සිරියාවේ ඩමස්කස් අගනුවර පෙරේදා (17) අධි බලැති බෝම්බ දෙකක් පුපුරා ගිය අතර 27 දෙදෙනකු ඊට බිලි විය. තුවාල ලැබූ ගණන 140 කට වැඩිය. බෝම්බ පුපුරා ගියේ අගනුවර, අපරාධ පොලිස් දෙපාර්තමේන්තු සහ ගුවන් ආරක්ෂක බුද්ධි අංශ මූලස්ථාන ගොඩනැගිලි ඉදිරිපිටදීය. සිරියා ආරක්ෂක අංශ පැවැසුවේ පුපුරා ගියේ කාර් බෝම්බ දෙකක් බවය. බෝම්බ ප‍්‍රහාරවලින් අසල පිහිටි ගොඩනැගිලි සහ මෝටර් රථ රැසක්ද මුළුමනින්ම විනාශ විය. තුවාල ලැබූවන්ගෙන් පනස් දෙනකුගේ තත්ත්වය බරපතළ බව සිරියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමත්‍යාංශය පවසයි. එම බෝම්බ ප‍්‍රහාරය සිරියා විපක්ෂ කණ්ඩායම් සමඟ එක්වී රට අස්ථාවර කිරීමට ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන ‘ත‍්‍රස්තවාදීන්ගේ’ කුරිරු කි‍්‍රයාවක් යැයි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් පවසයි. කෙසේ නමුත් ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු බාර ගෙන නැත. මීට දින කීපයකට පෙර සිරියාවේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන අලෙප්පෝ නගරයේද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් සිදුවිය. සිරියාවේ පවතින ගැටුම්වලින් 8,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව 2,30,000 කට වැඩි පිරිසක් සිරියාවෙන් පලා ගොස් අසල්වැසි රටවල සරණාගතයන් ලෙස ජීවත් වෙති.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිරියාවේ ඩමස්කස් අගනුවර බෝම්බ 2 ක් පිපිරී 27 ක් මරුට