ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයකු වූ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් බ්‍රොන්කයිටීස් රෝගය වැළඳීම හේතුවෙන් ඉකුත් 30 වැනිදා හුස්ටන් නුවර රෝහලකට ඇතුළු කළ අතර දැන් ඔහු සුවවෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය යහපත් මට්ටමකට තිබෙන බව කී වෛද්‍ය ජිම් මැක්ග්‍රාත් මේ සතිය අවසානයේදී ඔහුට රෝහලෙන් පිටත්ව යෑමට හැකි වනු ඇතැයි ද පැවැසීය. බුෂ් රෝහල් ගත කළ බව දැනගත් සැණින් ඔහුගේ පුත් හිටපු ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ් සිය බිරිඳ ලෝරා සමඟ රෝහලට පැමිණි බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අසූඅට වන වියේ පසුවන බුෂ් 1989 සිට 1993 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති පදවිය හෙබවීය. ඉරාක ජනපති සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළ අවස්ථාවේදී ඇමෙරිකා හමුදා ඉරාකයට යවන ලද්දේ හිටපු ජනපති බුෂ් විසිනි. ඇමෙරිකා උප ජනපති ලෙස ද කටයුතු කර ඇති ජනපති බුෂ් කොංග්රස් මණ්ඩල සාමාජිකයකු ලෙසත් සී.අයි.ඒ බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කර ඇත.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු ජනපති ජෝර්ජ් බුෂ්ට දැන් සුවයි