තම ස්වාමියා මියගිය බව නොදැන ඔහු එනු ඇතැයි බලාපොරොත්තුවෙන්දෝ අවුරුදු 2 ක පුරාවට එක් දිනයකුදු මගනොහැර රෝහලට පැමිණ බලා සිටින බැල්ලියක ගැන සර්බියාවෙන් වාර්තා වේ.
මාෂා නම් සුරතල් නමින් හැදින්වෙන මේ ඩෑෂ්හවුන්ඞ් වර්ගයට අයත් බැල්ලියගේ ස්වාමියාව සිටියේ විශ්රාමිකයෙකි. ඔහු මීට අවුරුදු 2 කට පෙර හදිසි රෝගාබාධ තත්ත්වයක් නිසා රෝහලට ඇතුළත් කෙරී තිබෙන අතර ඔහු රෝහලේදීම මියගොස් ඇත.
මේ බව මාෂා නොදන්නීය. ඇයට කියාදීමටද රෝහලේ කාර්යමණ්ඩලයට නොහැකිය. කිහිපවරක්ම ඔවුන් ඇයට නව නිවසක් සොයාදුන්නද ඇය ඒ සෑම අවස්ථාවකම පැන විත් රෝහලටම පැමිණ ඇත්තීය.
මාෂා රෝහලේ සිටින්නේ උදය කාලයේදී පමණක් වීමද විශේෂය.ඇය රාති‍්‍රයේ තම මියගිය ස්වාමියාගේ නිවස මුර කිරීමට යන්නීය.තම රාජකාරිය නිමවා ඇය වහාම පැමිණෙන්නේ රෝහලටය.
තම ස්වාමියා පැමිණෙන තෙක් වසර 10 ක් දුම්රියපළට වී බලා සිටි ජපානයේ හචිකෝ හා මාෂා සමාන කිරීමට මාධ්‍ය කටයුතු කර තිබේ.රුසියාවේ ඇය දැන් හැදින්වෙන්නේ ‘‘රුසියාවේ හචිකෝ‘‘ ලෙසය.
රෝහල් කාර්යමණ්ඩලය ඇයට ආදරයම දක්වති. ඇය වෙනුවෙන් සයනයක් පිළියෙල කර දීමටද ඇය රෝහලට පැමිණෙන අවස්ථාවේදී කෑමට යමක් තැබීමටද ඔවුහු කටයුතු කරති.
‘‘පේනවද ඇයගේ ඇස්. ඒවා දිළිසෙනවා. සාමාන්‍යයෙන් බල්ලෙකුගේ ඇස් ඒ විදිහට දිළිසෙන්නේ නැහැ.ඇය හඩනවා.සතුන්ටත් අපට වගේම හැගීම් දැනීම් තිබෙනවා.අනාගතයේ කවුරුන් හෝ මාෂාගේ ආදරය දිනාගනීවි කියලා මගේ විශ්වාසයක් තිබෙනවා.එතකම් ඇයව අපි බලා ගන්නවා‘‘ යැයි පවසන්නේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය ව්ලැදිමිර් බෙෂ්පොලොව්ය.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හාම්පුතා එනතුරු වසර දෙකක් රෝහලට එයි
වජිර Saturday, 06 December 2014 03:49 AM
මිනිස්කම දන්නැති මිනිස්සු අතර මේවාගෙ සත්තු වාසනාවන්. (ස)
සිරිල් - මාලදිවයින Saturday, 06 December 2014 05:36 AM
ඉතාමත් සංවේදනීය පුවතක්.කථා කරල හරි, සංඥා වෙන් හරි සත්තුන්ට තේරෙන විදියට භාෂවක් හැදුවොත් බ්‍රේල් ක්‍රමය සොයත්ත කෙනාට වගේම ගෞරවයක් එයාටත් අත්වේවි. (ම)
සමන්ති Saturday, 06 December 2014 01:10 PM
සැම සිවුපාවෙක්ම ආදරය කරන අයට පෙරලා ආදරය කරයි. (නදී)
තරස්වින් Friday, 05 December 2014 09:36 AM
ලබන ආත්මයේදී මේ දෙදෙනා නැවත ඉපදී සතුටින් වාසය කිරීමට හැකියාව ලැබේවා. මේ ආත්මයේදී මාෂා ගේ දුක තුනී වේවා. සුවපත් වෙත්වා! (බ)
සකලසුරිය Friday, 05 December 2014 09:41 AM
කළගුණ දත් සතෙක් සහ හදවත් තෙත් වූ මහත්වරු. (බ)
දිලිප් Friday, 05 December 2014 09:42 AM
අපේ රෝහල් කාර්ය මණ්ඩලවලින් මෙහෙම සැලකිලි බොරු. අඩුගානේ මනුස්සයෙකුටවත් (බ)
සමන් Monday, 08 December 2014 12:48 AM
මගේ පෞද්ගලික අත්දැකීම අනුව බල්ලා කියන්නේ මිනිසුන්ට වඩා සියදහස් ගුණයකින් ගුණයහපත් සතෙක්. කන්න දුන් අත හපානොකන , එක වේලක් කන්න දුන්න කෙළෙහිගුණ තිබෙන උතුම් සතෙක්. බල්ලාගේ ආදරයට කිසිම නීති අණපනත් නැහැ. ඒ ආදරය මරණය දක්වා නොසැළී තියෙනවා. ඒ නිසා බල්ලෙකුට කවදාවත් ගහන්න එපා. හිරිහැර කරන්න එපා. (නි)
