IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සිරියාවට පහර දුන්නොත් රුසියාවට සහය දෙනවා: චීනය කියයි

චීනය ඊයේ (10) පවසා සිටියේ රසායනික අවි සම්බන්ධයෙන් සිරියාවට ප‍්‍රහාර එල්ල කළහොත් රුසියාවට සහය දෙන බවයි.

චීන බලධාරීන් තවදුරටත් පවසා සිටියේ රුසියාවේ ක‍්‍රියාමාර්ගය ඔවුන් පිළිගන්නා බවත් ඒ සඳහා සහය දෙන බවත් ය.
 

රුසියානු ජනපති වැලැඩිමීර් පුටින් සහ චීන ජනපති ෂී ජින්පින්ග්

අප ගත් තීරණය සිරියාවේ උණුසුම්කාරී තත්ත්වය අවම කරලීමට උපකාරී වන බවත්, සිරියානු අර්බුදය විසඳාගත යුත්තේ දේශපාලනික ක‍්‍රියාමාර්ගයකින් බවත්, එමඟින් සිරියාවේ සහ අරාබි කලාපයේ සාමය, ආරක්ෂාව හා සිරියාව ද ස්ථාවර වන්නට ද ඉවහල් වන බවත් චීන විදේශ කටයුතු අමත්‍යංශය නිවේදනයකින් ප‍්‍රකාශ කළ බව එරට මාධ්‍ය පවසයි. තවදුරටත් එම නිවේදනය උපුටා දක්වන චීන මාධ්‍ය පවසන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාව සිරියානු අර්බුදය කෙරෙහි ධනාත්මකව හා ඵලදායී ලෙස අවධානය යොමු කළ යුතු බවයි.

රුසියානු විදේශ ඇමැති සර්ගායී ලැව්රෝයී පැවසුවේ සිරියාවේ පවතින සියලූ රසායනික අවි ජාත්‍යන්තර පරීක්ෂකයන්ට ලබාදෙන ලෙසත් ඒවා ඔවුන් යටතේ විනාශ කරවා දමන ලෙසත්ය.

ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා පැවසුවේ එම අදහස විශේෂ සිද්ධියක් බවයි.

චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිෂේධ ඡන්ද බලය හිමි නිත්‍ය සාමාජිකයෙක් වන අතර ඔවුන් නිෂේධ ඡන්ද බලය හිමි නිත්‍ය සාමාජිකයෙක් වන රුසියාවත් සමඟ එක්වීමත් සමඟ වොෂින්ටනය හා මිත‍්‍ර පාර්ශ්ව ගන්නා තීරණවලට බාධා එල්ල කරන්නට පටන් ගෙන ඇත.

චීනය නිරන්තරයෙන්ම කියා සිටියේ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් දේශපාලනික විසඳුමක් අවශ්‍ය බවය.

 

 



අදහස් (0)

සිරියාවට පහර දුන්නොත් රුසියාවට සහය දෙනවා: චීනය කියයි

උත්තරා බණ්ඩාර Wednesday, 11 September 2013 01:07 PM

අද රුසියාව සහ චීනය නොතිබෙන්න අප ලෝකයම බටහිර සහ ඇමරිකවේ කොලනි වී අපේ ආර්ථිකයත් සන්ස්කෘතියක් රටේ ඒකීය බවත් නැති කරගෙන හමාරය .ලුම්බිණි වැනි නුගත් අයට මෙය නොවැටහෙති . මම හිතන්නේ අධ්‍යාපනයේ දුර්වල කමක් හෝ කියවීම දෙකෙහිම අඩු කමක් ඇති කෙනෙක් ලුම්බිණි. දැනටම ඇමරිකාව සහ යුරෝපය ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසමින් රට බෙදීමට කටයුතු කරනවා , ලුම්බිනිට මේවා පෙන්නේ නැහැ . තවමත් අප මෙලෙස සිටින්නේ රුසියාවත් චීනයත් නිසා . එමෙන්ම ලෝකයේ බොහෝ රටවල් තවම නිදහස්ව ඉන්නේ ඔවුන් නිසා . ආරක්ෂක මණ්ඩලයට වාර්තා දෙන්නෙත් හදන්නෙත් ඔවුන්. නඩුත් ඔවුන්ගේ බඩුත් ඔවුන්ගේ. ඉරාකයේ රසායනික අවි තිබේ කියා ඉරාකයට ගසා ඉරාකය නැති කර දැම්ම. අද දිනකට 30 ක පමණ පිරිසක් මිය යනවා . ලිබියාවද එසේමය .ඊජිප්තුව එසේමය . මොවුන් අත තැබූ කිසිම රටක සාමයක් උදා වෙලා නැත . ලුම්බිණි අන්ද මන්ද බුද්දික නිකන් ඇමරිකාවට කඩේ යන කෙනෙක් කියා මට සිතෙන්නේ.(නදී)

