IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


මදසරු භාවය

 

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව ලතවෙන විවාහක යුවළ අපට කොතෙකුත් දැකිය හැකියි. විවිධ ක්‍රමවේද ඔස්සේ තමන්ගේම දරුවන් ලැබීමට යොමුවන එවැනි බොහෝ යුවළ බොරු පොරොන්දු දෙමින් රවටා මුදල් කඩා වඩා ගන්නා පිරිස්වල ග්‍රහණයට නතුව අවසානයේ දරුපල පමණක් නොව දුක් මහන්සියෙන් ඉපයූ ධනයද අහිමි කර ගත් අවස්ථා කොතෙකුත් අසන්නට හා දකින්නට ලැබෙනවා. 
 
මෙවන් පසුබිමක දරු පල අහිමි යුවළ සඳහා තමන්ගේම දරුවෙකු බිහිකර ගැනීමේ නොතික් ආශාව සංතර්පණය කිරීම උදෙසා මදසරු භාවයට නිසි ලෙස ප්‍රතිකාර ලබාදී දරුවන් බිහිකිරීමට අවශ්‍ය මූලික මගපෙන්වීම සිදුකිරීමේ ක්‍රමවේදයක් කොළඹ කිංග්ස් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ටිරාන් ඩයස් මහතා විසින් සාර්ථකව සිදුකරමින් පවතී. 
 

මහාචාර්ය ටිරාන් ඩයස්

MBBS (Colombo) MD (Sri Lanka) MRCOG (UK) MD (University of London) CESR (UK), FME-Advanced Diploma in Fetal Medicine (UK) Professor in Fotal Medicine Consultant Obstetrician and Gynaecologist


 

මේ ඒ පිළිබඳව සිදුකළ සංවාදයක සටහනකි. 
 
විවාහක යුවළක් පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත නොකර එක දිගට වසරක කාලයක් ගතවූවත් දරු පල හට නොගන්නේ නම් එය අප මද සරු භාවය ලෙස හදුන්වනු ලබනවා. වසරක කාලයක් සංසර්ගයේ යෙදී දරු පල නොලැබුණු විට එහි යම් ගැටලුවක් පවතින බව පෙනී යාම තුළ ඊට බලපා ඇති හේතු සොයා ප්‍රතිකාර සිදුකළ යුතු වනවා. 
 
මෙම මදසරු බව කොටස් දෙකකට වෙන් කළ හැකියි. ඒ ප්‍රාථමික මදසරු බව (Primary) හා ද්විතීක මදසරු බව (Secondary) යනුවෙනි. 
 
ප්‍රාථමික මදසරු බව යනු කිසිම අයුරකින් දරුවෙකු පිළිසඳ නොගැනීමයි. එනම් ගබ්සා වීමක් හෝ මීට පෙර දරුවෙකු පිළිසිඳ ගෙන නොතිබීමයි. 
 
ද්විතීක මදසරු බව යනු මීට පෙර අවස්ථාවක දරුවෙකු ලැබී ඇති හෝ පිළිසිඳගත් දරුවා ගබ්සා වීමය. එවන් තත්ත්වයක් ඇතිවී මාස හයක් ගතවීමෙන් පසුව යළිත් පිළිසිඳ නොගන්නේ නම් එය ද්විතීක මදසරු බව ලෙස හදුන්වනු ලබනවා. 
 
  • මදසරු භාවයට බලපාන හේතු
 
මදසරු භාවයට බලපාන හේතු අතර 1/3ක් කාන්තාවන්ට බලපාන ප්‍රශ්න, 1/3ක් පුරුෂයන්ට බලපාන ප්‍රශ්න හා 1/3ක් කාන්තාව හා පිරිමියා යන දෙදෙනාට පොදුවේ ඇතිවන ප්‍රශ්න ලෙස වර්ග කළ හැකියි.
 
  • කාන්තාවන්ට බලපාන ප්‍රශ්න
 
මෙරට මදසරු භාවයට පත්වන කාන්තාවන්ගෙන් බහුතරයකට බලපා ඇති ගැටලුව වන්නේ අධික ස්ථුලතාවයයි. එනම් ශරීර ස්කන්ද දර්ශකය (BMI) වැඩිවන විට ශරීරයේ තැන්පත් වන මේදය තිළින් නිෂ්පාදනය වන යම් යම් හෝමෝනවල බලපෑම නිසා ඩිම්බ මේරීමේ ක්‍රියාවලියට දායකවන හොමෝන ව්‍යාකූල කිරීම තුළ ඩිම්බ මේරීම ප්‍රමාද කරනු ලබයි.
 
