IMG-LOGO

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා


කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness Company විසින් හඳුන්වාදෙන වැඩිදියුණු කළ Himalaya Purifying Neem Face Wash ශ්‍රී ලංකාවට නැවත හඳුන්වාදෙන බව පසුගියදා නිවේදනය කෙරිණ. කුරුලෑ ඇතිකරවන බැක්ටීරියා 99.9% ක් විනාශ කරන කොහොඹ සහ කහ සංයෝගය සහිතව, 50ml සහ 100ml ඇසුරුම් ලෙස ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දෙන Himalaya Purifying Neem Face Wash භාවිතා කරනු ලබන පළමු දිනයේ සිට කුරුලෑ වළක්වාලීම සහතික කොට ඇත.


ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයන්ට බෙහෙවින්ම සමාන අසල්වැසි ඉන්දියාව ඇතුළුව Himalaya Purifying Neem Face Wash හඳුන්වාදුන් සෑම වෙළෙඳපොළකදීම තෘප්තිමත් පාරිභෝගික ප්‍රතිචාර රැසක් වාර්තා වන්නේ ඉහළ සාර්ථකත්වයක් අත්කරගනිමිනි. ඉන්දියානුවන්ගේ මෙන්ම කුරුලෑ ඇතිවන්නට හේතුවන ආර්ද්‍රතාව, උණුසුම ඇතුළු පාරිසරික සාධක ශ්‍රී ලංකාවේද පවතියි. සිව් ආකාරයකින් සම සුරකින Himalaya Purifying Neem Face Wash දිනපතා භාවිතා කිරීමෙන් අලුතෙන් කුරුලෑ ඇතිවීම වළක්වා ගනිමින් පැරණි කුරුලෑ ලප කැලැල් යටපත් කළ හැකිය.
Himalaya Purifying Neem Face Wash කුරුලෑ ඇතිවීමට හේතුවන සමේ තෙල් සහිත ස්වභාවය පාලනය කරමින් සමේ pH අගය සමබරව පවත්වාගෙන යාමෙහිලා උපකාරී වේ. ආයුර්වේදයේ යහගුණ රැඳි Himalaya Purifying Neem Face Wash නිෂ්පාදනය කරනු ලබන්නේ විශේෂ බලපත්‍රයකින් සහතික කළ ආයුර්වේද වට්ටෝරුවකට අනුකූලව නිසා වෙළෙඳපොළේ පවතින තරගකාරී නිෂ්පාදන අභිබවා ශක්තිමත්ව සිය වෙළෙඳපොළ ස්ථාවරත්වය රඳවා ගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සී. ඩබ්ලිව්. මැකී පී. එල්. සී සමාගමේ Scan Products Division විසින් Himalaya Purifying Neem Face Wash ශ්‍රී ලංකාවේ බෙදාහැරීම සිදුකරනු ලබයි.
Himalaya Wellness Company හි ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කළමනාකාර රවී කුමාර් G මහතා Himalaya Purifying Neem Face Wash ශ්‍රී ලංකාවට නැවත හඳුන්වා දුන් අවස්ථාවේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් —Himalaya නිෂ්පාදන පෙළේ සාර්ථකම නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේදී නැවත එළිදැක්වීමට ලැබීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වෙනවා. ලෝකයේ සම්මත උසස්ම තත්ත්ව සම්මතයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කරනු ලබන Himalaya නිෂ්පාදන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට දැරිය හැකි සාධාරණ මුදලකට අඛණ්ඩව දැන් ලබාගන්න පුළුවන්. 1930 වසරේ සිට පැවතගෙන එන පාරම්පරික විශිෂ්ඨත්වයත්, අඛණ්ඩව පවත්වාගෙන යන පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලිය සමග වෙනස්වෙන වෙළෙඳපොළ සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් හඳුනාගෙන සොබාදහමේ යහගුණය මහජන යහපතට යොමු කළ නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කිරීම Himalaya Wellness Company ව්‍යාපාරික මෙහෙවර බවට පත්ව තිබෙනවා. වැඩිදියුණු කළ Himalaya Purifying Neem Face Wash නිෂ්පාදනයේ වටිනාකම ශ්‍රී ලංකාව වැනි සුන්දර රටක සිටින සුන්දර මිනිස්සු ඉතාමත් ඉක්මනින් වටහාගනීවි යැයි අප විශ්වාස කරනවා.” යැයි පැවසීය. Himalaya Wellness company ආයතනික නිෂ්පාදනයන් සඳහා නිල ශ්‍රී ලංකා බෙදාහරින්නා ලෙස කටයුතු කරන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා අදහස් දක්වමින් “අනර්ඝ Himalaya නිෂ්පාදන ඒ විශිෂ්ඨත්වයෙන්ම දැන් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කරනවා. වැඩිදියුණු කළ Himalaya ශ්‍රී ලාංකික පාරිභෝගියන් අතට පත්කිරීමට හැකිවීම අපේ ව්‍යාපාරික ගමන්මගේ තවත් එක් කැපීපෙනෙන සුවිශේෂී සංධිස්ථානයක්.” යැයි පැවසීය.
Himalaya Wellness Company .ek


