දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමටද පියවර ගත්තේය. ඒ Denta Teen Tooth Brush School Activation සමාජ සත්කාරක වැඩසටහන ආරම්භ කරමිනි. මුඛ සෞඛ්‍යය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම හා ඔවුන් වෙනුවෙන් නොමිලයේ දන්ත සායන පැවැත්වීම අරමුණු කර ගනිමින් 2023 වසරේ අගෝස්තු මාසයේදී එම වැඩසටහන ආරම්භ කරනු ලැබූ අතර පාසල් සිසු සිසුවියන්ගෙන් මෙන්ම දෙමව්පියන්ගෙන්ද ඊට ඉමහත් ප්‍රතිචාර හිමි විය. දන්ත සෞඛ්‍යය පිළිබඳ දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් එම දැනුවත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බව ‘ඩෙන්ටා’සතුටින් නිවේදනය කර සිටී.
දිවයින පුරා පාසල් ආවරණය වන පරිදි දන්ත කඳවුරු හරහා දත් ආශ්‍රිත රෝග හා ඒවා වැළැක්වීම පිළිබඳ සිසුන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති මෙම වැඩසටහන මේ වන විට සිසු සිසුවියන් 75,000කට අධික ප්‍රමාණයක් වෙත ප්‍රතිලාභ හිමි කර දීමට සමත්ව ඇත. ඒ යටතේ මේ වනවිට බස්නාහිර, උතුරු මැද, වයඹ යනාදී පළාත් ආවරණය කරමින් පාසල් 200කට ආසන්න සංඛ්‍යාවක දන්ත සෞඛ්‍යය සායන, දැනුවත් කිරීම් හා සම්මන්ත්‍රණ සංවිධානය කිරීමට ‘ඩෙන්ටා’කටයුතු කරනු ලැබීය.
ශ්‍රී ලාංකිකයින් තුළ දිනෙන් දින ඉහළ යන දන්ත සෞඛ්‍යය ගැටළු අවම කිරීම වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ පිළිගත් දන්ත වෛද්‍යවරුන්, උපදේශකයින්, වෘත්තියවේදීන් සහභාගී වන අතර වයස අවුරුදු 8 සිට 14 දක්වා (3 වසරේ සිට 8 වසර දක්වා) පාසල් දරුවන් ඊට එක් කර ගනු ලබයි. එම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පාසලේ විදුහල්පතිවරුන් හා ගුරු මහත්ම මහත්මීන්ගේ සහයෝගයද හිමි වේ.
පිළිගත් රජයේ දන්න විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන දන්ත සායනයේදී දරුවන්ගේ දත් පරීක්ෂා කිරීම හා දත් රෝගවලින් ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරනු ලබයි. මුඛ සෞඛ්‍යය පිළිබඳ සම්මන්ත්‍රණන්හිදී දරුවන්ගේ මුඛ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමේ වැදගත්ම, ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍යය පිළිවෙත් පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සිදු කෙරේ. විශේෂයෙන් සුන්දර සිනහවක් වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍යය පියවර හා මුඛ රෝග වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේවල් පිළිබඳව මේ තුළින් සිසුන්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙයි.
මෙම සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් වැදගත් පියවරක් වනුයේ දරුවන්ගේ දන්ත සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට අවශ්ය උසස් තත්වයේ Denta Teen දත් බුරුසු නොමිලේ ලබා දීමට කටයුතු කිරීමයි. ඒ තූලින් දරුවන්ට නිවසේදී ද සිය දන්ත සෞඛ්‍යය පිළිබඳව තවදුරටත් උනන්දු වීමට දිරිමත් කරනු ලබයි. ඉන් නොනැවතී පාරිසරික සුරක්ෂිතතාවය පිළිබඳ අවධානය යොමු කරමින් භාවිත කරන ලද දත් බුරුසු නිසි ආකාරයෙන් එකතු කර පරිසරයට හානියක් නොවන අයුරින් ඉවත කිරීම පිළිබඳව දරුවන් දිරිමත් කිරීමට ද ඩෙන්ටා කටයුතු යොදා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩෙන්ටා සමාගමේ (තනතුර) ..........................(නම) ........................... මහතා ‘‘මෙරට පාසල් දරුවන් තුළ මුඛ සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම හා යහපත් මුඛ සෞඛ්‍යයයක් පවත්වාගෙන යාමට ඔවුන්ව දිරි ගැන්වීම ඉතා කාලෝචිත වැඩපිළිවෙලක් ලෙස සඳහන් කළ හැකියි. විශේෂයෙන් අද වන විට දරුවන් තුළ ඉහළ යමින් පවතින දත් ආශ්‍රිත විවිධ රෝගී තත්වයන් අවම කිරීමට ඒ තුළින් යම් දායකත්වයක් ලබා දීමට අපි බලාපොරොත්තු වනවා. යහපත් මුඛ සෞඛ්‍යයය පිළිවෙත් අනුගමනය කිරීමට දරුවන් දිරි ගැන්වීම තුළින් අනාගත පරපුර මුඛ රෝගවලින් තොර පරපුරක් බවට පත් කිරීමට හැකි වන අතර ඔවුන්ට සුන්දර සිනාවක් දායාද කිරීමේ හැකියාවද උදා වනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දත් බුරුසු සපයන්නකු වන ඩෙන්ටා යහපත් මුඛ සෞඛ්‍යයයකින් පිරිපුරු අනාගත පරපුරක් බිහි කිරීම සඳහා නිරන්තරයෙන් කැපවී කටයුතු කරන බවත් මේ මොහොතේ සඳහන් කළ යුතුයි” යනුවෙන් පවසා සිටින ලදී.
මෙම වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යමින් දිවයින පුරා සියලූ පාසල් තුළ Denta Teen Tooth Brush School Activation වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඩෙන්ටා හි අරමුණයි. ඒ වෙනුවෙන් සෞඛ්‍යය අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කරන ඩෙන්ටා සමාගම ඊට අවශ්‍ය සියලූ පහහසුකම් සලසාදීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය පිළිබඳ සිය කැපවීම නැවත නැවතත් ප්‍රදර්ශනය කරමිනි.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි