මැලේසියාවේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සාධාරණ ලෙස පැවැත්වීමට මැතිවරණ නීති සකස් කරන්නැයි රජයට බල කරමින් ක්වාලාලාම්පූර් අගනුවර පෙරේදා (28) දැවැත්න විරෝධතා පෙළපාළියක් පැවැත්වුණු අතර 25,000 කට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ.
විරෝධතාකරුවන් පලවා හැරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවීමට රජය පියවර ගත් අවස්ථාවේදී කෝපයට පත් විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුමක් හට ගත් බව වාර්තා වේ. එයින් පොලිස් නිලධාරීන් තිදෙනකු සහ විරෝධතාකරුවන් පස් දෙනකු තුවාල ලැබූ බව රෝහල ආරංචි මාර්ග පවසයි.
විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලිසිය බැටන් පොලූ, කඳුළු ගෑස් සහ රසායන දියර මුසු කළ ජල ප‍්‍රහාර ද එල්ල කළේය. පුද්ගලයන් හාරසිය හැත්තෑ එක් දෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
එම විරෝධතාව පැවැත්වූයේ ද නගරයේ මහජන රැස්වීම් පැවැත්වීම තහනම් කර ඇති අවස්ථාවකදීය.
සිවිල් නිදහස පුළුල් කරන බවට මැලේසියා අගමැති නජීබ් රාසක් ලබා දී ඇති පොරොන්දුව එම තහනම නිසා කඩ වී ඇතැයි විරෝධතාකරුවෝ චෝදනා කරති.
පෙළපාළිය ආරම්භ වූ අවස්ථාවේදීම පොලිසිය මාර්ග බාධක යොදා ක්වාලාලාම්පූර් නුවර නිදහස් චතුරස‍්‍රයට පිවිසෙන මාර්ග අවහිර කළේය. විරෝධතාකරුවන් උත්සාහ ගත්තේ නිදහස් චතුරස‍්‍රයට පැමිණීමටය.
එම විරෝධතාව සංවිධානය කර තිබුණේ මැලේසියා විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. අගනුවර පැවැති විරෝධතාවලට අමතරව තවත් ප‍්‍රධාන නගර කිහිපයකද විරෝධති පැවැත්වුණු බව වාර්තාවේ.
”අගමැති නජීබ් රාසක්ට අප කියන්නේ එක පණිවුඩයයි. ඔහු පිරිසුදු ඡන්දයක් පැවැත්විය යුතුයි.” විරෝධතාවට එක්ව සිටි මැලේසියානු විපක්ෂ නායක අන්වර් ඊබ‍්‍රහීම් පැවැසීය.
මේ අතර මැලේසියා රජය ඊයේ (29) කියා සිටියේ අත්අඩංගුවට ගත් හාරසිය හැත්තෑ එක් දෙනා නිදහස් කිරීමට කටයුතු කළ බවය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සාධාරණ මැතිවරණයක් ඉල්ලා මැලේසියානුවෝ වීදි බසිති