ඩිම්බ මේරීමේ ක්‍රියාවලිය ප්‍රමාද කිරීමේ ප්‍රධාන ලක්ෂණයක්වන්නේ මාස් ශුද්ධිය (Periods) අක්‍රමවත් වීමය. එවිට මාසයක් පාසා ඩිම්බ මේරීම සිදු නොවන අතර එහි අතුරු ප්‍රතිපලයක් වන්නේ දරු පල ප්‍රමාද වීමය.
 
එසේම ඩිම්බයක් හා ශුකාණුවක් සංසේචනය සිදුවන්නේ පැලෝපීය නාලය තුළය.  එසේ සංසේචනය වූ කලලය දින 7ක් තුළ එම නාලය දිගේ ගොස් ගර්භාෂ බිත්තියේ තැන්පත්වමෙන් පසුව දරු ලැබක් හට ගනු ලබයි. මෙම කටයුත්ත නිසි ලෙස සිදුවීමට නාලයේ ඇතුළත තිබෙන සිදුර සියුම් විය යුතු අතරම කඩතොලු නොතිබිය යුතුයි. නමුත් නාලයේ යම්ගැටලුවක් පැවතියහොත් ඒ වඅස්ථාවේදීත් දරුපල ප්‍රමාද වීමට ඉඩකඩ පැවතියහැකියි. 
 
එසේම ගර්භාෂයේ ඇතිවන සියලුම වර්ගයේ ගෙඩි ( ප්‍රයිරොයිඩ්, මස් දලු, ගර්භාෂයේ ඇතුළත බිත්තිය ගනකම වීම ) නිසාද  දරුපල ප්‍රමාද විය හැකිය. 
 
  • පිරිමින්ගේ ප්‍රශ්න
 
පිරිමින්ට මදසරු භාවයට ඇතිවීමට බලපාන ප්‍රධානම ගැටලුව වන්නේ පුරුෂ ධාතුවල ගුණත්වය (කොලිටි) අඩුවීමය. පුරුෂයෙකුගේ ධාතු විද්‍යාගාර පරීක්ෂණයකට යොමු කළහොත් එහි සාන්ද්‍රනයේ ධාතු මිලියන 20ක්වත් තිබිය යුතු වනවා. එම ධාතු මිලියන 20න් 40% -50%ක් වත් ඉදිරියට පිහිනායාමේ හැකියාව ඇති සරු ධාතු විය යුතු යුතු වනවා. 
 
එසේම පිරිමියෙකුගේ අධික ලෙස ස්ථුල වන්නේ නම් ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 25කට වැඩි නම් ඔවර් හෙඩ් ලෙස හදුන්වන අතර 30ට වැඩිනම් ඔබියස් ලෙස හදුන්වනු ලබනවා. එවිට පුරුෂයාගේ ටෙස්ටරෝන් හෝමෝනය අඩුවී ඊස්ට්‍රජන් හෝමෝනය වැඩිවනු ලබයි. මෙමගින් ධාතුවල ඇති ගුණවත්වය අඩුවන අතරම ලිංගිකව එක්වීමේ උනන්දුව හීන වී යනු ලබයි. මෙම තත්ත්වය වර්ධනය වූවිට ලිංගික අප්‍රාණිකත්වය පවා ඇතිවීමේ අවදානමක් පවතී. දරුවෙකු බිහිකිරීමට මෙම ගැටලුවටද බලපානු ලබයි.
 
  • කාන්තාවට හා පුරුෂයාට බලපාන පොදු ගැටලු 
 
ඇතැම් කාන්තාවන්ට ලිංගිකව එක්වීමේදී අධික වේදනවාක් ඇතිවන ලබයි. මෙවැනි තත්ත්වයක් තුළදී දෙදෙනාට නිසි ලෙස ලිංගිකව එක්වීමේ ගැටලු පැනනගින අතර එය දරු පිළිසිද ගැනීමකට සෘජුවම බලපානු ලබයි. 
 