:       0       0

මර්සි ලංකා Wednesday, 11 September 2013 01:04 PM

අද ලෝකයේ මානව හිමිකම් කියා දෙයක් නැත . අද මානව හිමිකම් කතා කරන්නේ තුන් වන ලෝකයේ තමන්ගේ රට මුදලට පවා දෙන කොටස්ය . අද මානව හිමිකම් වැඩියෙම්ම කඩන්නේ ඇමරිකාව සහ යුරෝපය. කවුද ඔවුන්ට විරුද්ධව මානව හිමිකම කඩවීම කතා කරන්නේ ? මේ ඔක්කොම තුන් වන ලෝකයේ නොදියුණු සහ දියුණු වන රටවල පමණක් විදේශ මුදල් මත යැපෙන කොටසක් අද කරන්නේ . මුදලට රටේ ආරක්ෂාව සහ රට පවා දීම . මානව හිමිකම් කොමිසම අද පුස්සක් . එය පාලනය කරන්නේ බටහිර ලෝකයේ රටවල් . ඔවුන්ට ඕනේ විදියට අනික් රටවල් පාලනය කිරීමට (ස)

:       0       0

කටා මාමා Wednesday, 11 September 2013 01:21 PM

ලුම්බිණි යමක් ලියන්නේ ආවට ගියාට නොවෙයි වග දාන දාන කොමෙන්ට්ස් වලින් තේරෙනවා. කවදා හරි දෙව් මව් තුරුලේ සාමදානේ සැතපෙන්න වෙන බව අමතක කරන්න එපා.(නදී)

:       0       0

උපාලි Wednesday, 11 September 2013 08:06 PM

ලුම්බිණි කියන්නේ තමාගේ නමටත් අගෞරව කරන කෙනෙක්. (නි)

:       0       0

දිනූෂා ජයසිංහ Wednesday, 11 September 2013 01:52 PM

ඔය කඳවුරු දෙක ලඟදීම ලොකු යුද්ධයකට පැටලෙවි කියලා මට හිතෙන්නෙ. (ස)

:       0       0

බමුණු Wednesday, 11 September 2013 02:02 PM

ඔන්න ඔහොම එන්නකෝ චීනය. ඇමෙරිකාව අපට කලත් ඔබලා ඔය දේම කරනවා නේද? බොහොම හොඳයි බොහොම හොඳයි (ස)

:       0       0

දර්ශන Wednesday, 11 September 2013 08:40 PM

මේ මොනවා වුණත් මම නම් කැමති ඇමරිකානු ආණ්ඩුවක් ලංකාවේ තියෙනවා නම් (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 11 September 2013 09:56 AM

මේක අලුත් දෙයක් නොවෙයි. සිරියාවේ ප්‍රශ්නයට විසඳුම් නැත්තේ චීනය සහ රුසියාව නිසා. (ස)

:       0       0

අසංග Wednesday, 11 September 2013 09:58 AM

ඇමරිකාව ඉල්ලගෙන කන්න හදන්නේ. අද ගොඩක් ප්‍රශ්නවලට මුල ඇමරිකාව.(නදී)

