ඇමෙරිකාවේ නාසා ආයනය පවසන්නේ විශ්වය මෙතෙක් සිතා සිටියාට වඩා මනරම් බවයි.
හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් ග්‍රහණය කැරගත් ප්‍රතිබිම්භ පරීක්ෂා කිරීමෙන් පසු එම ආයතනය මේ බව ප්රකාශකැර ඇත. නාසා ආයනය පවසන්නේ මිනිස් ඇසට සාමාන්‍යයෙන් දැකිය නොහැකි පාරජම්බූල කිරණ මේ ඡායාරූප ගැනිමේ දී සැළකිල්ලට ගත් බවයි. ඇතම් රූපවලින් ලා නිල් පැහැයෙන් බ්‍රමණය මන්දාකිණි පෙන්වන අතර ඒවායේ රූපය සකසන අවස්ථාව වන විට තවත් වසර බිලියන 10ක් පමණ වයසට ගොස් ඇති බවත් නාසා ආයතනය පෙන්වාදෙයි.
හර්බල් දුරේක්ෂයේ සේවයේ නිරත විද්‍යාඥ සොල්ට් ලිවේ පවසන්නේ පාරජම්බූල කිරණ භාවිතා කරමින් ඡායාරූප ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් මිනිසුන්ට දැන් විශ්ව පුළුල් වර්ණාවලියක වර්ණයෙන් දැකිය හැකි බවයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිතුවාට වඩා විශ්වය ලස්සනයි
විජේ Sunday, 15 June 2014 02:43 AM
සුන්දරයි ................ (දී)
නලින් Tuesday, 10 June 2014 11:42 AM
අපි දන්න දේ එයාල හොයාගත්තා වගෙ අපිටම කියන්න ඔය ආයතන පුදුම කෑමත්තක් තියෙන්නෙ..........හෑබෙයි ඉතින් දිව්‍ය ලෝක සුර ලෝක ගෑන අපි මොකක් හරි කිව්වොත් ඒවා මිත්‍යා කියල කියන්නත් ඒ අය සෑදී පෑහෙදී ඉන්නවා... (දී)
මහේෂ් Wednesday, 11 June 2014 10:53 AM
බුදුරජාණන් වහන්සේ කියල තියනවා විශ්වය ගැන හිතන්න එපා කියල එ්ක ඇත්ත නේද? (ස)
ඉන්දික Tuesday, 10 June 2014 11:56 AM
ඔය ලස්සන දැන් නැතුව ඇති. මොකද අලෝක්වර්ෂ මිලියන ගණනක් ඈත තියෙන ඒවායේ ආලෝකට අපිට එනවිට ඒවා විනාශ වෙලත් ඉවර වෙන්න පුළුවන්. මේවා මායාවන් විතරයි. මිට වැඩිය ලස්සන දේවල් මේ ලෝකෙම තියෙනවා. (දී)
ඉන්දික Tuesday, 10 June 2014 11:57 AM
ඒගොල්ලෝ ගන්නවා. ඒගොල්ලෝම ලස්සනයි කියනවා. අපි කට අරගෙන බලාගෙන ඉන්නවා !!! (දී)
රතන Wednesday, 11 June 2014 11:10 AM
සෑම තැනම ඔප්පුවන්නේ බුදු බණ සත්‍ය බවය. (ස)
ශාන් Wednesday, 11 June 2014 11:13 AM
දොරමඩලාව 20014.05.12 වැඩසටහන අහන්න. මෙම රූපයේ ගැන වගේම විශ්වය ගැන හොද අවබෝධයක් ලැබේවි. (ස)
පෙරේරා Tuesday, 10 June 2014 12:15 PM
ඒක ඇත්ත. මේ මහ පොළොව හරිම සුන්දරයි (නි)
සාමා Tuesday, 10 June 2014 12:15 PM
