සිම්බාබ්වේ රාජ්‍යයේ විපක්ෂ කණ්ඩායම්වල විරෝධය නොතකා ලබන වසරේ මහ මැතිවරණයක් පැවැත්වීමට එරට ජනාධිපති රොබට් මුගාබේ පෙරේදා (3) තීරණය කළේය. සිම්බාබ්වේ විපක්ෂ කණ්ඩායම් පමණක් නොව දකුණු අපි‍්‍රකා කලාපීය සංවර්ධන සංවිධානය ද ජනපති මුගාබේගේ එම තීරණයට විරෝධය පළ කරමින් ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කොට ඉන්පසු මැතිවරණය පවත් වන ලෙසටය. සිම්බාබ්වේ ජනපති මුගාබේ මීට දෙවසරකට පෙර එරට ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම වන ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී විපර්යාස පක්ෂය’ සමඟ එක්වී සමඟි රජයක් පිහිටුවූයේ රටේ කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ ඇතිවය. එහෙත් එම සමඟි රජයට එම අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වී ඇති නිසා නියමිත දිනයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට තමා තීරණය කළ බව ජනපති මුගාබේ මාධ්‍ය හමුවේ කියා සිටියේය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්නැයි කියමින් මැතිවරණය කල් දමන්නැයි බල කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට දොස් පවරමින් මුගාබේ කියා සිටියේ මැතිවරණයට මුහුණ දීමට බියෙන් පසුවන අතළොස්සක් නිසා තම තීරණය කිසිවිටෙකවත් වෙනස් නොකරන බවය. කෙසේ නමුත් නව ආණ්ඩු ක‍්‍රමයක් සම්මත කොට නව ආරක්ෂක නීති සහ මැතිවරණ නීති හඳුන්වා නොදෙන්නේ නම් තමන් මැතිවරණය වර්ජනය කරනවා යැයි ප‍්‍රජාතන්ත‍්‍ර විපර්යාස පක්ෂයේ නායක මෝගන් ස්වංගිරායි පවසා ඇත.
පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ වන, වේල්
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය
බැට්මෑන් චරිතයට ’වෝක් ද ෆේම්’ Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින්
ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.
ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො
ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
සිම්බාබ්වේ ඡන්දය ලබන වසරේ