IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


සිරියා කැරැලිකරුවෝ හමුදා කඳවුරක් දූවිලි කරති

 සිරියා කැරළිකරුවෝ කඳවුරට යටින් මීටර 850ක උමගක් කැණ ටොන් 60 ක පමණ බෝම්බ අටවා කඳවුර පුපුරුවා දැමූහ.

පිපිරීම සිදුවන අවස්ථාව දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිඛෙන අතර කදවුර එක්වනම කන්දක් සේ නැගී බිමට පහත්වී දූලි වලාවක් බවට පත්වී හාත්පස විසිර යනු එහි දැක්වේ.

ප්‍රහාරයෙන් කොපමණ දෙනා මියගොස් ඇත්දැයි මෙතෙක් වාර්තා වී නොමැත.

ප්‍රහාරය සදහා මුල්වී ඇති කැරලිකාර කණ්ඩායමේ නායකයා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තවත් මෙවැනිම ප්‍රහාර  එල්ල කිරීමෙන් පසු කදවුර සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට බලාපොරොත්තු වන බවයි.

සිරියාවේ සිවිල් යුද්ධය පටන් ගත්දා පටන්ම මෙම කදවුර සිරියා හමුදාවේ ප්‍රධාන බලකොටුවක් ලෙස භාවිතයට ගැණුනු බව සදහන්ය.

පොළව යටින් සතුරා දක්වාම උමගක් කැණ එය දිගට පුපුරන ද්‍රව්‍ය අතුරා පුපුරුවා හැරීම පළමු ලෝක යුද සමයේ භාවිතා කළ යුද උපක්‍රමයකි.

කැරලිකරුවෝද මෙම උපක්‍රමය   භාවිතයට ගෙන ඇති බවක් පෙනෙන්නේ මේ සිදුවීමට අමතරව පසුගියදා ඇලෙප්පෝ ප්‍රාන්තයේ හමුදා භටයින් නවාතැන්ගෙන සිටි හෝටලකට එල්ලවූ මෙවැනිම ප්‍රහාරයක් නිසාය.

සාමකාමිී විරෝධතාවක් ලෙස ආරම්භ වී දැන් සිවිල් යුද්ධයක් තරමට වර්ධනය වී ඇති සිරියාවේ ජනපති බෂීර් අල් අසාද් ප්‍රමුඛ ආරක්ෂක අංශ හා ඔහු බලයෙන් පහ කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන කැරලිකරුවන් අතර අරගලයට මැදිවීමෙන් මේ වන විට ලක්ෂ 2 කට ආසන්න පිරිසක් මරු දැක ඇති අතර නිවාස අහිමිව අවතැන්වී ඇති සංඛ්‍යාව දශලක්ෂ ගණනකි.

සිරියාවේ කි්‍රයාත්මක සහනසේවා ආයතනයන් වාර්තා කරන ආකාරයට දෙපාර්ශවය අතර ඇතිවන ගැටුම් වලට මැදිවීමෙන් අවම වශයෙන් දිනකට සිවිල් වැසියන් 200 දෙනෙකුවත් මිය යයි.

රෝමය ගිනි ගනිද්දී නීරෝ විීණාව වාදනය කළාක් මෙන් ජනපති මේ සා ගැටුම් පැන නැගී තිබියදී ජනපති අසාද් එළැඹෙන මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමටත් සැළසුම් කර ඇත.ඔහු පිට පිට තෙවන වතාවටත් ජනපති වනු ඇතැයි මත පළව තිඛෙන අතර සිරියාවේ විපක්ෂය මේ පැවැත්වීමට යන ජනාධිපතිවරණය විකාරයක්යැයි හදුන්වාදේ.



අදහස් (0)

සිරියා කැරැලිකරුවෝ හමුදා කඳවුරක් දූවිලි කරති

ඉන්දික Tuesday, 20 May 2014 07:23 PM

තිලක් ඩුබායිලා,ටිකිරි බණ්ඩලා, රොෂාන් ප්‍රනාන්දුලා හරියට ඇත්තටම ඒගොල්ලෝ මානව හිමිකම් අගය කරනවා වගේ. මේවා ගැන කිසි කතාවක් නැහැ. (නි)

:       0       0

කුසල් ක්‍රිෂාන් Wednesday, 21 May 2014 10:09 AM

මහා ලොකුවට කතා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමෙරිකාව මේ දේවල් ගැන, මානව හිමිකම් ගැන හොයන්නේ නැද්ද,නවනින්දන් පිල්ලේට මේවා පේන්නේ නැද්ද. (ස)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 20 May 2014 07:45 PM

මම කියන දේවලින් ඔයගොල්ලන්ගේ හිත රිදුනා නම් මට සමාවෙන්න. මම තේරුම් ගත්තා මම ගොඩාක් වැරදි දේවල් කිව්වා කියලා. මම නැවත වරක් සියලුම දෙනාගෙන් සමාව ඉල්ලනවා. (නි)

:       0       0

ලකී Wednesday, 21 May 2014 10:59 AM

මේකේ වීඩියෝ එකක් නැද්ද හොයා ගන්න. (ස)

:       0       0

නිමල්ක Tuesday, 20 May 2014 04:45 PM

දැන් ලෝකයේ හැමතැනම ගැටුම්... (නි)

:       0       0

තිලක් Tuesday, 20 May 2014 04:45 PM

තිලක් ඩුබායිලා,ටිකිරි බණ්ඩාලා, රොෂාන් ප්‍රනාන්දුලා ඉල්ලන අරාබි වසන්තේ ප්‍රතිඵල තමයි මේ. (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 21 May 2014 01:47 AM

හොද පුවතක් ! (ස)

:       0       0

නිශාන්ත Thursday, 22 May 2014 06:17 PM

අවිගත්තෝ අවියෙන්ම නැසෙති (නි)

:       0       0

ඉන්දික Tuesday, 20 May 2014 05:58 PM

ඇමරිකාව සිරියවටද සාමය උදාකර ඇත! (ස)

:       0       0

සරත් බණ්ඩාර Tuesday, 20 May 2014 06:05 PM

සිරියාවේ පසුගිය කාලයේ රටවැසියෝ ලක්ෂයකට වැඩිය මියගොස් තිබෙනවා.කෝ මානව හිමිකම් සංවිධාන? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 249 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 202 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 582 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site