‘සැන්ඩි’ සුළි කුණාටුවෙන් සිදුවූ හානිය දැක ගැනීමට ඇමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා ඊයේ (1) උදෑසන නිව්ජර්සි ජනපදයේ සංචාරයක යෙදුණේය. සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූයේ ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රාන්තවලටය. ඒ අතරින් නිව්යෝර්ක් සහ නිව්ජර්සි යන ජනපද ඉතා දරුණු ලෙස බැට කෑවේය. ජනපති ඔබාමා නිව්ජර්සි ප්‍රාන්තයේ සංචාරය කරමින් සිදුවූ හානිය නිරීක්ෂණය කළ අතර, විපතට පත් වූවන් හමුවී ඔවුන්ගේ සැප දුක් විමසා බැලීමට ද අමතක නොකළේය. විපතට පත් වූවන් අමතමින් ඔබාමා කියා සිටියේ ‘ඔබ වෙනුවෙන් අප ඉන්නවා. අප ඔබ තනි කරන්නේ නැහැ’ කියාය. එම සංචාරයට ඔබාමා සමඟ නිව්ජර්සි ප්‍රාන්ත ආණ්ඩුකාර කි‍්‍රස් කි්රස්ටී ද එක් ව සිටියේය. ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 6 වැනිදාය. ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස ඔබාමා ඊට ඉදිරිපත් වෙයි. ඉකුත් 30 වැනිදා ‘සැන්ඩි’ සුළි කුණාටුව නිව්යෝක් නුවරට කඩා වැදීමත් සමඟ මැතිවරණ කටයුතු වහා නවතා දැම්මේය. එම අවස්ථාවේ ඔහු සිිටියේ ෆ්ලොරීඩා ප්රාන්තයේය. සහන සේවා කටයුතු අධීක්ෂණය කිරීමට ඔබාමා වහා වොෂින්ටන් අගනුවරට පැමිණියේය. ජනපතිවරණයට ඉදිරිපත් වන ඔබාමාගේ ප්‍රතිවාදියා වන රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි ද සිය ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු අත්හිටුවා ඇති අතර මේ වනවිට ඔහු සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට සහනාධාර බෙදා දීමේ කටයුතුවල නියැළී සිටී. නිව්ජර්සි ජනපදයේ පීඩාවට පත් ජනතාව හමුවීමට පෙර ඔබාමා, නිව්ජර්සි ජනපදයේ ආපදා කළමණාකාර දෙපාර්තමේන්තුවට ගොස් එහි ප්‍රධානීන් හමුවී සහන සේවා සිදුවන අයුරු විමසා සිටියේය. ඇතැම් දේශපාලන විචාරකයන් පවසන්නේ ලබන 6 වැනිදා පැවැත්වෙන ජනපතිවරණයේ ජයග්‍රහණය තීරණය කිරීමට ‘සැන්ඩි’ සුළි කුණාටුව සමත් වනු ඇතැයි කියාය. මැතිවරණ කටයුතු නවතා දැමූ බව කීවත් ඔබාමා සහ ප්‍රතිවාදී අපේක්ෂක රොම්නි ඡන්ද වාසි ලබා ගැනීමේ අරමුණින් විපතට පත්වූවන්ගේ සහන සේවා කටයුතුවල නියැලී සිටින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘සැන්ඩි’ කළ හදිය බලන්න ඔබාමා නිව්ජර්සි ජනපදයට
මුතු Friday, 02 November 2012 09:16 PM
ඡන්දේ ලගයිනේ බැහැලා වැඩ.(ස)
නසාර් Sunday, 04 November 2012 10:58 AM
අන් සැපතට ඊර්ෂියා කරනු එපා මින්පසු වත් හිතට ගන්න. (ස)
ජූඩ් Monday, 05 November 2012 04:35 AM
සිංහලෙන් සැන්ඩි ගැන කියවන්න පුලුවන් වුණාට ස්තූතියි. (නි)
සේෆක් Friday, 02 November 2012 03:29 PM
අයියෝ සල්ලි