කැරිබියානු දූපත් රාජ්‍යයක් වන හයිටියට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, හටගත් ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට හතලිස් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
හයිටිය යනු දේශපාලනික වශයෙන් අස්ථාවර වූ රාජ්‍යයකි.
හයිටි රජය නිකුත් කළ නිවේදනයක දැක්වූයේ ජල ගැලීම් හේතුවෙන් එකලොස් දෙනකු අතුරුදන් බවත්, 13,500 කට උන්හිටිතැන් අහිමි වී ඇති බවත්ය.
දේශපාලන අර්බුදය නිසාම, හයිටිය ආර්ථික වශයෙන් ද කඩා වැටීමකට ලක් වී තිබේ. මේ වනවිට දේශගුණික විපර්යාසවල බලපෑම ද හයිටියට දැනෙන්න පටන්ගෙන ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති.
මහ වැසි සහ ජල ගැලීම් හටගෙන ඇත්තේ දේශගුණික විපර්යාස හේතුවෙන් නිර්මාණය වූ විපරිත කාලගුණ පෙරැළි නිසා යැයි කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.
(රොයිටර්)
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හයිටියට මහ වැසි: ජල ගැලීම් 42 ක් මරුට