මේ ඡායාරූපය දුටුගමන් හිතුනේ, බුදු බණ තුළ ඇතුළත් විශ්වය ගැන විස්තරය කොතරම් ඇත්තක්ද කියාය (නි)
ප්‍රියංකා Saturday, 14 June 2014 01:13 PM
බුදු රජාණන් වහන්සේ හිටිය කියල ඔප්පු කරන්න ඕනෑම තරම් සාධක තියෙනවා. ඒවා ඔප්පු කරලත් තියෙනවා. අනිත් එක බුදු දහමේ එකක්වත් බොරු කරන්න කිසිවෙකුට බෑ. එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මම අභියෝග කෙරෙනවා (අ)
ප්‍රියන්කා Wednesday, 11 June 2014 12:52 PM
ඔව්. බුදු රජාණන් වහන්සේ විශ්වය ගැන එ්කේ ආරම්භය ගැන හොයන්න එපා කීවා. හේතුව නිවන් අවබෝධය ඊට වඩා වටිනා නිසා. විශ්වය ගැන හොය හොයා කාලේ නාස්ති කරන්න එපා කියල දේශනා කලා. (ස)
හේලීස් Tuesday, 10 June 2014 12:54 PM
@නදීක ප්රෘථිවිය විතරයි මැව්වෙ. (දී)
සිල්වා Tuesday, 10 June 2014 07:09 PM
කට්ටියම පරිණාමවාදය ගැන සොයන්න. එතකොට ලෝකයේ ලස්සන දකින්න පුළුවන් වේවි (නි)
ඉන්දික Wednesday, 11 June 2014 01:12 PM
ප්‍රියන්කා, එක ඇත්ත. අනිත් එක එ්ක හොයල ඉවර කරන්න බැරි නිසා. දැන් එ්ක ඔප්පුවෙනවා. (ස)
හේවාවිතාරණ Saturday, 14 June 2014 01:23 AM
නදීක මහතාණනි ; දෙවියන් වහන්සේලා කොහොමද විශ්වය මවන්නේ දෙවියන් වහන්සේලා උදව් උපකාර සහ පින් බලා පොරොත්තු වෙන්නේ මනුෂ්ස්වයන්ගෙන් බව ඔබ නොදන්නේද ? (දී)
ලක්ෂපාන Wednesday, 11 June 2014 01:15 PM
මේ ලෝකය ඇතිවෙලා තියෙන්නේ විශ්වයේ නොයෙකුත් විපර්යාස මත.ඔය පින්තුරය ගැන විශ්මයට පත්විය යුතු මහා දෙයක් මට නම් නෑ. කවුරු හරි ඒක අගය කෙරුවට හෝ වැඳුම් පිදුම් කෙරුවාට මගේ කිසි අමනාපයක් නෑ. නමුත් ඇමරිකාව වගේ රටවල් අපි වගේ කුඩා රටවල් වලට කරන අකටයුතුකම් බොහෝමයි. ඇමරිකාව අපිව ගේ පුංචි රටවල් නොමග යවනවා කියන එකත් අවබෝධයෙන් සිටීම වැදගත්. (ස)
හේවාවිතාරණ Saturday, 14 June 2014 01:25 AM
අසංග , දෙවියන් වහන්සේලා කොහොමද මෙව්වා මවන්නේ (දී)
හේවාවිතාරණ Saturday, 14 June 2014 01:30 AM
ශම්මි මුබාරක් වෙතය :බුදු රදුන්ට නිගා නොකොට තමන්ගේ අල්ලා ගැන හිතන්න :පුරුදු වෙන්න (දී)
නලින් Saturday, 14 June 2014 01:40 AM
ඇත්තටම විශිෂ්ඨයි (දී)
හේවාවිතාරණ Saturday, 14 June 2014 01:48 AM
දෙවියන් වහන්සේට ඔව්ව කරන්න පුළුවන් නම් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනේරුවෝ මොකටද ?
