සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ විකී සහබ් සහ සාගර් ශ්‍රීජෝගේන්ද්‍ර නමැති දෙදෙනාය. ගුජරාට ප්‍රාන්තයේ භූජ් විහාරයක සැඟව සිටියදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
ඔවුන් බිෂ්නෝයි නමැති අපරාධ කල්ලියට සම්බන්ධ බවට සැකපළ කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. පසුගිය14 වැනිදා අලුයම 5 ට පමණ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් විසින් මුම්බායි හි පිහිටි සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තබා පළාගොස් තිබුණි.
මෙම වෙඩි ප්‍රහාරයත් සමග සල්මන්ගේ ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ අතර නිවසින් පිටව යන්නේ නම් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙසට ද දැනුම්දී තිබුණි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මරණ තර්ජන හේතුවෙන් සල්මන් ඛාන් හට අත්‍යවශ්‍ය කටයුතුවලට හැර සිය නිවසින් පිටතට නොයන ලෙසද ආරක්ෂක අංශ දැනුම්දී ඇති බවය.
ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිත කිහිපයක ඝාතන සිද්ධීන්වලට චෝදනා එල්ලවී සිටින කුප්‍රකට බිෂ්නෝයි කල්ලිය මීට පෙර ද සල්මන්ට තර්ජනය කර තිබුණි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට