බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා රසායනික අවි භාවිත කරමින් කැරැලිකරුවන්ට පහර දෙන්නේදැයි තමන් විමසිල්ලෙන් සිටින බවත් සිරියා රජයේ රසායනික අවි ගබඩා ඇති ස්ථාන ගැන සොයා බලන බවත් බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසයි. "සිරියා රජය සතුව ඇති විස රසායනික අවි ගබඩා ගැන අප හුඟක් කනස්සල්ලෙන් ඉන්නවා. සිරියා රජය ඒවා යොදා ගනිමින් කරැලිකරුවන්ට පහරදීමේ ප‍්‍රවණතාවක් තිබෙනවා.” යැයි බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් හේග් පැවැසුවේ මනාමා නුවර පැවැත්වෙන කලාපීය ආරක්ෂක සමුළුවේදීය. බි‍්‍රතාන්‍ය රජයත් ඇමෙරිකාව සමඟ එක් වී සිරියා ජනපති අසාද්ගේ රජයට අවවාද කර ඇත්තේ රසායනික අවි භාවිතා කිරීමෙන් වළකින ලෙස යැයි ද ආරක්ෂක ලේකම් හේග් අවධාරණය කළේය. සිරියානු රජය රසායනික අවි යොදා ගෙන ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව සිරියාවට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බව ඇමෙරිකා ජනපති ඔබාමා පවසා ඇත. මේ අතර දිනෙන් දින උත්සන්න වන සිරියා අර්බුදයට තිරසාර සාම වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණ ඇතිව ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, රුසියා විදේශ ඇමැති සර්ගේ ලෙව්රෝව් සහ සිරියාව වෙනුවෙන් පත් කළ එක්සත් ජාතීන්ගේ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි අතර හදිසි හමුවක් ඉකුත් සතියේ පැවැත්වුණු නමුත් එය අසාර්ථක විය. සිරියා අර්බුදය සම්බන්ධයෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල සහාය හිමි වන්නේ සිරියා කැරැුලිකරුවන් සහ ඔවුන් විසින් පිහිටුවා ගනු ලැබූ අන්තර්වාර පාලක මණ්ඩලයටය. රුසියාවත් චීනයත් සහාය දක්වන්නේ ජනපති අසාද්ගේ රජයටය.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරියා හමුදාව ගැන බි‍්‍රතාන්‍යය විමසිල්ලෙන්