IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


සැඟවී සිටින ගඩාෆි ප‍්‍රහාරයකට සැරසෙනවා

කැරැලිකරුවන් ටි‍්‍රපොලි අගනුවර අත්පත් කරගත් අවස්ථාවේදී සැඟවුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි සැඟවී සිට කැරැලිකරුවන්ට එරෙහිව ප‍්‍රහාරයක් සැලැසුම් කරන බව ඔහුගේ ප‍්‍රකාශක මූසා ඊබ‍්‍රහීම් පවසයි. ගඩාෆි මෙන්ම මූසා ඊබ‍්‍රහීම් ද කැරැලිකරුවන්ගෙන් බේරී සැඟවී සිටින්නෙකි. ඊබ‍්‍රහීම් මේ බව කියා සිටියේ රොයිටර් පුවත් සේවය සමඟ චන්ද්‍රිකා දුරකතනයක් හරහා සම්බන්ධ වෙමිනි. ”නායකතුමා හොඳින් ඉන්නවා. ඔහුගේ චිත්ත ධෛර්යය හීන වී නැහැ. ඒ වගේමයි ඔහු තවමත් ඉන්නේ ලිබියාවේ” යැයි ඊබ‍්‍රහීම් පවසයි. ලිබියා කැරැලිකරුවන් සහ ගඩාෆි හමුදා අතර සටන දීර්ඝ කාලයක් තිස්සේ පවතිනු ඇති බව ද ඊබ‍්‍රහීම් වැඩිදුරටත් කියා සිටියේය. ”ලිබියාවේ වැඩි බලයක් තවමත් තිබෙන්නේ අප සතුවය. උතුරු වෙරළ තීරය, බටහිර පළාත් සහ දකුණු දිග පළාත් තවමත් ඇත්තේ අප යටතේයි. දහස් ගණනක් ලිබියානුවන් ස්වේච්ඡාවෙන්ම අප සමඟ එක්වී ආයුධ ඇතැතිව සිටිනවා” යැයි ද ඊබ‍්‍රහීම් කීවේය. මේ අතර ලිබියා කැරැලිකරුවන් නියෝජනය කරන ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය කියා සිටියේ මූසා ඊබ‍්‍රහීම් ලිබියාවේ බානි වාලීඞ් කාන්තාර නගරයේ සැඟවී සිටින බවට තොරතුරු හෙළි වී ඇති බවය.

ටියුනිස් නුවරදීය (රොයිටර්)



අදහස් (0)

සැඟවී සිටින ගඩාෆි ප‍්‍රහාරයකට සැරසෙනවා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කේට් කුමරිය යළි රාජකාරි අරඹයි
2024 සැප්තැම්බර් මස 19 14 0

පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ වන, වේල්


හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 612 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


බැට්මෑන්ට ’වෝක් ද ෆේම්’ තරුවක්
2024 සැප්තැම්බර් මස 18 72 0

බැට්මෑන් චරිතයට ’වෝක් ද ෆේම්’ Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින්


දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි
2024 සැප්තැම්බර් මස 18 2036 0

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.


හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 18 1994 4

ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො


ගගන සංචාරකයෝ ආපසු එති
2024 සැප්තැම්බර් මස 16 1569 0

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site