:       0       0

මිනිපෙ Thursday, 12 September 2013 10:19 AM

වත්සලා, ඔයා වැරදයි, ඔයා රටවල් දෙක ධනවාදී වෙන්නේ කොහොමද?ධනවත් මිනිසුන් දහදෙනෙක් හිටයා කියලා ඒ රට ධනවත් වෙන්නේ නැ.ෆොර්බ්ස් සගරාවේ ධනවත්ම එක්කෙනා මැකසිකන් කාරයෙක්.ඊ ලගට ඇමරිකාව.චීනය තවමත් කොමිනිස්ට් රටක්.ඒ රටේ මිනිසුන් ගේ සාමන්‍ය වේතනය ලන්කවෙටත් අඩුයි. (දී)

:       0       0

නසාර් Wednesday, 11 September 2013 03:01 PM

දෙවියන් උදව් කරන්නේ තවත් කෙනෙක් ලව්වා. අනිවාර්යෙන් සිරියාව දිනනවා...... (ස)

:       0       0

නිශාර්ඩ් Wednesday, 11 September 2013 03:11 PM

ඇමරිකාව සිරියාවට පහර දෙන්න සූදානම් වෙන්නයි ඔය සිරියානු ජනතාවට ආදරේට නෙවෙයි. ඔවුන්ගෙ සැඟවුනු නියාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න. මැදපෙරදිග රටවල්ගෙන ඇමරිකාව ක්‍රියාත්මක වෙන හැටි හොඳට අධ්‍යනය කලොත් ඕනෙම කෙනෙකුට එය හොඳටෝම තේරේවි. (ස)

:       0       0

මොහමඩ් ෆාරුක් Monday, 16 September 2013 03:44 PM

මිනිපේ ඔයාගේ දැනුම තව ටිකක් වර්ධනය කර ගන්න . නිකන් බොරු ලියා මෙම පුවත් පත පුරවන්නේ නැතුව . ඔබට අල්ලාහ් දෙයියන්ගේ පිහිට ලැබේවා . දැනුම ලැබේවා . බොරු නොලියෙවා. (ස)

:       0       0

රූපා Wednesday, 11 September 2013 10:15 AM

අපි නම් සිතාගෙන ඉන්නේ ඇමරිකාව තමයි විසදුම් කරු කියලා. රුසියාව චීනය නැත්නම් උන් අපිටත් ගහලා.(නදී)

:       0       0

රණතුංග Wednesday, 11 September 2013 10:05 PM

මොන්ටිසෝරි ළමයි වගේ (දී)

:       0       0

කලන Wednesday, 11 September 2013 10:10 AM

ලුම්බිණි, ප්‍රශ්නයක් ගැන හිතන හැටි. මේ වගේ මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ, එකනේ නිලුයි, කොලයි විතරක් රජ වෙන්නේ. තවත් එක මෝඩයෙක් විතරයි. (නදී)

:       0       0

රනා Wednesday, 11 September 2013 10:18 AM

ලුම්බිණි.. චීනය සහ රුසියාව නැතිනම් ..අපි හැමදෙනාම ඇමරිකාවේ කොලනි කාරයෝ නේද. (ස)

:       0       0

වරුණ Wednesday, 11 September 2013 10:19 AM

කමක් නෑ චීනෙයි රුසියාවයි සෙට් වෙලා මුළු ලෝකෙම යටත් කරගන්නවා නම් මම කැමති.මොකද ලංකාව චීනන් ණය දීලා දීලා උගස් අරන් තියෙන්නේ. එතනට රුසියාවත් ආවා නම් හරි. පූටින් ගහන්නකෝ ඇමරිකාවට බලබලා ඉන්නේ නැතුව. (ස)

:       0       0

කුමුදු Wednesday, 11 September 2013 03:34 PM

ලුම්බිණි ප්‍රතිචාර දමන්නේ කොහෙන්ද කියා සැකයක් මතු වෙනවා . මුළු ලංකාදීප පුවත්පතම ගඳ ගස්සනවා. (ස)

