IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


සල්ලි දී ගුටිත් ඉල්ලන් කයි

චීනයේ බීජිං නුවර වීදියක පසුගියදා දැකගත හැකිවූ විශේෂ පුද්ගලයෙකa විය.‘යුවාන් 10 ක් (රුපියල් 211.95) ගෙවන්න.ඉන්පසු මට පහරක් දෙන්න‘ යැයි සඳහන් වූ ටී ෂර්ටයක් ඔහු ඇඟලාගෙන සිටියේය.ඔහු ඉදිරියේ වූයේ නොයෙකුත් රෝහල් බිල්පත්, වෛද්‍ය වාර්තා වලින් පිරි පෙට්ටියකි.ඒවා කියවා බලන්නෙකුට ඒ සියල්ල මේ පුද්ගලයාගේ දෙහැවිරිදි පුතණුවන්ට අයත්බව වටහා ගත හැකිය.

ලියුකේමියාවෙන් පෙළෙන තම දරුවාගේ රෝහල් ගාස්තු පියවාගැනීමට මිනිස් ‘පන්චිං බෑගයක්‘ බවට පත්ව සිටින මේ පුද්ගලයා නමින් ෂියා ජුන්ය.තම දරුවාට ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් කිරීමට නිර්දේශව ඇතත් ඒ සදහා වැය කිරීමට සිදුවන යුවාන් ලක්ෂ 7 ක් පමණ වන මුදල සොයාගැනීම තමන්ට සිහිනයක් බදු යැයි ඔහු කියයි.

මුදල් සොයාගැනීමට මුලින් හිගා කෑමට සැරසුණද මග යන එන්නෝ තමන් බොරුවක් කරයි සිතා මුදල් නොදේය කියා තේරුම් ගිය හෙයින් මෙසේ ‘පන්චිං බෑගයක්‘ වීමට තීරණය කළ බව ඔහු පවසයි.ඔහු බොරුවක් නොකරන බව ඉදිරියේ තිබෙන පෙට්ටියේ ඇති රෝහල් බිල්පත් ආදිය පරීක්ෂා කිරීමේදී හොදින්ම අවබෝධ වේ.

මේවා දකින මහමග යන්නෝ තමන්ට තඩිබෑමට නතර නොවී ඔවුන්ගේ කැමැත්තෙන්ම මුදල් ප්‍රදානය කරන බව ඔහු කියයි.චීන මාධ්‍යයද ෂියා ජුන්ට විශාල ප්‍රචාරයක් ලබාදී තිබෙන අතර ඒ ඔස්සේද සැළකිය යුතු තරමේ මුදල් ප්‍රමාණයක් එක්රැස් කරගැනීමට ඔහුට හැකිව තිබේ.

ඔහුගේ දෙනෙතින් සතුටු කදුළු වැගිරේ.ඉක්මනින්ම තම දරුවාව සැත්කම සදහා යොමුකරවන බව ඔහු පවසයි.

උදවු සදහා ඉදිරිපත්වූ ඇතැමුන් ෂියාට රැකියාවක් පවා සොයාදීමට කැමැත්ත පළ කර තිබෙන බව සඳහන්ය.

මේ සා කරුණාවක් තමන් කිසිසේත්ම බලාපොරොත්තුවූයේ නැති බව ෂියා ජුන් කියයි.සියලූදෙනාටම ඔහු ස්තූති කරන්නේ හෘදයාංගමවය.

human-punching-bag2-550x364 human-punching-bag3-550x480 human-punching-bag4-550x366 human-punching-bag-550x366



අදහස් (0)

සල්ලි දී ගුටිත් ඉල්ලන් කයි

කුමාරි Friday, 12 December 2014 01:01 PM

දයාබර තාත්තෙක්. මගේ ඇස් වලට කඳුලුත් ආවා.ඔබේ ප්‍රාර්ථනාව ඉටු වේවා! (හේ)

:       0       0

හේමන්ත Saturday, 13 December 2014 01:40 AM

වෙනස් විදිහකට හිතන්න පුරුදු වුනු කෙනෙක් තමයි ලංකාවටත් අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ විදිහට වෙනස් ආකාරයකට පුළුවන් නායකයින් තමයි.(නදී)

:       0       0

සම්පත් Sunday, 14 December 2014 03:49 PM

ඔබවැනි පියෙකුට හිසනමා ආචාර කරමි දරුවට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබී ඉක්මන් සුවය ලැබේවා (නදී)

:       0       0

චානක මධුසංඛ Saturday, 13 December 2014 03:06 PM

පව් ඉක්මන් සුව මේ වගේ තාත්තලා ලබන්න පිං කරලා තියෙන්න ඕනේ (නදී)

:       0       0

රයන් Saturday, 13 December 2014 03:57 PM

ඉන්ද්‍රජිත්ට තේරුම්යයි එයත් තාත්තා කෙනෙක් වූ දවසට (නි)

:       0       0

රූපවතී Monday, 15 December 2014 04:52 AM

දරුවාගේ ජීවිතය රැකගන්න ඔබට ශක්තිය හා දෛර්ය ලැබේවා ...! හරිම ආඩම්බරයි ...(හේ)

:       0       0

සෙනරත් Saturday, 13 December 2014 03:32 AM

ඔබේ දරුවාට ඉක්මන් සුවය පතනවා. (නි)

:       0       0

නාලක Sunday, 14 December 2014 05:07 PM

මවු සෙනෙහස සාගරයකි .පිය සෙනෙහස මේඝ වලාවකි. (හේ)

