IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට

දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට සිදුවුණු නාසා ගගනගාමීන් දෙදෙනා සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට පැමිණියහ.

සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් අභ්‍යවකාශයට ගියේ ඔවුන්ගේ අවසන් අභ්‍යවකාශ මෙහෙයුම ආරම්භ කරමිනි. දින 8 ක මෙහෙයුම, මාස 9 ක් වේවි යැයි ඔවුන් සිහිනෙකින්වත් සිතුවේ නැත. විලියම් සහ විල්මෝර් යළි පැමිණියේ නාසා ආයතනය සමඟ සම්බන්ධ වී සිටින, ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්ගේ 'ස්පේස් එක්ස්' සමාගමේ 'ඩ්‍රැගන්' ගගන කැප්සියුලයේ ආධාරයෙනි.

කැප්සියුලය ඇමෙරිකාවේ වේලාවෙන් සවස 5.57 ට පැරෂූට් ආධාරයෙන් ෆ්ලොරීඩාවට ඔබ්බෙන් මුහුදට පතිත කෙරුණි. ඒ, විලියම් සහ විල්මෝර්ගේ අවසන් ගගන මෙහෙයුම දින 268 කට පසු  අවසන් කරමිණි.

විලියම් සහ විල්මෝර් ආපසු පැමිණියේ තනිවම නොව, එම කැස්පියුලයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය ඇමෙරිකන් සහ රුසියන් ගගනගාමීන් දෙදෙනකු ද සමඟය. 'ඩ්‍රැගන්' කැප්සියුලයේ ඉඩ පහසුකම් ඇත්තේ ගගනගාමීන් සිවු දෙනකුට පමණි.

සාමාන්‍යයෙන් ගගනගාමීන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙද්දී, ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරේ. පලපුරුදු නාසා ගගනගාමීන් වුවත්, 59 හැවිරිදි සුනීතා විලියම්ස් සහ 62 හැවිරිදි බුච් විල්මෝර්, ආපසු ආ සැණින් වෛද්‍ය ආධාරකරුවන්ගේ අවධානයට ලක්වූහ. ඔවුන් දෙදෙනාට තව ටික දිනක්, හූස්ටන් පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවෙයි. ඒ, වෛද්‍ය අධීක්ෂණය යටතේය.

(නාසා අයතනය)



අදහස් (0)

සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගේ සටන් විරාමයට රුසියන් ජනපතිගේ අකැමැත්ත
2025 මාර්තු මස 19 1897 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන කතාබහෙන් පසු, රුසියනු යුක්රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක ස


සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට
2025 මාර්තු මස 19 2248 0

දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැ


අගමැති මෝදි ඇමෙරිකන් බුද්ධි අංශ ප්‍රධානියා හමුවෙයි
2025 මාර්තු මස 18 171 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාඩ් අතරේ හමුවක් නවදිල්ලි අගනුවරදී පැවැත්විණි.


නවසීලන්ත අගමැති ඉන්දියාවේ සංචාරයක
2025 මාර්තු මස 18 53 0

ඉන්දීය සංචාරයකට පැමිණ සිටින නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් නවදිල්ලියේදී පැවැත්විණි.


භික්ෂූන් වහන්සේලා බුද්ධ ගයාවේ විරෝධතා
2025 මාර්තු මස 18 1658 3

බුද්ධගයාවේ පාලනය, සම්පූර්ණයෙන්ම බෞද්ධ මණ්ඩලයකට භාරදෙන මෙන් ඉල්ලා, මහාබෝධි විහාරය අසල ආරම්භ කර ඇති උපවාසය දිගටම පැවැත්වෙන බවත්, ඉන්දියාවේ බෞද්ධ භික්ෂ


බයිඩන්ගේ ‘සමාව දීම්’ ජනපති ට්‍රම්ප් රිවෙස් කරයි
2025 මාර්තු මස 18 2054 0

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී, අපරාධ චෝදනා ලැබ සිටි ඔහුගේ පුතු හන්ටර් බයිඩන් ද ඇතුළු ඔහුගේ හිතවාදීන් පිරිසකට ජ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 429 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 979 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 340 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site