පාකිස්තානයේ ගෝති‍්‍රක ප්‍රදේශවල සැඟවී සිටින ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, නියමුන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකානු රජයට පාකිස්තාන රජයෙන් අවසර ලැබී ඇතැයි ඇමෙරිකාවේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත ඊයේ (8) අනාවරණය කළේය.
පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වී, ඇෆ්ගන් - පාකිස්තාන දේශසීමාවේ ගෝති‍්‍රක ප්‍රදේශවල සැඟවී සිටින තලේබාන් සහ අල් කයිඩා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් පහරදීමට පාකිස්තාන සහ ඇමෙරිකානු රජය අතර ‘රහස් ගිවිසුමක්’ 2004 වසරේ දී අත්සන් කර ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.
එම ගිවිසුම අත්සන් කර ඇත්තේ පාකිස්තානයේ අයි.එස්.අයි. සහ ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශවල මෙහෙයවීමෙන් යැයි ද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.
පාකිස්තාන රජය ඇමෙරිකාවට එම අවසරය ලබා දී ඇත්තේ ඔවුන්ට ‘හිසරදයක්’ වූ තලේබාන් සටන්කාමී නායකයකු ඇමෙරිකානු හමුදා ඝාතනය කිරීමට සමත් වූ නිසා යැයි ද එම වාර්තා වේ සඳහන් වේ.
එම රහස් ගනුදෙනුවට අනුව ගෝති‍්‍රක ප්‍රදේශවලින් රට ඇතුළට පැමිණීමට ඩ්‍රෝන යානාවලට හැකියාවක් නැත.
පාකිස්තාන රජය අවසර දී ඇත්තේ ගෝති‍්‍රක ප්‍රදේශවල තලේබාන් සහ අල් කයිඩා සටන්කාමීන්ගේ පුහුණු කඳවුරු සහ තිප්පොලවලට පහර දීමට පමණි.
ඉන්දු කාශ්මීරයේ සිටින ඉන්දියාවට තර්ජනයක් වන කාශ්මීර සටන්කාමීන් සිටින ප්‍රදේශවලට මෙන්ම පාකිස්තානයේ න්‍යෂ්ටික බලාගාරවලට හෝ ළං වීමට ද ඇමෙරිකානු ඩ්‍රෝන යානාවලට පාකිස්තාන රජයෙන් අවසර හිමි වී නැත.
මෙම රහස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාකිස්තාන රජය හෝ ඇමෙරිකානු රජය හෝ කිසිදු ප්‍රකාශයක් කර නැත.
මේ අතර නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ‘ඝාතන’ වහා නතර කරන්නැයි ඇමෙරිකානු රජයට බල කරමින් ඉකුත් හතර වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර දැවැන්ත විරෝධතාවක් ද පැවැත්විණි.
එම විරෝධතාව සංවිධානය කළේත් ඊට සහභාගී වූයේත් ඇමෙරිකානු සාම කි‍්‍රයාකාරීන්ය. සී.අයි.ඒ. බුද්ධි අංශය සහ ඇමෙරිකානු හමුදාව විදේශවල ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන ප්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළින්ම විරෝධතාවක් හටගත් ප්‍රථම අවස්ථාව එය විය.
ලන්ඩන් නුවර පාදක කර ගත් ගවේෂණාත්මක මාධ්‍ය ආයතනය එළිදැක්වූ වාර්තාවක දැක්වෙන්නේ ඇමෙරිකා හමුදා පාකිස්තානයේ ගෝති‍්‍රක ප්‍රදේශවල සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර 366 කින් 3,581 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි. එයින් 884 දෙනෙක් සිවිල් වැසියෝ වෙති.
මේ වසර මුලදී දෙවැනි ධුරය ආරම්භ කළ අවස්ථාවේදී ජනාධිපති බැරැුක් ඔබාමා කියා සිටියේ ලබන වසරේ එනම් 2014 දී ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමෙන් පසු ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ කි‍්‍රයාත්මක සටන්කාමීන් ගැන වැඩි අවධානයක් යොමු කරන බවය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සටන්කාමීන්ට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන්න පාකිස්තානය ඇමෙරිකාවට අවසර දීලා