මාස 18 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදය උග‍්‍ර වී එරට සිවිල් යුද්ධයක් හටගත්තේත් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූයේත් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල වරදින් යැයි චීනය පවසයි. බටහිර රටවලට අවශ්‍ය සිරියා ජනපති බෂීර් අල් අසාද් බලයෙන් නෙරපා දැමීමට කැරැුලිකාර කණ්ඩායම්වලට සහාය දීමට බවත් බටහිර රටවලට පක්ෂපාතී පාලනයක් සිරියාවේ ඇති කිරීමට බවත් චීනය පවසයි. සිරියා අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමට බටහිර රටවලට අවශ්‍යතාවක් නැති බව ද චීන රජය වැඩි දුරටත් කියා සිටී. චීනය මෙසේ කියා සිටියේ සිරියානු ජනාධිපති අසාද්ගේ රජයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී පසුගියදා යෝජනාවක් සම්මත කර ගැනීමත් සමඟය. එම යෝජනාවට සාමාජික රටවල් 133 ක් සහාය දුන් අතර විරෝධය දැක්වූයේ සාමාජික රටවල් 12 ක් පමණි. රටවල් 31 ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය. යෝජනාවට විරෝධය පළ කරමින් ඡන්දය දුන් රටවල් අතර චීනයත් රුසියාවත් සිටී. සිරියා රජය පෙරළන්න උත්සහ ගන්නා කැරැලිකරුවන්ට ආයුධ දී ඔවුන් ශක්තිමත් කරන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් යැයි ද චීනය චෝදනා කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එම යෝජනාව හේතුවෙන් සිරියා අර්බුදය සිරියාවේ අසල්වැසි රටවලට පැතිර යනු ඇතැයි චීනය බිය පළ කරයි. සිරියාවට සාමකාමී විසඳුමක් දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරනු ලැබූ විශේෂ සාම නියෝජිත කොෆී අනන් ද සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන චීන රජය සිය අසතුට පළ කර සිටී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට අවස්ථා තුනක දී යෝජනාවලීන් ඉදිරිපත් කළ අතර ඒ සෑම අවස්ථාවකදීම චීනය, රුසියාව සමඟ එක් වී නිෂේධ බලය යොදා ඒවා පරාජය කළේය. සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දක්නට නොලැබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියාවේ ගැටුම්වලින් මේ වනවිට 20,000 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිරියා අර්බුදය දිග්ගැස්සුණේ බටහිර වරදින් යැයි චීනය කියයි