බන්දුල සිල්වා Thursday, 12 June 2014 04:43 PM
සැබවින්ම විශ්වය විස්මයක්මය. මිනිස් සිරුරද එසේම අසිරිමත්ය. විස්මය දනවයි. මෙම බඹයක් පමණ වූ සිරුර තුලින් විශ්වයම දකින්නට හැකි බවද බුදු හිමියන් දෙසුවේ දැනට වසර 2600 ටත් පෙරය. එබැවින් විශ්වය ගැන සෙවීම අති දුෂ්කර කටයුත්තක් බවද එතුමාණෝ පෙන්වා දුන්හ. (නි)
සනත් විජය බංඩාර ඒකනායක Saturday, 14 June 2014 02:30 PM
මේ හැම දෙයක්ම මවන්න වෙනම කවුරුවත් හිටියෙ නෑ. පඨවි,ආපෝ,තේජෝ,වායෝ වලින් තමා මේව මැවුනෙ. දෙවියෝ කියන්නෙ මිනිසාගෙ මැවීමක්. සඳ මැවුනේ කොහොමද කියලා අලුත්ම මතයක් ලංකාදීපයෙම තියෙනවා...(නදී)
සමීම් මුබාරක් Thursday, 12 June 2014 09:41 AM
දෙවියන් ඇතිද නැතිද බුදුන් හිටියද නැතිද කියල අපි දන්නේ නැහැ අපි ඇහැට දැකලත් නැහැ අපි දන්නේ පොත් පත්වල ලියල තියෙන දේ අනුවිදෙවියන් බුදුන් ගැන දන්නේ නමුත් යම් කිසි විස්වාසයක් හිතේ තියාගෙන ජීවත් වුනාම යහපත් විදියට ජීවත් වෙන්න පුළුවන් (දී)
සමන්ත Tuesday, 10 June 2014 01:24 PM
දෙවියෝ මැව්වේ කවුද එතකොට ! (දී)
විජේබා Tuesday, 10 June 2014 01:58 PM
කවුරු හරි හිතනවා නම් මෙම විශ්වය කවුරු හරි මවපු දෙයක් කියලා එම ඇදහීමට කවුරුවත් බාධා නොකළ යුතුයි. නමුත් සත්‍ය නම් සියලුම ද්‍රව්‍යයෝ ස්වබාවධර්මයට අයිති වන අතර කිසිවකු විසින් කිසිවක් මවා නැති බවයි.(දිල්)
සිරියලතා Wednesday, 11 June 2014 02:21 PM
ලෝකය මැවූ දෙවියන් වහන්සේට දැන් මොනවා හිතෙනවාද දන්නෙ නැහැ නේද, අද කාලේ මිනිසුන් කියන කරන දේවල් දුටු විට? (නි)
හර්ෂක Thursday, 22 September 2016 06:39 AM
ගොඩක් හොඳයි (නි)
දනු Saturday, 14 June 2014 04:12 AM
ලස්සන සැමදෙ මොහොතක සුව දේ (දී)
උපුල් සමන්ත Tuesday, 10 June 2014 02:11 PM
ලෝකෙ මෙච්චර දැනුම අතින් දිව්ණු වෙලා තියෙද්දීත් අපේ සමහර මිනිස්සු තාමත් හිතන්ඉන්නේ දෙය්යෝ විශ්වය මැව්වා කියලා. (දී)
මල්ලි Thursday, 12 June 2014 10:25 AM
චන්ඩි--- සත්යවාදියකු දකින්නෙ මුලාවක් නමුත් සත්‍ය අවබෝධකරගත් කෙනෙක් දකින්නෙ නියම යතාර්ථය ඒක තමා විසින්ම දැකියයුතු දහමක් (දී)
කලන Tuesday, 10 June 2014 02:38 PM
දේව කතා වැඩක් නැහැ විශ්මිතයි (දී)
කුමාර Tuesday, 10 June 2014 02:37 PM
දෙවියන් ව මැව්වේ කවුද, කවදද? කොහොමද? දෙවියෝ මැව්වා නම්, අද වෙන කොට මිහිතලයෙන් වඳවී ගිය ගහ කොළ සත සීපවත් නැවත දෙවියන්ට මවන්න නොහැකි ද? (දී)
ලක්ෂපාන Tuesday, 10 June 2014 11:33 PM
අමරිකාවනන් ඕක හොයන් තියෙන්නේ පට්ටම බොරු. ඇමරිකාව ඔය වගේ දර්ශන හදන්නේ ගෙවල් ඇතුලේ.නාසා ආයතනයනම් කියන්නේ ඊටත් වඩා බොරු. තාම එයාල හඳට ගිහිල්ලත් නැ...(අ)
