IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවයි

සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය කළේය.

ආර්ථික විශේෂඥයෙකු මෙන්ම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කරමින් සිටි 52 හැවිරිදි ලොරෙන්ස් වොංග්, අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි. ඒ, 2024 මැයි 15 වැනිදාය.

ඒ අනුව මෙය අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් ගේ පළමු මැතිවරණයද වෙයි.

අග්නි දිග ආසියාවට අයත් සිංගප්පූරුව හැඳින්වෙන්නේ සිංගප්පූරු ජනරජය යන නමිනි. සිංගප්පූරුව දුපත් 63 කින් සමන්විත වෙයි.

1959 වසරේ දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට පැවැත්වෙන 14 වැනි මහ මැතිවරණය මෙය වනු ඇත. 1959 වසරෙන් පසු දිගටම බලයේ සිටින්නේ ජනතා ක්‍රියාකාරී පක්ෂයයි. එලැඹෙන මැතිවරණයෙන් ද ජනතා ක්‍රියාකාරී පක්ෂය බලයට පත්වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වෙයි.

ඉහළ යන ජීවන වියදම, නිවාස අවශ්‍යතා, රැකියා සහ වයස්ගත වන ජනගහනයක් හමුවේ වැඩිවන සෞඛ්‍ය සේවා ඉල්ලුම ආදිය මෙවර මහ මැතිවරණයේ දී කාගේත් අවධානය දිනා ගන්නා මාතෘකා වනු ඇත.

සිංගප්පූරුවේ රාජ්‍ය නායකයා ජනාධිපති වන අතර, රජයේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයාය. අග්‍රාමාත්‍යවරයා විසින් කැඉිනට් මණ්ඩලය පත් කෙරේ.

(බීබීසී)



අදහස් (0)

සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පේරු හිටපු ජනපති සහ බිරිඳ වසර 15 ක් හිරේ
2025 අප්‍රේල් මස 16 1017 0

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.


චීන ජනපති වියට්නාමයේ
2025 අප්‍රේල් මස 15 103 0

එකිනෙකාට තීරු බදු පනවා ගනිමින්, ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, චීන ජනාධිපති ෂී ජින්පින්, ඇමෙරිකාවේ තීරු බදුවලට විරුද්ධ වෙන්නැයි


වැලි කුණාටුවකින් ඉරාකය බැටකයි
2025 අප්‍රේල් මස 15 89 0

ඉරාකයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශ හරහා හමා ගිය වැලි කුණාටුවකික් හේතුවෙන් දහසට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව පැවැසෙයි.


ඉරාන විදෙස් ඇමති රුසියාවේ
2025 අප්‍රේල් මස 15 69 0

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි රුසියාව බලා යැෑමට නියමිතය. මේ වනවිට ඉරානයත් රුසියාවත් අතරේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙය


ලෙබනන් අගමැති සිරියාවේ
2025 අප්‍රේල් මස 15 30 0

සිරියාවත්, ලෙබනනයත් අතරේ යළි සබඳතා ඇති කර ගැනීමට ලෙබනනය සූදානම් වන අතර‍, ලෙබනන් අග්‍රාමාත්‍ය නවාෆ් සලාම් සිරියාවට පැමිණ, සිරියාවේ නව අන්තර්වාර ජනාධිප


තිරසාර සාමයකට පුටින් කැමතියි
2025 අප්‍රේල් මස 15 69 0

තිරසාර සාම වැඩපිළිවෙළකට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැති බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කෝෆ් පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 146 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 292 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 943 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site