:       0       0

කුමාර Wednesday, 11 September 2013 10:30 AM

හැම දෙනාම බනින්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට. මේ විදියට අදහස් දමන්න උපකාරී වන අන්තර් ජාලය සොයා ගත්තේ ටීම් බනර්ස් ලී විසින් 1990 දෙසැම්බර් මස 25 දින. එහි තනි හිමිකම ඇමරිකාව තබා ගත්තේ නැහැ. මුළු ලෝකයටම දුන්නා. ඔය උමතු වාදීන් මොනවද ලොවට හොයල දීල තියෙන්නේ. නව නිපැයුම් මොනවාද. දැන් භාවිතා කරන ඉලක්කම් පවා වේද ගණිතය ආශ්‍රයෙන් බිහිකර ගත්තු ඒවා. (නදී)

:       0       0

මිනිපෙ Wednesday, 11 September 2013 10:30 PM

උදය, මොකද රුසියාවට උනේ ඇෆ්ගනිස්තානේදී? මතක නැද්ද ?(නදී)

:       0       0

කුමාර Wednesday, 11 September 2013 10:23 AM

හැම දෙනාම බනින්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට. මේ විදියට අදහස් දමන්න උපකාරී වන අන්තර් ජාලය සොයා ගත්තේ ටීම් බනර්ස් ලී විසින් 1990 දෙසැම්බර් මස 25 දින. එහි තනි හිමිකම ඇමරිකාව තබා ගත්තේ නැහැ. මුළු ලෝකයටම දුන්නා. ඔය උමතු වාදීන් මොනවද ලොවට හොයල දීල තියෙන්නේ. නව නිපැයුම් මොනවාද. දැන් භාවිතා කරන ඉලක්කම් පවා වේද ගණිතය ආශ්‍රයෙන් බිහිකර ගත්තු ඒවා. (නදී)

:       0       0

මිනිපෙ Wednesday, 11 September 2013 10:33 PM

රුසියාව කියන්නේ කොමිනිස්ට් රටක්.ඒ ගොල්ලන්ගේ ධර්මය ඇවිල්ලා, ඕනෑම දේකට විරුද්ද වෙන එක.(නදී)

:       0       0

චරිත් Wednesday, 11 September 2013 10:35 AM

ලෝක බලවතාගේ කට විතරයි..ඕකා ඔය කීවට ගහන්නේ නෑ..ලිබියාකාරයා අනාගත්තට අනිත් එවුන් අනාගන්නේ නෑ කියලා මිනිහා දන්නවා..උතුරු කොරියාවට ගහන්න ගිහින් මතකනේ.. සිරියාවට ගහපු ගමන් උන් අනිත් රටවල් එක්ක එකතු වෙලා යටින් දෙයි ඔසාමා දුන්නා වගේ මරු ගේමක්..එහෙම වුනා නම් තමා හොඳ..යුද්ධයකින් අනිත් රටවල සිදුවන දේපළ හා මිනිස් ජීවීත විනාශය කෙතරම් දැයි නිවැරදිව අවබෝධ කර ගැනීමට ඔබාමාට අපි අවස්ථාවක් දිය යුතුය..ඒ සදහා අනිවා ඇමරිකාවට බලවත් ප්‍රහාරයක් එල්ල කල යුතුය.. (ස)

:       0       0

වත්සලා Wednesday, 11 September 2013 10:55 PM

මිනිපේ අද කොහෙවත් කොමිනිස්ට් රටවල් නොමැත . ඒවා කාලයක ජනප්‍රිය උනාට අද ලෝකයට ගෙලපෙන්නේ නැහැ . රුසියාව අද බලවත් කැපිටලිස්ට් රටකි . චීනයත් එසේමය . අද යුරෝපයේ වේදීම බිලියන් ඩොලර් සල්ලි කාරයෝ වෙඩි රට රුසියාව . මෙයින් අදහස කරේ ලොකුම සල්ලි කාරයෝ නොව . නමුත් වෙඩිම බිලියන් ඩොලර් හිමිකරුවන් සිටින රටක් . බලන්න ෆෝබ්ස් සඟරාව හෝ වොර්ල්ඩ් රිචෙස්ට් මෙන්ස් ලිස්ට් එක . මිනිපේ අවබෝදයක් නැතිව අවුරුදු 20 කට 30 කට කලින් අදහස් පල කරන්නේ (අ)

