවි ශාරුක් කවුද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 925 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 499 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 123 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8390 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 153 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 234 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site