‘කොවිඩ් 19’ වයිරසය සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.
තවමත් ලොව පුරා එක් සතියකට ‘කොව්ඩ්19’ ආසාදනය වීමෙන් 1,700 ක පිරිසක් මියයන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේය.
රටවල් බොහොමයක ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ අඩු ප්‍රවණතාවක් දකින්න ලැබෙන බවත්, දිගටම වයිරසය අඩපණ කිරීමට නම්, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අවශ්‍ය බවත් ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස්, මාධ්‍ය හමුවේ දී ලෝ වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට නිපදවූ ප්‍රධාන පෙළේ ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් වන්නේ ‘ෆයිසර්’ සහ ‘ඇස්ට්‍රාසෙනකා’ යන එන්නත්ය.
ලේ කැටි ගැසීම් සහ තවත් දරුණු ආකාරයේ අතුරු ආබාධ රැසක් ඇතිවන බව අධිරණය හමුවේ තහවුරු වීමත් සමඟ මෙම එන්නත් භාවිතය ගැටලුවක් වී තිබේ. ලොව පුරා බෙදා හරින ලද ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත් යළි ගෙන්වීමට ද ‘ඇස්ට්‍රාසෙනකා’ සමාගම තීරණය කර ඇත.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සතියකට 1,700 ක් ‘කොව්ඩ්’ වලින් මැරෙනවා
Deepal Nirosh Friday, 12 July 2024 08:28 AM
ම්... මෙහෙම ලෙඩක් අපේ රටේ තිබුණ ද? අපිට නම් මතක නැහැ. හරි.. මේ 1700ට අයිති අපේ රටේ කවුරුවත් නැහැ නෙව.