:       0       0

අතුල Wednesday, 11 September 2013 11:02 PM

මිනිපේ පස්චාත් බගයෙන්ද කතා කරන්නේ ? මොනාද මේ දමන බොරු ප්‍රතිචාර . පොඩ්ඩක් කියවල දැනුමක් අරන් ප්‍රතිචාර දාන්න . (අ)

:       0       0

පද්මිනී Wednesday, 11 September 2013 10:41 AM

චීනයේ හෝ රුසියාවේ මානව අයිතිවාසිකම් වලට කිසිම අයිතියක් නැහැ. මාධ්‍යට කට අරින්න තහනම්.(නදී)

:       0       0

විජේ Wednesday, 11 September 2013 10:56 AM

කවුරු උනත් කමක් නැහැ ඇමරිකාවට ගහන්න කුඩු වෙන්න. ඇමරිකන්කාරයෝ ඇෆ්ගනිස්තානයේදියි ඉරාකයේදියි නිරායුධ සාමාන්‍ය අහිංසක මිනිස්සු කී දාහක් නම් මැරුවද. කෝ කවුරුවත් ඔය ගැන කතා කරනවද ? (ස)

:       0       0

අසන්කා Wednesday, 11 September 2013 11:48 PM

මම කැමති ඇමරිකාවට. ඕගොල්ලෝ සිරියාව සවුදිය ඉරානයට. බෞද්ධය, ක්‍රිස්තියානි අය යන්න. බෙල්ල කපල මෙහෙ එවෙනවා. වැරැද්ද කැමති ආගමක් අදහීම ඇමරිකාවට ගිය මම ඔයාල බලල දුක්වෙනවා. (අ)

:       0       0

සිතුමින Wednesday, 11 September 2013 11:48 PM

මම ඇමෙරිකා විරෝධියෙක් හැබැයි ගහන්න ඕනේ (අ)

:       0       0

ශාන්ත Wednesday, 11 September 2013 10:58 AM

ලුම්බිණි-වරුණ-මෝඩකම ප්‍රදර්ශනය කරනවා. (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Wednesday, 11 September 2013 04:23 PM

කුමාර, ඇමෙරිකාවේ දවසක් හරි ඉඳලා ඇති. ඒකද ඇමෙරිකාවට කඩේ යන්න හදන්නේ. ඉන්ටර්නෙට් හොයා ගත්තේ ඇමෙරිකාව වුන පලියට අපි ඇමෙරිකා ගැත්තෝ වෙන්න උවමනාවක් නැහැ. අනෙක ඉන්ටර්නෙට් එකෙන් යම් යම් දේවල් ලියන්න කලින් මුළු ලෝකෙම ලිව්වේ කඩදාසි වල. කඩදාසි හොයාගත්තේ චීන්නු බව අමතක උනාද? (ස)

:       0       0

සත්‍යපාල Thursday, 12 September 2013 12:17 AM

ලුම්බිණි,වරුණ,අසන්කාලට පැම්පර් අන්දලා සුප්පුවක් කටට දීලා මොන්ටිසෝරි යවන්න ඕනෑ මුල ඉඳලා ඉගෙනගන්න. (නි)

:       0       0

අනුර - නාවලපිටිය Wednesday, 11 September 2013 11:09 AM

තවත් ප්‍රශ්න නොදා හොඳින් ඉවර කරගන්න. (ස)

