තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවෙන් මියගිය ගණන 20 පසු කළේය.
තුවාල ලැබූ ගණන 1,000 කට වැඩිය. තායිවාන බලධාරීන් පැවැසුවේ, බිමට සමතලා වුණු නිවාස සහ ගොඩනැගිලිවල සුන්බුන් අතරේ තවත් බොහෝ දෙනකු සිටින බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.
නිවාස සහ ගොඩනැගිලි සුන්බුන් අතරේ සිරවුණු පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් පැය 24 පුරා සිදුවෙයි. භූමි කම්පාව හේතුවෙන් පතලක සිරවී සිටි පතල්කරුවන් පිරිසක් ද බේරා ගැනීම සිදුවිය.
තායිවානය යනු චීනය ද අයිතිය ඉල්ලන, චීනය අසල පිහිටි දූපත් රාජ්‍යයකි. වසර 25කට පසුව එරටට බලපෑ ප්‍රබලතම භූමි කම්පාව මෙය යැයි පැවැසෙයි. තායිවාන භූ කම්පනයේ අපිකේන්ද්‍රය සටහන් වූයේ එරට නැගෙනහිර වෙරළබඩ හුවාලියෑන් නගරයට කිලෝමීටර් 18ක් පමණ දුරින් පැසිෆික් සාගර පතුළේය.
භූමි කම්පාවේ ප්‍රබලත්වය තායිපේ අගනුවරට දැනුණි. තායිපේ අගනුවර නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුවිය. සහන සේවකයන් පවසා ඇත්තේ නිවාස සහ ගොඩනැගිලි 100 කට පමණ හානි සිදුවී ඇති බවත්, ගොඩනැගිලි 100කට පමණ හානි සිදුවී ඇති අතර, සුන්බුන් මැද සිරවී සිටින 130ක පමණ පිරිසක් මුදාගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබේ.
සිර වී සිටින පිරිසෙන් 80 දෙනකු පමණ සිරවී සිටින්නේ කඳුකර උමං මාර්ගවලය. එම පිරිස අතරේ විදේශිකයෝ ද වෙති. භූමි කම්පාවත් සමඟ තායිවානයේ කඳුකර පළාත් කීපයක නායයෑම් සිදුවිය. මාර්ග ද අවහිර විය. කඳු නගිමින් සිටි පුද්ගලයන් සිවු දෙනකු ද මියගිය බව වාර්තා වේ.
රික්ටර් මාපකයේ ඒකක 7.4 ක් සටහන් කළ එම ප්‍රබල භූමි කම්පාවෙන් පසු රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතු පසු කම්පනයක් ඇතුළු කම්පන 100 ක් ද හටගත් බව පැවැසෙයි. ඉදිරියේදී තවත් ප්‍රබල අතුරු භූ කම්පන හට ගැනීමේ ඉඩක් ද පවතී.
රික්ටර් මාපකයේ 7.4 ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් පසු තායිවානයට, අසල්වැසි ජපානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණත් පසුව එම අනතුරු ඇඟවීම ඉවත් කෙරුණි. තායිවානයට මීටර් භාගයක උසැති සුනාමි රළ කඩා වැදුණු අතර, ජපානයේ ඔකිනාවා දිස්ත්‍රික්කයට මීටර් 0.3 ක උසැති උදම් රළ කඩා වැදුණි.
ආපදා තත්ත්වය හමුවේ, තායිවානයේ ප්‍රබලතම ප්‍රතිවාදියා මෙන්ම සමීප අසල්වැසියා වන චීනය ආපදාවේදී ඔවුන්ට සහන සැලසීමේ සූදානමින් පසුවන පුවතක් ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් තායිවානය තවමත් ඊට ප්‍රතිචාර දැක්වීමක් කර නැත.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුන්බුන් අතරේ තවත් බොහෝ දෙනෙක් සිරවෙලා