ජෙරාඩ් Wednesday, 11 June 2014 09:20 PM
තව පින්තුර තියෙනවානම් දාන්න (දී)
විශ්මි ද සිල්වා Wednesday, 11 June 2014 09:20 PM
විද්‍යාව තුල සුන්දරත්වයත්, සුන්දරත්වය තුල විද්‍යාවත් කැටි වුනු මේ විශ්වයේ අපුර්වත්වය, සුන්දරත්වය, විශ්මය දැකිය හැකි වනුයේ විමසිලිමත් දැසකට සහ සුන්දර හදවතකට පමණි. (දී)
පද්මපෙරුම Wednesday, 11 June 2014 12:16 AM
විශ්වය තමයි අපට ජලය,උෂ්ණත්වය, සුළඟ, ආහාර ආදිය ලබාදෙන්නේ.ලෝකය තමයි අපේ සැබෑ දෙවියන් වන්නේ.... (නි)
බමුණු ආරච්චි Friday, 13 June 2014 06:37 AM
මිනිසාට තේරුම් ගන්න බැරි හැමදෙයක්ම දෙවියන්ට බාර දුන්නානේ. කොහොම වුණත් මම නම් කියන්නේ දෙවියන්ව මැවුවේත් මිනිසායි. (නි)
බුද්ධික Saturday, 14 June 2014 07:07 PM
අයියෝ එහෙනම් මුබාරක් ගේ ආච්චි ගේ ආච්චි මුබාරක් දැකල තියෙනවද? මුබාරක් කියන විදියට මුබාරක් ට ආච්චිගේ ආච්චි ඉදල නැ.දැකපු කෙනෙක් නැනේ . (අ)
අසෝකා Wednesday, 11 June 2014 03:50 PM
අපි කොහොමත් පුරුදුවෙලා ඉන්නේ අපිට පෙනෙන මානයේ තියෙන දේවල් වල සුන්දත්වය දකින්න නෙමෙයි. නොපෙනෙන බොහෝ ඈතක තිබෙන අනුන් ලස්සනයි කියන දේවල් පිළිගන්න. ඊට පෙර ඔබ අවට පරිසරයේ සුන්දරත්වය නරඹන්න. එය කෙතරම් අපුරු නිර්මාණයක්ද? (නි)
මල්ලි Thursday, 12 June 2014 06:53 PM
සමන්ත ---පිලිකා මත් කුඩු ඩෙංගු මත්වතුර මෙකීනොකී සියලුම ජරාවල් මැව්වෙත් දෙවියන්වහන්සේ ද (දී)
මහින්ද Wednesday, 11 June 2014 03:21 AM
අනේ ලක්ෂපාන, මොනවද මේ කියන්නේ? (නි)
චන්ඩි Thursday, 12 June 2014 11:27 AM
ඒක වෙන්නැති අනුන්ට පෙන්නන්න ගියේ නේද මල්ලි...!!(දී)
බමුණු ආරච්චි Friday, 13 June 2014 06:54 AM
වැඩි ප්‍රශ්න අවශ්‍ය නැහැනේ. නාසා ආයතනයෙන් අහන්න විශ්වය මැවුවේ දෙවියන්ද කියලා (නි)
ලක්ෂපාන Wednesday, 11 June 2014 10:59 PM
සිරියලතා ,,,දන්නේ නැතිනිසා අහන්නේ .දෙවියෝ ලෝකය මවල තියෙන්නේ කොහේ ඉදන්ද? (දී)
ජගත් Wednesday, 11 June 2014 04:04 PM
ඉන්දික, මීට වැඩිය ලස්සන දේවල් තිබෙනවා. ඒක ඇත්ත. නමුත් ආලෝකය කියන්නේ ශක්තියක්. එය කාටවත් විනාශ කරන්න බැහැ, තවත් ශක්තියකට පරිවර්තනය වෙනවා මිසක් (නි)
රුවන් Tuesday, 10 June 2014 08:01 AM
අනේ ඇත්තද ? (නදී)
නදීක Tuesday, 10 June 2014 08:26 AM
දෙවියන් වහන්සේ මේ වගේ ලස්සනට විශ්වය කොහොම මැවුවද කියල හිතාගන්ඩත් බැහැ. මතක් වෙනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා. දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න දෙවියන් වහන්සේට විශ්වය මවන්න කොතරම් කාලයක් ගතවුනාද කියලා. (දී)
කුමාර Tuesday, 10 June 2014 08:30 AM
මේක පුදුම ලෝකයක්නේ...හරි පුදුමයි (නි)
