ලතින් ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාවේ ජනාධිපතිවරණය ඉකුත් සති අන්තයේ (7 වැනිදා) පැවැත්වුණු අතර කවුරුත් බලාපොරොත්තු වූ පරිදි වත්මන් ජනපති හියුගෝ චාවේස්ට විශිෂ්ට ජයක් හිමිවිය.
ඒ අනුව, සිවුවැනි වරටත් ජනපති ධුරයට පත් චාවේස් වසර 2019 තෙක් එම ධුරයේ කටයුතු කරනු ඇත. චාවේස්ගේ වසර 14 ක සමාජවාදී පාලනය පෙරළා දැමීමේ අරමුණින් මෙවර විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී ඉදිරිපත් කළ ‘තුරුම්පුව’ වූයේ අපේක්ෂක 40 හැවිරිදි හෙන්රීකේ කැප්රිලේ ය.
ජනපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූයේ ද චාවේස් සහ කැප්රිලේ ය. ඡන්ද සටන ආරම්භ වූ අවස්ථාවේදී ඇතැමුන් අනුමාන කළේ කැප්රිලේගෙන් චාවේස්ට අභියෝගයක් එල්ල වනු ඇති බවය.
මධ්‍ය දක්ෂිණාංශික, යුක්තිය පෙරට නමැති පක්ෂයේ නායකයා වන කැප්රිලේ 2008 වසරේ සිට මේ වන තෙක් බරූටා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර ඇත.
කෙසේ නමුත් අවසන් ජනමත සමීක්ෂණවලින් පෙනී ගියේ චාවේස් නිසැක වශයෙන්ම ජයග‍්‍රහණය කරනු ඇති බවය. ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණයත් සමඟ ලතින් ඇමෙරිකා ඉතිහාසයේ මහා බලවතකු ලෙස නම රැඳවීමට චාවේස් සමත් ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ප‍්‍රකාශිත සියයට 90 ක ඡුන්දවලින්, 58 හැවිරිදි චාවේස්, සියයට 54.42 ක ප‍්‍රතිශතයක් හිමිකරගෙන සිටි අතර විපක්ෂ අපේක්ෂක කැප්රිලේ ට හිමිකර ගැනීමට හැකිවූයේ සියයට 44.97 ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණි.
ජයග‍්‍රහණයෙන් පසු තම විපක්ෂ දේශපාලන කණ්ඩායම් අමතමින් චාවේස් කියා සිටියේ පෙරට වඩා ඔවුන් සමඟ එක් වී සමීපව කටයුතු කිරීමට තමන් සූදානම් බවය.
ඔපෙක් සංවිධානයේ සාමාජික රටක් ද වන වෙනිසියුලාව ලතින් ඇමෙරිකා කලාපයේ ඉහළට ඔසවා තැබීමට තමා අපේක්ෂා කරන බවත් ඊට කැප්රිලේ ඇතුළු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ එක් වී කටයුතු කරන බවත් චාවේස් අවධාරණය කරයි.
වෙනිසියුලාවේ ජනපති ධුර කාලය වසර හයක් වන අතර චාවේස් ජනපති ධුරයේ රැඳී සිටින්නේ 1996 වසරේ සිටය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල විවේචනයට ලක් වන ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම සමාජවාදී නායකයකු යැයි ලතින් ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. පිළිකාවකින් ද පීඩා විඳ, ප‍්‍රතිකාර ලබා එය ජය ගැනීමට චාවේස් සමත් වීම ද සුවිශේෂී සිදුවීමකි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සමාජවාදී නායක හියුගෝ චාවේස්ට සිවුවැනිවරටත් විශිෂ්ට ජනවරමක්
ෂෙරීෆ් Tuesday, 09 October 2012 09:21 PM
ජනපතිතුමනි, අපිත් ඔබ සමග අත්වැල් බැද ගන්නට කැමැත්තෙමු. (නි)
බන්ඩාර Tuesday, 09 October 2012 02:32 PM
අපේ සුබ පැතුම්. ලෝකය තවත් ලස්සන වේවා .(ස)
සිල්වා Tuesday, 09 October 2012 11:30 PM
ලංකාවට හිතවාදී නායකයෙක්. ඉක්මන් සුවය ලැබේවා! (නි)
සිල්වා Tuesday, 09 October 2012 11:59 PM
ජනතා හිතවාදී නායකත්වයට අපේ සුභ පැතුම්! (නි)
සේනානායක Tuesday, 09 October 2012 03:44 PM
එඩිතර නායකයෙක්...නව ගමනකට ආසිරි (ස)
සනත් ඉන්දික Wednesday, 10 October 2012 03:13 AM
මේ වගේ හතර දෙනෙක් හිටියොත් ලෝකෙටම ඇති ඔබට සුබ පතමි..! නොසැලී පෙරටම යන්න (නු)