:       0       0

අරුණ රංග Wednesday, 11 September 2013 11:07 AM

ඇමරිකාව එන්න එන්නම ආර්ථික අතින් කඩා වැටෙනවා. ඒක නිසා අනෙකුත් රටවල් වලට බලවත් වෙන්න නොදී ඒ රටවල් මර්දනය කරන්න ඇමරිකාව කටයුතු කරනවා. අන් රටවල පරමාදිපත්‍ය රටවල ස්වාදීනත්වයට බලපෑම් කරනවා. ඇමරිකාව හිතාගෙන ඉන්නේ මම තමා ලෝකයේ අයිති කාරයා කියලා. එක්සත් ජාතීන්ගේ සන්විදානේ මානව හිමිකම් සන්විදානේ සුළු සුළු අභ්‍යන්තර අර්බුද තියන රටවලට ඔලුව දාලා ඒ රටවල් දියුනුවෙන්න නොදී පාගාගෙන ඉන්න හදන්නේ. ඒකට රුසියාව,චීනය උතුරු කොරියාව,ඉරානය වගේ රටවල් එකතුවෙලා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කලොත් පස්ස පූට්ටු වෙයි.(නදී)

:       0       0

ආරොන් Wednesday, 11 September 2013 11:23 AM

කලන නිකන් පඩියා වෙන්න එපා, ප්‍රභාකරරන් වගේ අය බිහි උනේ ඔයාගේ වගේ ත්‍රද්තවාදී අදහස් නිසා. මුලින් කාරණය හොදින් විමර්ශනය කරලා අදහස් පල කරන්න. (නදී)

:       0       0

චාරු Wednesday, 11 September 2013 04:38 PM

ලංකාවේ කොටි ගැස් ගහලා මිනි මරණ කොට පොඩි ළමයි ගල්වල ගහන කොට සුද්දෝ බුදියාගන හිටියේ. දැන්වත් ඒ ගැන කතා නැහැ. මේවට විරුද්ධව කතාකරන අයට අපි සහාය දෙන්න ඕනේ. අපිට කෙලින් කතා කරන්න අය නැති නිසා. ඉස්ලාම් හා බුද්ධාගම නැති කරන එක බටහිර කරන්න හදන්නේ. සමගි නැති වුනොත් අපිව නිකම්ම ගිලී.(නදී)

:       0       0

උදය Thursday, 12 September 2013 01:53 AM

අශාන්තගේ කතාව මම පිළිගන්නවා (නි)

:       0       0

සංජය Wednesday, 11 September 2013 04:50 PM

ඇමෙරිකාව ඉරාකයට ගැහුවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න.. කෝ කලාද ? ලිබියාවට ගැහුවෙත් ඒකට අදටත් නීතියේ පාලනයක් නැහැ.. ඉතියෝපියාවේ මිනිස්සු සාගින්නේ මැරෙනවා .. ඔය යුද්ධ කරන සල්ලි වලින් මොනතරම් යහපත් දේවල් කරන්න පුලුවන්ද ? සම්පත් තියෙන රට වල අභ්‍යන්තර ප්‍රශ්න ගැන මොකද මේ අය ඔච්චර උනන්දු ??? අපි දන්නවා රහස (ස)

:       0       0

ලාරා Wednesday, 11 September 2013 05:19 PM

ගැහුවට කමක් නැහැ! (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 11 September 2013 11:48 AM

මිත්‍රවරුනි, මම දෙයක් ලියන්නේ නිකම් හිතුනට නොවෙයි. සිරියාව ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩල රැස්වීම් වාර්තා ඔය ගොල්ල කී දෙනෙක් කියෙව්වද කියලා මම දන්නේ නැහැ. යු එන් එච් සී ආර් එකේ වාර්තා වල තියෙනවා සිරියන් අනාථයන් ඒ වටේ තියෙන රට වලට ගිහින් විඳින දුක ගැන. මිය ගිය පොඩි ළමයින් ගැන, බඩගින්නේ දුක් විඳින වයසක මිනිසුන් ගැන, තුවාල වෙලා අසනීප වෙලා දුක් විඳින මිනිසුන් ගැන. ලක්ෂයකට වඩා ජනතාවක් මිය ගිහින් මේ යුද්ධය නිසා. රුසියාව මේකට යුදමය විසඳුමක් හෝ වෙනයම් විසඳුමක් ගෙන ඒමට ඉඩනොදී අසාද් එක්ක එකතු වෙලා තමන්ගේ බලය පෙන්නීමක් තමා කර ගෙන යන්නේ. (ස)

