දිනෙන්දින උග්රවෙමින් පවතින සිරියා අර්බුදය මැදපෙරදිග කලාපයටත් සමස්ත ලෝකයටත් ප්‍රබල තර්ජනයක් බව ජාත්‍යන්තර සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි පෙරේදා(15) සිරියා ජනපති බෂාර් අල් අසාද් හමුවූ අවස්ථාවේදී කියා සිිටියේය. සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව කී බ්රහිමි එය සාර්ථක කර ගැනීමට නම් ත්රස්තවාදීන් පුහුණු කරන, ඔවුනට මූල්‍යමය ආධාර සපයන සහ ඊට සමගාමීව සිරියාවට ආයුධ ලබාදෙන රටවලට දැඩි බලපෑම් එල්ල කළ යුතු බව ද සඳහන් කළේය. සිරියාවේ කැරැලිකරුවන්ට ආයුධ සපයන රටවල කි‍්‍රයාකාරීත්වය නැවැත්වීම සම්බන්ධයෙන් ද බ‍්‍රහීමි සහ ජනපති අසාද් අතර පැවැති සාකච්ඡාවලදී අවධානයට ලක් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. මේ අතර සිරියාවේ මිතුරකු වන රුසියාව සඳහන් කළේ තමන් සිරියාවේ කිසිදු නායකයකුට ගැති නොවන බවත් ජනපති අසාද්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන ඕනෑම යෝජනාවක් පැරැුදවීමට තමන් කටයුතු කරන බවත්ය. මේ වන විට සිරියා අර්බුදයට මාස 18ක් ගත වී ඇත. නමුත් එම අර්බුදය අවසන් වන බවක් ද දක්නට නොමැත. ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වූ සාම නියෝජිත බ‍්‍රහීමි සඳහන් කළේ ‘මේ අර්බුදය විසඳීමට සිරියා ජනතාව තුළින් මතුවන විසඳුමක් අවශ්‍යයි. අනතුරුව ගැටලූව විසඳීමට යම් ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු අතර ඉන් පසුව කලාපීය, ජාත්‍යන්තර සහාය ද ලබා ගත යුතු බවයි. සාම නියෝජිත බ්රහිමි සිරියා ජනාධිපති හමුවීමෙන් අනතුරුව එරට විදේශ අමාත්‍ය වලීඞ් මුලායම් සහ විපක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක් සමඟ ද සාකච්ඡා පැවැත් වූ බව වාර්තා වේ.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරියා අර්බුදය මැදපෙරදිගටත් ලෝකයටත් ප්‍රබල තර්ජනයක්