IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

 

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක් දැනේ.
 
එමෙන්ම ඇතැමුන් දැකීම පවා සිතේ නොසන්සුන් භාවයක් - ඔවුන් සමීපයෙහි හිඳින විට පීඩාකාරී බවක්, අසහනකාරී බවක්, අපහසුතාවක් දැනේ. ඔවුන්  ප්‍රියශීලී නොවන බව ඔබ බොහෝ විට අත් දැක තිබෙනු ඇත. ළඟින් ගියත් පීඩාකාරී මානසිකත්වයක් අන් අයට ලබා දෙන පුද්ගලයන් ගේ ශක්ති ක්ෂේත්‍ර දුර්වලය. අඩු කම්පන සංඛ්‍යාතයන් ගෙන් සමන්විත ය. Aura ව ඍණාත්මක ශක්තීන් ගෙන් සහ අඳුරු, ව්‍යාකූල, ආත්මාර්ථකාමී ආවේගයන් ගෙන් ගහනව පවතී. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන් වෙතින් නිකුත් වන ශක්තීන් (Energy) හි සහ කම්පන සංඛ්‍යාතයන් (Vibration) හි  ඇති විෂමතාව යි.
 
එමෙන්ම අව්‍යාජ වූත්, පිවිතුරු වූත්, සුවදායක කිරණ තම ශක්ති ක්ෂේත්‍රය තුළින් විහිදෙන පුද්ගලයන් ගේ දර්ශනය සහ ඇසුර ඔවුන් අවට සිටින්නන්ට සුවපත් බව ගෙනදේ. ඔවුන් දැකීම පවා මනසට සහනයකි. ඔවුන් සමීපයෙහි රැඳී සිටීමට අනෙක් අය මෙන්ම තිරිසන් සතුන් පවා කැමැත්තක් දක්වයි. මෙවන් අයගේ ශක්ති ක්ෂේත්‍ර බොහෝ විට ඉහළ කම්පන සංඛ්‍යාතයන් (High Frequency) දරයි. එමෙන්ම ඔවුන් ගේ ඕරා ක්ෂේත්‍ර ප්‍රබල බැවින් ආකර්ශන ශක්තියද ඉහළ යනු ඇත.
 
 ඔබේ ශක්ති ක්ෂේත්‍රය එනම්  ඕරාව ප්‍රබලව පවත්වා ගන්නේ කෙසේ ද ?
 
ඔබට ප්‍රබල Auraවක් පවත්වා ගැනීමට අවශ්‍ය වේ නම් පළමුව ඔබ විසින් සිදු කළ යුත්තේ - කායික, මානසික සහ ආධ්‍යාත්මික ශක්තීන් ගෙන් සමතුලිත වූ ජීවිතයක් ගත කිරීමයි. මෙම සමබරතාව අපගේ ජීවිතයේ සියලු අරමුණු සාක්ෂාත් කරගනු පිණිස අත්‍යාවශ්‍යම සාධකයකි.  අපේ ශක්ති ක්ෂේත්‍රයෙහි කායික සමබරතාව යනු ශාරීරික නිරෝගී බව, ක්‍රියාශීලීව, සතුටින් සහ ධනාත්මකව ලෞකික වූත් ද්‍රව්‍යාත්මක වූත් දේ හා ජීවත් වීමයි. ඇතැමෙකුට  එයින් ඔබ්බෙහි ජීවිතයක් තිබේදැයි යන්න පවා  ඇසිය හැකි ය. මන්ද යත් අප ජීවිත සමබර කරන අනෙක් සාධක අමතක වන තරමට අද මිනිසා මුහුණපාන ආර්ථික සහ සමාජීය දුෂ්කරතා ප්‍රබල බැවිනි.
 
1. එමෙන්ම මානසික සෞඛ්‍යය පිළිබඳව අවධානය දෙමින් මානසික සමබරතාව සහ ආධ්‍යාත්මික ශක්තිය සමබරව පවත්වා ගැනීම ද අනිවාර්යය. ඒ සඳහා ඇතුළාන්තයෙන්ම පැන නගින ප්‍රීති ප්‍රමෝදය, විවේකී නිරවුල් චිත්තය, ඔබ ව සැබැවින්ම සතුටට  පමුණුවන දේ  අනුව ක්‍රියාත්මක වීම, කායික, මානසික විවේකය යන කරුණු සමබර ලෙස පාලනය කළ යුතුය.
 