:       0       0

උදය Wednesday, 11 September 2013 05:27 PM

එකක් මම දන්නවා. නැපෝලියන් බොනපාට් කියන අධිරාජ්‍යයා රටවල් රැසකට ගහලා ගහලා අන්තිමට පාඩමක් ඉගෙන ගත්තේ රුසියාවෙන්. හිට්ලර් කියන කෙනාටත් එහෙමයි වුනේ. එයත් අන්තිමට ගිහින් හිරවුණේ රුසියාවේ. අපි තවම ඇමෙරිකාවයි රුසියවය් අතර යුද්ධයක් දැකලා නැහැ. ඇමෙරිකාව ගැහුවේ ඔක්කොම පොඩි රටවල් වලට. ජපානයට ගැහුවේ පරමාණු වලින්. නැත්නම් එදා ඇමෙරිකාව ජපානය මගින් විනාශ කරනවා. (නි)

:       0       0

ඉන්දික Wednesday, 11 September 2013 12:08 PM

ලුම්බිණි, මෝඩ කතා කියන්න එපා. මිනිස්සු බඩගින්නේ ඉන්නවනම්, අසනීප වෙලා දුක් විඳිනවා නම් යූ.එන් එක කරන්න ඕනේ ආධාර කරන එක මිසක් යුද්ද කරන එක නෙවේ. ඉරාකෙට ගිහිල්ල දැන් මොකද වෙලා තියෙන්නේ? සදාම් ඉන්න කාලෙට වඩා දැන් මැරෙනවා නේද? ඇෆ්ඝනිස්තානෙට මොකද වෙලා තියෙන්නේ. ඇමෙරිකාව ඒ රටවල අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇවිල්ල කලින් ටත් වැඩිය මිනිස්සු මැරෙනවා. ඇමෙරිකාව ඉරාකෙන් ගියේ සාමෙ උදා කරලද ?(නදී)

:       0       0

මංගල කොලොන්නාව Tuesday, 17 September 2013 07:02 PM

මිනිපේ මහතාට චීනයේ කෙනෙකු දවසට ලබන වේතනය ලංකාවේ මෙන් දෙගුණයක් . නොදන්නවා නම් සොයා බලන්න . එනිසා චීනය දෙන් විදේශ අඩු පඩි ලබන රටවල් කෙරේ යොමු වනවා .ඔවුන්ගේ කර්මාත්ත ඉදිරියට ගෙන යාමට අවම මිලක් තබා ගැනිමට (අ)

:       0       0

ප්‍රදීප් Wednesday, 11 September 2013 05:59 PM

ඇමරිකාවයි,ඊශ්‍රායලයි නැතිවුණා නම් අන්තවාදියෝ බඩ පිනුම් ගහවි. ඔය අය අල්කයිඩා එක කරපු එක වරදක්වත් පිලිගන්නවාද?(නදී)

:       0       0

බොස්ටන් වික්‍රම Monday, 16 September 2013 07:26 PM

මේකේ ප්‍රතිචාර දමන බොහෝ දෙනෙක් ඇමරිකවේ පදිංචියක් නොමැතිව එම රටට කඩේ යන්නේ. මම අවුරුදු 18 ක කාලයක් ඇමරිකාවේ පදිංචි කෙනෙක්. නමුත් ඔබ කියනා මානුෂික අයිතිවාසිකම මෙම රටේ නොමැත. වර්ණ වාදය සහ මුදල් තිබෙන ධනකුවේරයන් විඳින අයිතිවාසිකම දුප්පත් මිනිසුන්ට නොමැත.එම අතින් ලංකාවේ පොලිසිය සිය ගුණයක් හොඳය. සිනමාවේ දකින ඇමරිකාව නොවේ මෙහි සිටින අයට දකින්න ලැබෙන්නේ. මිනිපේ මහත්තයෝ, ඔබ පොඩ්ඩක් මෙයට වැඩිය වගකිව යුතු ආකාරයේ ප්‍රතිචාර දමන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 130 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 98 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 177 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 48 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 53 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 470 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2098 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site