:       0       0

වසන්ත Saturday, 13 December 2014 06:09 PM

හරිම දුකක් දැනුනා (නි)

:       0       0

පාලිත Sunday, 14 December 2014 10:43 AM

ඔබේ දරුවා සුවවෙනවා ඒකාන්තයි!. දරුවෝ වෙනුවෙන් තාත්තලට කරන්න බැරි දෙයක් නැහැ. (නදී)

:       0       0

එරංග Saturday, 13 December 2014 06:48 PM

බුදුසරණින් ඉක්මනින් සුවය ලැබේවා! (නි)

:       0       0

නජාම් Saturday, 13 December 2014 07:02 PM

ඉක්මන් සුවය පතමි (නි)

:       0       0

රසිකා Saturday, 13 December 2014 07:31 PM

උතුම් පියෙක්. ඔබේ දරුවාට ඉක්මන් සුවය පතමි (නි)

:       0       0

මංජුල බංඩාර Saturday, 13 December 2014 05:06 AM

නොසිදෙන ආදරයයි ඔබතුල මේ , ඉතිරී, පැතිරී වැගිරෙන්නේ මා පියාණෙනි (නදී)

:       0       0

කිත්සිරි Monday, 15 December 2014 11:13 AM

මේ දරුවාට නීරෝගිභාවය, දීර්ගායුෂ ලැබේවා !(හේ)

:       0       0

සරත් Friday, 12 December 2014 03:53 PM

සැබෑ පියෙක්. මගේ මේ නමස්කාරය ඔබටයි (නදී)

:       0       0

සංජීව Saturday, 13 December 2014 05:25 AM

ඔබ දරුවට ඉක්මනින්ම සුවය ලැබේවා . (හේ)

:       0       0

ඉරාජ් Saturday, 13 December 2014 09:20 PM

ඉන්ද්‍රජිත්, ඔහොම හිතන්න එපා (නි)

:       0       0

රොකී Monday, 15 December 2014 11:28 AM

ඔබගේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා!!!!!! (නි)

:       0       0

ශිරන්ති Tuesday, 16 December 2014 02:34 AM

අපේ රටේ නම් සැත්කම් සඳහා කියමින් මුදල් එකතු කරන එක දැන් ලොකු ජාවාරමක් වෙලා ඉවරයි.කුලී පදනම මත වෛද්‍ය වාර්තා විකුණන අයත් ඉන්නවා.මේ වගේ දේවල් සඳහා නීතිරීති අවශ්‍යයි නේද? (නි)

:       0       0

රෝහිත Saturday, 13 December 2014 06:57 AM

ඔබ වන් තාත්තලා ලබන්න දරුවෝ පින් කරන්න ඕනේ (නදී)

:       0       0

ජගත් Friday, 12 December 2014 05:40 PM

ඔබ සැබෑ වීරයෙකි (නදී)

:       0       0

සරත් Saturday, 13 December 2014 08:22 AM

දැන් ලංකාවේ අයත් ඔය වැඩේ පටන් ගනී.(හේ)

:       0       0

නිහාල් ප්‍රනාන්දු Saturday, 13 December 2014 08:26 AM

බුදුබව ලැබිය යුත්තේ මවුවරු පමණක් නොවේ. පියවරුන්ගේ පපුවල කිරි නැතත් මහා කරුණාවක් තම දරුවන් කෙරෙහි තියනවා. අම්ම බුදුවේවා! තාත්තත් බුදු වේවා! (හේ)

:       0       0

හරීන්ද්‍ර Monday, 15 December 2014 02:28 AM

ඉන්ද්‍රජිත් කියන්නේ මෝඩ කතාවක් (නි)

:       0       0

රංජිත් සෙනවිරත්න Friday, 12 December 2014 06:17 PM

මම ඔබට ගරුකරනවා (නදී)

:       0       0

සුසන්ත Sunday, 14 December 2014 04:43 AM

ඔබගේ උත්සාහයට අපේ සුභ පැතුම්.. දරුවාට ඉක්මන් සුවය පතනවා. (නදී)

:       0       0

වාසනා Sunday, 14 December 2014 05:31 AM

උතුම් පියෙක්. අපේ අප්පච්චිත් මෙහෙම දෙයක් නොකරත් අපිට මේ තරන්ම ආදරෙයි. (ර)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 13 December 2014 11:01 AM

කපටි තාත්තෙක් (අ)

:       0       0

ලාල් Tuesday, 16 December 2014 09:43 AM

තම ලෙයින් උපන් දුවරු පුතුන් දුෂණය කරන පියවරුන් සිටින මේ ගතානුගතික සමාජයේ ඔබ සැබවින්ම අාර්ය පියෙකි (නදී)

:       0       0

අජන්ත Saturday, 13 December 2014 12:19 PM

ඇහැට කඳුළු එන කතාවක්. හරිම සංවේදී. පුතාට ඉක්මන් සුවය ලැබේවා. (නදී)

:       0       0

රූමි Sunday, 14 December 2014 07:19 AM

තාත්තලගේ ආදරය හරියට ගහක මුල් වගේ. හරිම ශක්තිමත්. මුලු පවුලේම පැවැත්ම රඳවා ගන්නේ ඒකෙන්. ගහක මුල් කාටවත් පෙනේන්නේ නැහැ වගේ තාත්තලාගේ ආදරයත් පෙනෙන්නේ නැහැ. මුල් නැතුව ගහකුත් නැහැ. (නදී)

:       0       0

නුවන් Monday, 15 December 2014 03:47 AM

අනේ පවු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 52 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 63 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 25 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 31 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 312 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 246 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 779 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2175 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site