2. ඔබ ඔබට අවංක වී අන් අය ඔබෙන් අපේක්ෂා කරන දේ නොව, සැබෑවටම ඔබේ ආත්මීය අවශ්‍යතාවය ඉටු කරලීම පිණිස කටයුතු කිරීමෙන් ඔබේ ශක්ති ක්ෂේත්‍රය බලවත් වේ.
 
3. ඔබේ අව්‍යාජ වූ සිතුවිලි, හැඟීම්, වචන සහ ක්‍රියා තුළින් ක්‍රියාත්මක කර ඔබේ හද පතුලෙන්ම පැන නගින අරමුණු වෙනුවෙන් කැපවී ආත්ම විශ්වාසයෙන් යුතුව ක්‍රියාත්මක වන්නේ නම් - ඔබත් ප්‍රබල ඕරාවක හිමිකරුවෙකි.
 
4. සුබවාදී ධනාත්මක ආකල්ප දරමින්, අන් අය හා තරගයට හෝ අනුන්ගේ අවධානය දිනාගනු පිණිස නොව තම සිතට එකඟව කටයුතු කරන්න.
 
5. එවන් ශක්ති ක්ෂේත්‍රයක් පවත්වා ගැනීමට නම් - දිනකට පැය 6 ක පමණ සුවදායක නින්දක් අවශ්‍ය වේ. 
 
6. නිසි වේලාවට රසායනික ද්‍රව්‍යයන් ගෙන් තොර ස්වාභාවික නැවුම් ආහාර පාන ගැනීමද වැදගත්ය. 
 
7. සිත කය මත් කරන මත්පැන් හා මත්ද්‍රව්‍යන් ගෙන් වැළකීම, විෂ සහිත මිනිසුන් ආශ්‍රය කිරීමෙන් වැළකීම, විෂ සහිත අදහස් වලින් තොර වීම ද වැදගත්ය.
 
8. විද්‍යුත් චුම්බක තරංග සහිත උපකරණ භාවිතයෙන් ඔබේ Aura වට හානි පැමිණෙන බැවින් විදුලි උපකරණ, රූපවාහිනී යන්ත්‍ර, පරිගණක, ජංගම දුරකතන වැනි දේ ඔබ නින්දට යන විට ඔබේ සමීපයේ තබා ගැනීමෙන්  වැළකී සිටීම යහපත් ය.
 
9. බොහෝ රෑ වනතුරු අවදිව සිටීම ද ඔබේ ශක්ති ක්ෂේත්‍රය දුර්වල වීමට බලපෑ හැකි තවත් කරුණකි. වේලාසනින් නින්දට යාම සහ උදෑසන වේලාසනින් අවදි වීමට පුරුදු වීමද ශක්තිමත් ඕරාවක් ලැබීමට අවශ්‍ය තවත් සාධකයකි.
 
10. දුෂ්ට විෂ සහිත හිංසාකාරී අදහස් දරන අයගේ ඇසුරින් දුරස්ථ වීම ශක්තිමත් ඕරාවක් ලබාගැනීමට අවශ්‍ය තවත් සාධකයකි. 
 
 ඕරා “Aura” ව ප්‍රබල කර ගැනීමෙන් ඇතිවන වාසි මොනවා ද?
 
1. ඔබේ ශක්ති ක්ෂේත්‍රය ප්‍රබල වන විට කායික 
මානසික නිරෝගී බව ලැබේ. 
2. ප්‍රතිශක්තිය වර්ධනය වේ. 
3. සම පැහැපත් වේ.
4. චිත්ත නිරවුල්තාව ලැබේ. 
5. අන් අයගේ ආකර්ෂණය පහසුවෙන් ලැබේ. 
6. Aura ව ප්‍රබල කෙනෙකු සමාජයෙහි අන් අය 
අතර කැපීපෙනේ. 
7. ඔබ කරන කියන දෙයෙහි සාර්ථකත්වය 
ඉහළ යයි.  
8. ඔබේ ඵලදායිතා ව වැඩිවේ.
9. ආත්ම විශ්වාසය ඉහළ යයි.
10. සමාජයේ ගෞරවය පිරිනැමේ.
11. අවබෝධය, යමක් පහසුවෙන් තේරුම් ගැනීමේ හැකියාව ඉහළ යයි. බාහිර සාධකයන් ගෙන් හා බාහිර ප්‍රතිරෝධයන් ගෙන් සිදුවන බලපෑම් නිසා සිදුවන මානසික කැලඹිලිසහගත බව පහළ යයි. බාහිර සාධකයන් ඉක්මවා ඔබේ ධෛර්යය, උත්සාහය ඉහළ නගී. ඉන් කැලඹීමට හෝ අධෛර්යට පත් නොවී ඔබේ ඉලක්ක කරා ගමන් කිරීමට පහසු වේ.
12. චිත්ත ව්‍යාකූලත්වය අඩු වේ. පැහැදිලි නිරවුල් මානසිකත්වයක් ඇතිවන නිසා නිවැරදි තීරණ ගැනීමේ ශක්‍යතාව ඉහළ යයි. එමෙන්ම ඉහළ කම්පන සංඛ්‍යාතයන්ගෙන් යුතු නිසා  අරමුණු සාර්ථක කරගැනීමට පහසු වේ.
 
