ඊජිප්තුවේ පසුගිය වසරේ විරෝධතා ආරම්භ වූ අවස්ථාවේදී විරෝධතාකරුවන් මරා දැමීමට අණ දුන්නැයි අධිකරණය හමුවේ වරදකරු වූ හිටපු ජනපති හොස්නි මුබාරක්ට මරණ දඬුවම පමුණුවන්නැයි එරට හමුදා පාලක මණ්ඩලයෙන් ඉල්ලමින් ඊයේ (4) ද කයිරෝවේ තරීර් චතුරස්රයේ දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි. ඊජිප්තුවේ කයිරෝ නුවර යළිත් වරක් විරෝධතාවලින් ඇලැළී ගියේ එරට අධිකරණයක් මගින් හිටපු ජනපති හොස්නි මුබාරක්ට ජීවිතාන්ත සිර දඬුවමක් නියම කිරීමෙන් පසුවය. එහෙත් ඊජිප්තු ජනතාව පවසන්නේ ජීවිතාන්ත සිර දඬුවමක් නොව මුබාරක්ට මරණ දඬුවම ලබා දිය යුතු බවය. පසුගිය වසරේ මාර්තු මාසයේ ඊජිප්තුවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූ අවස්ථාවේ, ආරක්ෂක අංශ යොදවා විරෝධතාකරුවන් මර්දනය කිරීමට අණ දීමත්, ඔවුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමත් යන චෝදනාවලට මුබාරක් වරදකරු වී සිටී. පිළිකාවකින් පීඩා විඳින 84 හැවිරිදි මුබාරක් කලින් අවස්ථාවලදී මෙන් මෙවරත් පසුගිය 2 වැනිදා ද අධිකරණයට යොමු කෙරුණේ ගිලන් ඇඳ පිටින්ය. අරාබි වසන්තය ආරම්භ වීමෙන් පසු, ජනතා විරෝධය මැද පසුගිය වසරේ මාර්තු මාසයේදී බලයෙන් ඉවත් වීමෙන් පසු මුබාරක් ඔහුගේ පුතුන් දෙදෙනා මෙන්ම රජයේ උසස් නිලධාරීන් කීප දෙනකු අත්අඩංගුවට ගෙන කයිරෝ අගනුවර බන්ධනාගාරයක රඳවනු ලැබුණි. ඒ පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදීය. මුබාරක්ගේ පුතුන් දෙදෙනාට එරෙහි නඩු තීන්දුව ඉදිරි දින කීපයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. ඔවුන් දෙදෙනාට දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබේ.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු ජනපති මුබාරක්ට මරණ දඬුවම ඉල්ලා කයිරෝවේ විරෝධතා
දයා Tuesday, 05 June 2012 05:15 PM
කළ කළ දේ පළ පළ දේ...
නිකමා Tuesday, 05 June 2012 03:40 PM
අපේ අයත් මේව බලාගෙනනේ ඇත්තේ...
සකල බුජන් Wednesday, 06 June 2012 07:41 AM
දුටුගැමුණු හිටියත් නූල් කාරයොයි, පඹයොයි ඉන්නව නම් මොනවා කළත් වැඩක් වෙන්නේ නෑ