IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සූ කී නෝර්වේ ඔස්ලෝ නුවරට

මියන්මාර විපක්ෂ නායිකාව මෙන්ම එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව ද වන අවුන් සාන් සූ කී අද (15) නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරට පැමිණීමට නියමිතය. 1991 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය ඇයට පිරිනැමුණු අවස්ථාවේදී, ඇය නිවාස අඩස්සියේ සිටි හෙයින් එය ලබා ගැනීමට නොහැකි වූ නිසා ඇයට එය යළි පිරිනැමීමට විශේෂ උත්සවයක් හෙට (16) ඔස්ලෝ නුවරදී පැවැත්වේ. සූ කීගේ මෙම සංචාරයේ අරමුණ එම උත්සවයට සහභාගී වී එම ත්‍යාගය ලබා ගැනීමය. නොබෙල් සාම ත්‍යාග වාර්ෂිකව ප‍්‍රදානය කරන ඔස්ලෝ පුරහලේදීම සාම්ප‍්‍රදායානුකූලව එම ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්වීමට නොබෙල් කමිටුව සූදානමින් සිටී. 1991 වසරේ සාම ත්‍යාගය ලබා ගැනීමට සූ කීට නෝර්වේ බලා යෑමට නොහැකි වූයේ ඇය හමුදා පාලකයන්ගේ අණ පරිදි නිවාස අඩස්සියේ සිටීම නිසාය. එම නිසා ඔස්ලෝ නුවර පැවැති උත්සවයට සහභාගි වූවෝ එවකට එංගලන්තයේ විසූ, ඇගේ සැමියාත්, 18 හැවිරිදි ඇලෙක්සැන්ඩර් හා 14 හැවිරිදි කිම් යන පුත්තු දෙදෙනාත්ය. ඇයට සාම ත්‍යාගය පිරිනැමුණේ මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සාමකාමී අරගලයක යෙදීම ඇගැයීමට ලක් කරමින්ය. සූ කී, නෝර්වේ රාජ්‍යයට පැමිණෙන්නේ යුරෝපා සංචාරයක් අතරතුරේදීය. ඇය එම සංචාරය ඇරැුඹුවේ පෙරේදා (13) ය. මියන්මාරයේ යැංගොන් නුවරින් පිටත් වූ ඇය ඊයේ (14) පළමුවෙන්ම පැමිණියේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරටය. ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමුළුව අමතමින් ඇය විශේෂ දේශනයක් ද පැවැත්වූවාය. අද දිනයේ ඔස්ලෝ නුවරට පැමිණෙන සූ කී නෝර්වේ අගමැති යෙන් ස්ටොන්ලෙන්බර්ග් හමුවීමට නියමිතය. වසර විසි ගණනක් තිස්සේ නිවාස අඩස්සියේ සිටි සූ කී නිදහස ලබා මියන්මාර නව රජයේ මන්තී‍්‍රවරියක වශයෙන් ද තේරී පත්ව සිටින්නීය.  ඇයට මන්තී‍්‍ර ධුරය හිමිවූයේ මියන්මාර නව සිවිල් රජය හඳුන්වා දුන් නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ යටතේ පැවැත්වුණු අතුරු මැතිවරණයකදීය. විපක්ෂ නායිකාව ලෙස ඇය වසර 24 කට පසු පළමු විදෙස් සංචාරය අරඹමින් පළමුවෙන්ම ගියේ පසුගිය දිනෙක තායිලන්තයේ බැංකොක් අගනුවර පැවැති ආසියා රටවල ආර්ථික සමුළුවට සහභාගී වීමටය. නිවාස අඩස්සියේ සිටි නිසා 1991 වසරේ සූ කී ට පැමිණීමට ඉඩ නොලැබුණු හෙයින්, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී, ඇගේ සැමියා වූ මයිකල් ඒරීස් ද (මැද), ඇලෙක්සැන්ඩර් (වමේ) සහ කිම් (දකුණේ) යන පුතුන් දෙදෙනා සූ කීට පිරිනැමුණු නොබෙල් සාම ත්‍යාගය ලබා ගත් අවස්ථාව. සූ කී ගේ සැමියා වූ මයිකල් ඒරීස් බි‍්‍රතාන්‍ය ජාතිකයෙකි. 1997 දී පුරස්ථි ග‍්‍රන්ථි පිළිකාවකින් ඔහු මියගියේය. සැමියාගේ අවමංගල්‍යයටවත් සහභාගී වීම සඳහා රටින් පිටවීමට හමුදා පාලකයෝ සූ කීට ඉඩ නොදුන්හ. සූ කී මියන්මාරයේ යැංගොන් නුවරින් පිටව යද්දී...  



අදහස් (0)

සූ කී නෝර්වේ ඔස්ලෝ නුවරට

චන්දු Saturday, 16 June 2012 03:27 PM

සුභ පැතුම් !!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 951 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 559 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 135 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8416 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 161 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 242 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 413 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 268 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 423 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site