 Aura ව දුර්වල අයට ලෙඩ රෝග සෑදීම  සුලබ ද?  
 
ඕරාව දුර්වල අයගේ කම්පන සංඛ්‍යාතයන් ද දුර්වල අගයන්හි පවතින බැවින් ඒ අයට නිතර නිතර ලෙඩ රෝග හට ගනී. ඔවුන්ගේ ප්‍රතිශක්තිය පහළ මට්ටමක පවතී. ඔවුන් සතුටින් සැහැල්ලුවෙන් දිවි ගෙවනු දැකීම දුලබය. කරදර කම්කටොලුවලට ඔවුන් නිතර මුහුණපාන බව පෙනෙන්නට තිබේ.
 
 කෙනෙකුගේ Aura ව ප්‍රබල වීමට ඔහු හෝ ඇය අවට සිටින අයත් බලපානවා ද?
 
සහතික වශයෙන්ම ඔව්. ඔබේ ඕරාවෙහි ප්‍රබලත්වය සඳහා ඔබේ ආදරණීයන්, ඔබ අවට සිටින අය, ඔබේ පවුලේ සාමාජිකයන් ගේ ඕරා වන්හි සුබවාදී බව හෝ අසුබවාදී තත්ත්වය, ඔවුන් හා හුවමාරු වන හැඟීම්, ආවේග අතිශයින්ම බලපානු ලබනවා. එමෙන්ම ඔබ ජීවත් වන නිවස, එය වටා සැරිසරන ශක්තීන්, එහි පරිසරය, ඔබේ රැකියා ස්ථානය, එහි සේවය කරන්නන්ගේ සුබවාදී හෝ අසුබවාදී සිතිවිලි, වචන සහ ක්‍රියාවන්, ඔබ දවසේ වැඩි වෙලාවක් රැඳී සිටින ස්ථානයන්හි ඇති ශක්තීන් ද ඔබ හා ශක්ති හුවාරුවෙහි යෙදී සිටින්නන්, ගනු දෙනු, ඔබ මුහුණපාන විවිධාකාර වූ ජීවන තත්ත්ව ද ඒ සඳහා බොහෝ සේ බලපානු ඇත.
 
අවසාන වශයෙන් තවත් එක් කාරණාවක් මෙහිදී සඳහන් නොකර සිටීමට නොහැක. එනම්, මිනිස් ශක්ති පරාසයෙන්  සහකම්පන සංඛ්‍යාතයන් ගෙන් බොහෝ වෙනස් වූ පහත් කම්පන සංඛ්‍යාතයන් දරන යක්ෂ, භූත වැනි අමනුෂ්‍ය ශක්තීන් ගෙන් හැකි තරම් දුරුව විසීම ද ඔබේ ශක්ති ක්ෂේත්‍රය ප්‍රබල කරයි. ප්‍රබල ඕරාවලට හිමිකම් කියන්නන් අන් අයගේ විශේෂ  අවධානය දිනා ගන්නා අතර ඔවුන්ගේ මතකයෙහි ද බොහෝ කලක් රැඳී සිටිති.

නදීශා අතුකෝරළ



අදහස් (0)

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඔබේ අදහස් එවන්න

 

You may also like

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි
2025 මාර්තු මස 07 48 0

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍


ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?
2025 මාර්තු මස 04 106 0

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්


ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් පිරිනමයි.
2025 පෙබරවාරි මස 27 181 1

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස


රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක් හඳුන්වා දෙනු ලබයි.
2025 පෙබරවාරි මස 19 548 0

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස


Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්
2025 පෙබරවාරි මස 07 561 1

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.


උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ
2025 ජනවාරි මස 23 188 0

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 106 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 181 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site