  • ගැටලු හඳුනා ගැනීමට සිදුකළ හැකි පරීක්ෂණ

 

කාන්තාවන්ට බලපාන ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව මුලින්ම අවධානය යොමු කළ යුත්තේ ඩිම්බ මේරීම සිදුවනවාද යන්න තහවුරු කර ගැනීමය. මේ සඳහා මාස් ශුද්ධියෙන් පසු 12 වැනි දිනයේදී ස්කෑන් පරීක්ෂාවක් සිදුකළහොත් මෝරන ලද ඩිම්බ තිබේද නැද්ද යන්න තීරණය කිරීමට පුළුවන. එහිදී මෝරන ලද ඩිම්බ තිබේ නම් ඩිම්බ මේරීම සිදුවන බව නිශ්චය කළ හැක. 
එසේම රුධිර පරීක්ෂාවක් මගින්ද ඩිම්බ මේරීම සිදුවනවාද යන්න පරීක්ෂා කළ හැක. මේ සඳහා මාස් ශුද්ධියෙන් දින 21කට පසු සිදුකරන ප්‍රොජෙස්ට්‍රෝන් පරීක්ෂණයේ අගය 20ට වැඩිනම් ඩිම්බයක් මෝරා පිටව ඇති බව නිගමනය කළ හැක.
 
නාල පරීක්ෂාවද ඩිම්බ මෝරනවාද යන්න නිශ්චය කිරීම සඳහා භාවිත හැකි ක්‍රමවේදයකි. මෙය ආකාර දෙකකට සිදු කළ හැක. 
මූලික ක්‍රමය වන්නේ බඩේ ස්කෑන් පරීක්ෂාවක් සිදුකිරීමය. මෙහිදී යෝනි මාර්ගය, ගැබ්ගෙල හරහා ඩයි එකක් ඇතුළ් කර ස්කෑන් පරීක්ෂාව සිදුකරනු ලබයි.  මෙය HSG ලෙස හදුන්වනු ලබයි. 
 
මදසරු භාවය තහවුරු කිරීමේ ප්‍රධානතම පරීක්ෂාව වන්නේ ලැපරොස්කොපි පරීක්ෂාවය. දරු පල ප්‍රමාද කිරීමට බලපාද යම් සාධකයක් ගර්භාෂයෙන් පිටත තිබේද යන්න මෙමගින් තහවුරු කර ගත හැක. විශේෂයෙන් නාල එකිනෙක ඇලී ඇද්ද, නාල තුළ ඩිමබ් කෝෂ සැකසී ඇද්ද, ගර්භාෂයෙන් පිටත ගෙඩි තිබේද, නාල එකිනෙක ඇලී ඇද්ද,  යන්න ගර්භාෂය තුළට යොමුරන කැමරාවක් මගින් එවෙලේම නිරීක්ෂණ කර ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැක. 
මීට අමතරව 3D තාක්ෂණය යොදාගෙන  සිදකරන ලබන අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවක් මගින් ගර්භාෂයේ තිබෙන ගැටලු හදුනා ගත හැක.
 
  • ප්‍රතිකාර

 

මදසරු භාවයට භාවිත කළ හැකි ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම 3ක් පවතී. 
 
පළමු ක්‍රමය වන්නේ ඩිම්බ මේරීම සඳහා ඖෂධ ලබා දී දින 12කට පසුව ස්කෑන් පරීක්ෂාවක් සිදුකර  ඩිම්බ මෝරා ඇත්නම් එප පිටවීම සඳහා එන්නතක් ලබාදී පැය 36කට පසුව එම යුවළට සංසංර්ගයේ යෙදීම සඳහා යොමු කරනු ලබයි. මෙම ක්‍රමයේ සාර්කත්වය 10% -12% අතර ප්‍රමාණයක පවතී. මෙම ක්‍රමය මාස 6ක පමණ කාලයක් සිදු කරනු ලබනවා.
 