Himalaya Wellness company විසින් 1999 දී ආරම්භ කරන ලද  “Ayurvedic Concepts” නිෂ්පාදන පෙළ “Himalaya Herbal Healthcare” ලෙස 2003 දී අලුතෙන් හඳුන්වා දෙන ලදී. Oral Care, Hair Care, Skin Care, Lip Care, Face Care සහ Body Care ලෙස ව්‍යාපාරික අංශ 6 කින් Himalaya personal care නිෂ්පාදන එළිදැක්වේ. මිනිසත් බවට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරනු ලබන Himalaya ජාත්‍යන්තර සන්නාමය ලොව පුරා සෑම නිවසකම සෑම හදවතකම යහපැවැත්ම උදෙසා සිය ව්‍යාපාරික මෙහෙවර දියත්කොට තිබේ. Himalaya විසින් ලොව පුරා රටවල් 116 කට අධික ප්‍රමාණයක Personal Care, Pharmaceutical & Wellness, Baby Care & Mother Care සහ Animal Health නිෂ්පාදන ධාරා යටතේ 750 කට අධික අනගි නිෂ්පාදන පෙළක් ඉදිරිපත්කොට තිබේ. 1995 වසරේදී පළමු වරට Himalaya Wellness company නිෂ්පාදන ආසියානු පැසිෆික් කලාපයට හඳුන්වාදෙනු ලැබීය. ආසියානු පැසිපික් කලාපීය ශාඛා ජාලයේ සහ සේවක මණ්ඩලයේ කැපවීමෙන් සිංගප්පූරුව, මැලේසියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, බංගලාදේශය, ශ්‍රී ලංකාව, තායිලන්තය, කාම්බෝජය සහ මියන්මාරය යන රටවල්වල Himalaya නිෂ්පාදන ව්‍යාප්ත කොට තිබේ.  

වැඩි විස්තර සඳහා පිවිසෙන්න  https://www.himalayawellness.com/
ෆේස්බුක්  https://web.facebook.com/HimalayaSriLanka
ඉන්ස්ටග්‍රෑම් https://www.instagram.com/himalaya_srilanka



අදහස් (2)

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

Narada Rajakaruna Monday, 03 June 2024 06:30 AM

වරකාපොල නුවර පාරේ හිමාල නිෂ්පාදන සඳහා අලෙවි ස්ථානයක් වීමට කැමැත්තෙන් සිටී.

:       0       0

Asoka jayaweera Saturday, 20 July 2024 07:51 PM

මට ඔබට අදහසක් තිබේ? ledes pentecostal භාවිතා කරන්න.මිනිසුන්ට ඒක හොඳයි .කරුණාකර මෙය උත්සාහ කරන්න....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

You may also like

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ
2025 ජනවාරි මස 23 72 0

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM


“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී
2025 ජනවාරි මස 08 725 0

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.


HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.
2024 දෙසැම්බර් මස 24 725 2

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ


ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි
2024 දෙසැම්බර් මස 20 358 0

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය


2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”
2024 දෙසැම්බර් මස 20 249 0

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ


සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි
2024 දෙසැම්බර් මස 18 206 0

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 72 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 725 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 725 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site