ඇමරිකාවේ නාසා ආයතනය, යළිත් මිනිසුන් සඳට යැවීමට සූදානම් වෙයි. ඒ, නාසා ආයතනයේ ‘ආර්ටිමිස්’ මෙහෙයුම යටතේය. ‘ආර්ටිමිස්’ පළමු පුහුණු මෙහෙයුම සාර්ථකව නිමා වූයේ පසුගිය 2022 දීය.
දෙවැනි පුහුණු මෙහෙයුම 2024 පැවැත්වීමට නියමිතය. නාසා ආයතනය සඳ මතට ගගනගාමීන් යැවීම සිදු කරනු ඇත්තේ 2025 වසරෙන් පසුවය. විශේෂත්වයක් වන්නේ, මෙම ‘ආර්ටිමස්’ මෙහෙයුම යටතේ පළමු වරට පිරිමි ගගනගාමියකු සමඟ කාන්තා ගගනගාමියකු ද සඳට පය තැබීමය.
එම සඳ ගමනේ දී නාසා ගගනගාමීන් පලඳින ඇඳුම් කට්ටලය එළිදැක්වීමට නාසා ආයතනය පසුගියදා කටයුතු කළේය. නාසා ආයතනයේ තාක්ෂණ ශිල්පීන් මෙම ඇඳුම් නිර්මාණය කර ඇත්තේ ඒ ඒ ගගනගාමියාට හෝ ගගනගාමිනියට හෝ සුදුසු ගැලපෙන අයුරින් බව මාධ්‍ය හමුවේ දී පැහැදිලි කෙරුණි. නාසා ආයතනය මෙම ඇඳුම් නම් කර ඇත්තේ ‘මීළඟ පරම්පරාවේ’ ගගන ඇඳුම් යනුවෙනි.
ගගන ඇඳුම් කට්ටලය එළිදැක්වීම සිදුවූයේ හූස්ටන් හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදීය. ඇඳුම් කට්ටලය නිර්මාණය කර ඇත්තේ ‘සියොම් ස්පේස්’ සමාගමය.
‘ආර්ටිමිස්’ චන්ද්‍ර මෙහෙයුම් සඳහා ගගන ඇඳුම් නිර්මාණය කිරීමේ ඇමරිකන් ඩොලර් මිලියන 228.5 ක කොන්ත්‍රාත්තුව නාසා ආයතනය ලබා දී ඇත්තේ ‘සියොම් ස්පේස්’ සමාගමටය.
2025 න් පසු ආරම්භ වන ‘ආර්ටිමිස්’ මෙහෙයුමෙන් පසු රතු ග්‍රහයා හෙවත් අඟහරු ගවේෂණයට ගගනගාමීන් යැවීමට නිසා ආයතනය සූදානම් වෙයි.
(ඒ.එෆ්.පී.)
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සඳට යන්න අලුත් ඇඳුමක්