පිටබැද්දර ජයා Saturday, 06 December 2014 11:31 PM
මිනිසුන් ළඟ නැති උතුම් ගතිගුන මේ සතුන් ළඟ තියෙනවා නේද , පවු අහිංසකයා. අපේ රටෙත් එක්තරා අගමැති කෙනෙකුගේ අබාවයෙන් පසුව ඔහුගේ සුරතල් බල්ලාද නොකා නොබී මිය ගිය බව මා අසා තියෙනවා (නදී)
පුබුදු Friday, 05 December 2014 10:13 AM
කලගුණ දන්නවා.(හේ)
රංජිත් බෝගොඩ Saturday, 06 December 2014 11:59 PM
බල්ලෙක් ඇති කරලම බලන්න ඕනා උන්ගේ තියෙන උතුම් ගති ගුණ. වෙලාවකට හිතෙනවා බල්ලන් සහ මිනිස්සු කියන නම් දෙක මාරු වෙලාද කියලත් (නදී)
සමන්ති Monday, 08 December 2014 01:20 AM
සමන්, එතකොට බල්ලා මිනිසුන්ට,අනෙක් සතුන්ට හිරිහැර කළාට කමක් නැද්ද? (නි)
අමිල Tuesday, 09 December 2014 01:35 AM
හොද සතෙක් (ස)
අරුණ Friday, 05 December 2014 07:11 PM
මිනිසුනි, මෙය බලුකමද? මිනිස්කමද? මඳක් සිතන්න (නි)
රංග Saturday, 06 December 2014 07:25 AM
තමන්ගේ දෙමව්පියෝ පවා අමතක වෙන දරුවෝ ඉන්න ලෝකෙක නියම කලගුන දත් සතෙක්. නැවත හොද කෙනෙක් ලැබේවා (නදී)
තිලක් Saturday, 06 December 2014 07:28 AM
අවිස්සාවේල්ල නගරයේ මහලු යාචක කාන්තාවක් ජීවත් උනා. ඇය සමග බැල්ලක් ද සිටියා. කාන්තාව මිය ගිය පසු වෙළඳ සංගමය විසින් කනත්තේ අවසන් කට යුතු කළා. මේ බැල්ලත් එහි ගියා. අවසානයේ සියල්ලෝම ගෙදර ගියත් බැල්ල මිනී වල අසල නැවතුනා. කිසිම කෑමක් බීමක් දුන්නට කන්නේ නෑ. කඳුළු පිරි දෙනෙති දින ගණනක් සිටි බැල්ල මියගියා. (නදී)
දිල්රුක්ෂි Monday, 08 December 2014 02:07 AM
සමන්ති, සැම සිවුපාවෙක්ම ආදරය කරන අයට පෙරළා ආදරය කරනවා.බල්ලා කියන්නේ මිනිසුන්ට වඩා සියදහස් ගුණයකින් ගුණයහපත් සතෙක්. (නි)
සිරිමල් Friday, 05 December 2014 12:01 PM
පුදුම බැඳීමක්. මාෂා ට, ඉක්මනින්ම සතුට ලැබේවා! (ර)
උපාලි Tuesday, 09 December 2014 02:47 AM
බලුකම් කරන උදව් කල අයට හතුරුකම් කරන (නො)මිනිස් සතුන් සිටින මේ යුගයේ මේ මිනිස් ගතිගුණ ඇති මේ සතා ලබන වර මිනිස් ආත්මයක් ලබනවා.(නදී)
බෝධිමල්කඩ ප්‍රේමරත්න හිමි Sunday, 07 December 2014 01:14 PM
දුක හිතෙනවා. මම ගොඩක් සතුන්ට ආදරය කරන කෙනෙක් (නදී)
කුමාරි Friday, 05 December 2014 01:03 PM
බොහොමයක් මිනිසුන් ළඟ නොමැති උතුම් ගුණයක්.(දිල්)
සෑම් Saturday, 06 December 2014 08:22 AM
මේකත් නිකන් අපේ හිටපු සෞක්‍ය ඇමති තුමා පනත සම්මත වෙනකම් බලා හිටිය වගේ වැඩක් (නදී)
ටී ජී ලියනගේ Monday, 08 December 2014 03:37 AM
සමන්ති බල්ලෙක් හදල තියෙනවද? දවසෙම කූඩුවක කොටු කරලා හදන හරි, දම්වැලකින් බැඳලා හරි, හදන බල්ලෙක්ගෙන් නම් සමහර විට සැර වෙන්න පුළුවන්, නමුත් 99%ක් සත්තු සමන් කිව්වා වගේ තමා. දේශපාලුවෝ වටේ ඉන්න කටු කන බල්ලෝ ගැන නම් කුමන කතා ද? (අ)
චන්න Monday, 08 December 2014 06:51 AM
සමන්, ඔබ හරියටම හරි. (හේ)
නාලි Sunday, 07 December 2014 04:49 PM
මිනිසාට බල්ලා කියා බනින්න එපා. ඒක බල්ලන්ට කරන අපහාසයක්.(නදී)
රූපවතී Saturday, 06 December 2014 06:43 PM
ඇගේ දුක තුනී වී, කාගේ හෝ ආදරය ලබා ඉදිරිකාලය සුවසේ ගෙවේවා ..!!(නදී)