අනිල් Thursday, 12 June 2014 12:02 PM
තවත් චායාරූප ඇත්නම් පල කරන්න (දී)
මල්ලි Saturday, 14 June 2014 08:33 PM
බමුණු ආරච්චි ඔබේ අදහස ඉතා නිවැරදියි දෙවියන් වහන්සේ යනු මිනිස් මනසේ නිර්මානයක් (දී)
අසංක Tuesday, 10 June 2014 08:51 AM
දෙවියන් වහන්සේගේ මැවීම් වල අපුර්වත්ය මෙයමයි ! ඔබට ස්තුති වේවා! (දී)
මිලින්ද Saturday, 14 June 2014 08:41 PM
සසර ගමන කෙටි කරන නිවන් මගට පැමිණෙන්න මීටත් වඩා ලස්සනට විශ්වය බලන්න පුළුවන් (දී)
ඉසුරන්දි Tuesday, 10 June 2014 09:28 AM
විස්මිතයි විශ්වය. (දී)
නුවන් Tuesday, 10 June 2014 09:37 AM
වැඩක් නෑ නේ. දකින ලස්සන මවපු ග්‍රහ වස්තු දැන් නැතුව ඇති. මොකද අහැට ඕව එනකොට ආලෝක වර්ෂ මිලියන ගානක් යනවලු. (දී)
රන්මල් Tuesday, 10 June 2014 05:04 PM
විශ්වය දෙවියන් විසින් මැවූ බව සමහර අය සිතන්නේ, දෙවියන්ගේ කැමැත්ත නිසා ද! (දී)
ඉන්දික Wednesday, 11 June 2014 09:40 AM
මහින්ද, ලක්ෂපාන කියන කතාවේ ඇත්තක් තියෙනවා. 1969 හඳට ගියා කිව්වට ඊට පස්සේ ගිය එකක් වත් පත්තරේක හෝ නිවුස් වලට හෝ කියනවා ඇහිලා තියෙනවද? එත් කියනවා ඊට පස්සෙත් ගිහිල්ලා තියෙනවා කියල. අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යැවුවත් කියන එකේ, මේ වගේ ඒවා කියන්නේ නැත්තේ ඇයි ? ඇත්තටම 1969 ගියා කියන එක ගැනත් එරටේම වෙනත් මත තියෙනවා. ඒ වගේම නසා කියන්නේ සල්ලි හම්බකරන්න හොඳ උල්පතක්. එක පොඩි ප්‍රොජෙක්ට් එකකටත් කෝටි ගණන් හම්බ කරන්නේ. ඒගොල්ලෝ කියන ඒවා අපිට පිළිගන්න වෙනවා ඇරෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා එක නැහැ කියන්න කාටවත් තාක්ෂණය දියුණු නැහැ කියල. (ස)
චන්ඩි Wednesday, 11 June 2014 09:48 AM
මේ පින්තුරය දැකපු ගමන් ඔබ බෞද්ධ නම් බුදුබණ සත්‍යක්මය සිතේ ඔබ කිතුණුවෙක් නම් දෙවියන් වහන්සේගේ මැවීම ආශ්චර්යක් යැයි සිතේ ඔබේ මුස්ලිම් නම් අල්ලාහ් දෙවියන්ගේ මැවීම් විශ්මය යැයි සිතේ. (ස) ඔබ සත්‍ය වාදියෙකු නම්? ඔබට කුමක් සිතේද ?
ප්‍රියංකා Wednesday, 11 June 2014 09:53 AM
පින්තුර නම් ලස්සනයි. එත් මිත්‍යා දෘෂ්ටික කතා කියන කට්ටිය දැක්කම එයාල මේවා විශ්වාස කරන්න කොච්චර පව් කරලා තියෙනවද කියල හිතෙනවා. පව් අහිංසකයෝ. (ස)
අසිත Friday, 13 June 2014 08:48 PM
ඇමෙරිකාව දැන් අඟහරු ලෝකෙටත් යන්න හදනවා. තාම අපේ සමහර කට්ටියට හඳට යන්න තියා හඳට ගියා කියල විශ්වාස කරන්නවත් දැනුමක් හෝ බුද්ධියක් නැති එක ගැන දුකයි. (නදී)
අසේල Tuesday, 10 June 2014 11:04 AM
තව චායාරූප ටිකක් දැම්මනම් ගොඩක්ම හොදයි . (දී)
ජනක Wednesday, 11 June 2014 10:14 AM
දෙවියන් වහන්සේ තව මොනවද අනේ මවල තියෙන්නේ (දී)