IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සියලූ අපේක්ෂකයන් මැතිවරණ ප‍්‍රතිඵල පිළිගත යුතුයි

මෙවර ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල සියලූ දේශපාලන පක්ෂ විසින් පිළිගත යුතු බවත් වෙනිසියුලා ජනපති හියුගෝ චාවේස් පෙරේදා(6) පැවැසීය. චාවේස්(58) මේ බව කියා සිටියේ පෙරේදා ලතින් ඇමෙරිකානු මැතිවරණ නිරීක්ෂක පිරිසක් සමඟ පැවැති මාධ්‍ය හමුවකදීය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වාමාංශික, දක්ෂිණාංශික ආදී වූ දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵල පිළිගත යුතු බවත් එහිදී ඇතැමුන්ගේ අපේක්ෂා බොඳවිය හැකි බවත් චාවේස් අවධාරණය කළේය. වසර 14ක් තිස්සේ වෙනිසියුලාවේ ජනාධිපති ධූරය හෙබ වූ චාවේස්ට මෙවර ජනාධිපතිවරණ සටනේදී අභියෝගයක් එල්ල වී තිබේ. ඒ ප‍්‍රතිවාදී ‘යුක්තිය පෙරට’ පක්ෂ නායක හතළිස් හැවිරිදි හෙන්රීක් කැප්රියේල්ස්ගෙනි. ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව සිදුවනු ඇති බවත් අවසානයේදී සුදුස්සා බලයට පත්වනු ඇති බවත් තමා අපේක්ෂාක කරන බව ජනපති චාවේස් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. විද්‍යුත් ඡන්ද ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමය ජනාධිපතිවරණ කටයුතු සඳහා උපයෝගී කර ගන්නා නිසා කිසිදු අක‍්‍රමිකතාවක් සිදු නොවන බව වෙනිසියුලාවට පැමිණ සිටින ආර්ජන්ටිනාවේ හිටපු අගමැතිවරයකු සහ මැතිවරණ විශේෂඥයකු ද වන කාර්ලෝස් අල්වාරේස් පැවැසීය.



අදහස් (0)

සියලූ අපේක්ෂකයන් මැතිවරණ ප‍්‍රතිඵල පිළිගත යුතුයි

ෂෙරීෆ් Monday, 08 October 2012 10:10 PM

ඔබතුමා ලංකාවේ මැතිවරණ අපේක්ෂකයෙක් නම් මම ඡන්දය දෙන්නේ ඔබතුමාටයි. (නි)

:       0       0

පින්කි Wednesday, 10 October 2012 02:02 AM

ඇයි මෙයාලට බැරි එහෙම පිළිගන්න...!(නු)

:       0       0

ලාල් Tuesday, 09 October 2012 07:33 PM

මම කැමති නැහැ එයාට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 786 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site