සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට එරෙහිව සටන්වැද සිටින කැරැලිකරුවෝ පෙරේදා(13) එරට ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළුෑ බව විදෙස් වාර්තා සඳහන් කරයි. කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව ගිනිගත් යානය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද මේ වන විට අන්තර්ජාලයට එක් කර ඇති කැරැලිකාර පාර්ශවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ නවීන ගුවන් යානා නාශක අවි භාවිත කර එම ප්‍රහාරය එල්ල කළ බවයි. නමුත් සිරියා රජය පවසන්නේ පුහුණුවීම් අතරතුර ජෙට් යානයේ හට ගත් කාර්මික දෝෂයක් හේතුවෙන් යානය කඩා වැටුණු බවයි. ජෙට් යානයට තමන් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව එහි සිටි නියමුවා යානයෙන්ඉවත් වීමෙන් පසුව ඔහු තමන් භාරයට ගත් බව සිරියානු කැරැලිකරුවෝ පවසති. ඒ බව තහවුරු කරනු පිණිස ගුවන් නියමුවා යැයි කියන පුද්ගලයකු කැරැලිකරුවන් අත්අඩංගුවේ සිටින බව දැක්වෙන වීඩියෝ පටයක් ද ඔවුන් මාධ්‍යය වෙත නිකුත් කර ඇත. යුද්ධයේ සිරකරුවන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳ වන ජීනීවා ප්රඥප්තියට සහ තම ආගමික, සදාචාරාත්මක අගයයන්ට අනුකූලව අත්අඩංගුවට ගත් ගුවන් නියමුවා සම්බන්ධයෙන් කටයුතු කරන බව කැරැලිකරුවෝ වැඩිදුරටත් සඳහන් කළහ. කෙසේ වෙතත් කැරැලිකරුවන් සිරකරුවන්ට අමානුෂික වධහිංසා පමුණුවන ආකාරය දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලයට එක් කර තිබීමෙන් ඔවුන් කරන මේ ප්‍රකාශ පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බව විදෙස් විශ්ලේෂකයෝ පවසති. අසාද්ගේ හමුදාව තරම් නූතන අවි ආයුධ භාවිත නොකරන එරට කැරැුලිකරුවන් එල්ල කළ මෙම ප්‍රහාරය සිරියා යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක් බව විදෙස් වාර්තා සඳහන් කරයි. මේ වන විට සිරියා හමුදා ප්‍රහාරක හෙලිකොප්ටර්, ජෙට් යානා පමණක් නොව යුද ටැංකි ද යොදා ගනිමින් ඇලෙප්පෝ නුවර සිටින කැරැලිකරුවන්ට පහර දෙයි. සිරියානු රජය පවසන්නේ මේ වනවිට කැරැලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ඇලෙප්පෝ නගරයේ සලේදීන් දිස්ත්‍රික්කය තම පාලනයට නතු කර ගැනීමට හැකිවී ඇති බවය.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරියානු කැරැලිකරුවෝ ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළති
මධු Wednesday, 15 August 2012 12:47 PM
තව මාස හයක් හතක් යද්දී වෙන්න තියෙන දේවල් සේරම වෙලා තියෙයි. (නි)
නවන්ත Thursday, 16 August 2012 05:47 AM
තවත් රුසියාවයි චීනෙයි කටවල් වහන් ඉදියිද ?? (ස)