‘ඇක්සියොම් ස්පේස්’ යනු අභ්‍යවකාශ යානා, නැවතුම් පොළවල්, චන්ද්‍රිකා, අභ්‍යවකාශ ඇඳුම් පැලඳුම්, උපකරණ හා උපාංග තනන ප්‍රකට ඇමරිකන් සමාගමකි. ඇක්සියොම් ස්පේස්’ සමාගම, ඇමෙරිකාවේ ජාතික ගගන පර්යේෂණ ආයතනය හෙවත් ‘නාසා’ ආයතනය සමඟ ඇමෙරිකන් ඩොලර් මිලියන 228ක ගිවිසුමකට අත්සන් තබා ඇත. ‘ඇක්සියොම් ස්පේස්’ සමාගම, ඉතාලියේ සුප්‍රසිද්ධ ඇඳුම් ආයිත්ම් නිර්මාණකරු වන ‘ප්‍රාඩා’ සමාගම සමඟ හවුල් කර ගනිමින්, ඉදිරි වසර කිහිපයේ සඳට පය තබන ගගනගාමීන් වෙනුවෙන්, මෙන්ම ගගන කැප්සියුලවලින් සඳට යන ගගනගාමීන් වෙනුවන් අපූරු ගගන ඇඳුම් නිර්මාණය කර තිබේ.
‘ඇක්සියොම් ස්පේස්’ සමාගම සහ ‘ප්‍රාඩා’ සමාගම එක් වී නිර්මාණය කළ මෙම ගගන ඇඳුම් හැඳින්වෙන්නේ, ‘ඇක්සියොම් එක්ට්‍රාවෙහිකියුලර් මොබිලිටි යුනිට්’ යනුවෙනි. මෙම ගගන ඇඳුම් කට්ටල මාදිලි කීපයකි. පසුගිය ඒවා ප්‍රසිද්ධියට පත් කෙරුණේ ‘ගගනගාමීන්ගේ සිරුරේ හැඩය අනුව, ගගනගාමීන්ගේ සිරුරට හොඳින් ගැලපෙන, ගගනගාමීන්ට ඇදගෙන සිටීමට පහසු’ ඇඳුම් කට්ටල ලෙසිණි.
70 දශකයේ ‘ඇපලෝ’ වැඩසටහන යටතේ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වීමෙන් පසු වසර 50 කට පමණ පසු ඇමෙරිකාවේ නාසා ආයතනය, යළි සඳට යෑම ආරම්භ කර ඇත. මෙම නවතම චන්ද්‍ර මෙහෙයුම් සිදුවන්නේ ‘ආටිමීස්’ වැඩසටහන යටතේය. ‘ආටිමීස්’ වැඩසටහන සුවිශේෂී වෙයි. හේතුව, නාසා පිරිමි ගගනගාමියකු සමඟ කාන්තා ගගනගාමියකු ද සඳට පය තැබීමට නියමිතය. කාන්තාවක සඳ බලා යන්නේත්, සඳට පය තබන්නේත් ඉතිහාසයේ පළමු වතාවටය.
පසුගිය දා අපට දැක ගැනීමට හැකිවූයේ එහි අවසන් ප්‍රතිඵලයයි. ‘ප්‍රාඩා’ නිර්මාණය කළ ගගන ඇඳුම් කට්ටල සැබැවින්ම අපූරුය. අතීතයේ, ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම්වලදී ගගනගාමීන් පැලඳි සුදු පැහැති ගගන ඇඳුම් කට්ටලයට මෙය තරමත් සමාන වුවත්, එය සම්පූර්ණයෙන් වෙනස් එකකි. ගගනගාමීන් පලඳින සවිමත් හෙල්මට්ටුව ද ඇඳුම් කට්ටලයට සම්බන්ධ වෙයි. සිරුරෙන් පිටවන දහදිය සහ මුත්‍ර වෙනම එක් රැස් කරමින් ඒවා බැහැර කිරීමේ පද්ධතියක් ඇඳුම් කට්ටලයට සම්බන්ධය. ඇඳුම් කට්ටලය ලේයර කීපයකින් ද සමන්විතය.
‘ප්‍රාඩා’ සමාගම, ඇඳුම් කට්ටල නිර්මාණය කර ඇත්තේ මයිලර් සහ කෙල්වර් යන කෘත්‍රිම ද්‍රව්‍යවලින්. මයිලර් යනු පොලිඑතිලීන් ටෙරපතලේට් නම් පොලියෙස්ටර් රේසින් විශේෂයකි. ඒවා ජල ටැංකි තැනීමට භාවිත කෙරේ. කෙල්වර් යනු පොලිපැරා ෆිනයිලීන් ටෙරාප්තැල්මයිට් නම් නයිලෝන් වැනි පොලිමර් විශේෂයකි. වෙඩි නොවදින කබා, අත්වැසුම්, ටයර් ආදිය නිර්මාණය කරන්නේ කෙල්වර්වලිනි.
ගගන ඇඳුම් කට්ටලයට අයත් ගගනගාමීන් පලඳින හෙල්මට්ටුව සහ වයිසරයට අති සුපැහැදිලි කැමරාවක් සම්බන්ධ කර ඇති ගගනගාමියා හෝ ගගනගාමිනියට දකින සියලු දසුන්, පෘථිවියේ සිටින නාසා ගගනගාමීන්ට සජීවීව ලැබෙනු ඇත. ඔක්සිජන් ටැංකි පමණක් නොව, පිට කෙරෙන කාබන්ඩයොක්සයිඩ් බැහැර කිරීමට වෙනම ටැංකි ඇඳුම් කට්ටලයට සම්බන්ධ වෙයි. ඇඳුමට සම්බන්ධ බූට් සපත්තු විශේෂයෙන් සඳ මත ඇවිදීමට සුදුසු පරිද්දන් නිර්මාණය කර ඇත.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හඳට යන්න අලුත් ඇදුමක්