දෙවැනි ක්‍රමය වන්නේ IUI Surrogacy පරීක්ෂාවක් සිදුකිරීමය. මෙහිදී පුරුෂයාගේ ධාතු රසායනාගාර පරීක්ෂාවකට ලක් කර එහි සාරවත් ධාතු තෝරාගනු ලබයි. අනතුරුව කාන්තාවගේ ඩිම්බ මේරීම සඳහා බෙහෙත් ලබාදී මෝරන ලද ඩිම්බ තිබේනම් පැය 36කට පසුව හීනි බටයක් මාර්ගයෙන් කාන්තාවගේ ගර්භාෂයට ඇතුළත් කරනු ලබනවා. මෙහි ඇති වාසිය වනු ලබන්නේ ශුකානුවලට පිහිනා යෑමට ඇති දුර අඩු වීමය. උදාහරණයක් ලෙස මීටර් 200 රේස් එකක් දිවීමට සිටින පිරිස මීටර් 100ක් ඉදිරියට රැගෙන  ගොස් තබා ඉතිරි දුර දිවීමට සලස්වනවා වැනි ක්‍රියාවකි. මෙහිදී සාර්ථඛවීමට ඇති අවස්ථාව ඉහළ මට්ටමක පවතී. මෙහි සාරථකත්වය 20% ක මට්ටමක පවතී.
 
තුන්වන ක්‍රමය වන්නේ ART ක්‍රමවේදයයි. මෙහිදී පුරුෂයාගේ හා කාන්තාවගේ ශුකානු සහ ඩිම්බ රසායනාගාරයක් තුළදී සංසේචනය කර කලලය බිහිවූ පසුව මවගේ ගර්භාෂයට වරකට දෙක බැගින් ඇතුළත් කරනු ලබනවා. මෙහි සාරථකත්වය 40% -45%ක මට්ටමක පවතී.
 
කෙසේ නමුත් ඇතැම් කාන්තාවන්ගේ ගර්භාෂයන් දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා යෝග්‍ය නොවන අවස්ථා පවතී. එවැනි විටෙක එම කටයුත්ත සඳහා යෝග්‍ය ගර්භාෂයක් සහිත වෙනත් කාන්තාවක් hire කිරීම සිදුකරනු ලබනවා. 
 
මෙහිදී තමන්ගේ දරුවෙකු බිහිකරගැනීමේ අපේක්ෂාවෙන් පසුවන කාන්තාවගේ ඩිම්බ රැගෙන ඇයගේ සැමියාගේ ධාතු සමග සංසේචනය කර කලලය රසායනාගාරයක් තුළ වර්ධනය වීමට හැර හයර් කරන ලද කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කිරීම සිදුකරනු ලබනවා. මෙහිදී මාස 9ක් දරු ගැබ දරාගෙන සිටිනනේ හයර් කරන ලද කාන්තාව විසිනුයි. මාස 9කට පසු දරුවා මෙලොව බිහිකිරීමේ අනතුරුව ගිවිසුම් ප්‍රකාරව ජීව විද්‍යාත්මක මවට දරුවා ලබාදීමෙන් පසුව එම කටයුත්ත අවසන් කරනු ලබනවා.    
 
මෙම සියලු ක්‍රම මගින් අපේක්ෂා කරනු ලබන්නේ ඔබට ඔබගේම දරුවෙකු බිහිකර ගැනීම වෙනුවෙන් දකින සිහිනය යථාර්ථයක් කිරීමය. මේ පිළිබඳ වැඩි විස්තර ඔබට පහත දුරකථන අංක අමතා ලබාගත හැක.
 
  • නිරෝෂාන් ප්‍රේමරත්න
 



අදහස් (1)

මදසරු භාවය

බද්රානි Monday, 02 September 2024 08:52 PM

"ෆයිබ්‍රොයිඩ්" නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වන ගර්භාෂ ගෙඩි වලට මේ මහාචාර්ය වරයා කියලා තියෙන්නේ "ප්‍රයිරොයිඩ්" කියලනේ....සිංහලේ අවුලක්ද , උගත් කමේ අවුලක්ද කියල හිතා ගන්න බැරුවයි මම මේ ඉන්නේ..

:       6       1

ඔබේ අදහස් එවන්න

You may also like

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!
2024 සැප්තැම්බර් මස 13 54 0

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න


මදසරු භාවය
2024 අගෝස්තු මස 15 2113 1

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව


සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි
2024 අගෝස්තු මස 08 975 0

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය


ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්
2024 ජුලි මස 31 732 5

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි
2024 ජුලි මස 23 814 0

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර


වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි
2024 ජුලි මස 13 306 0

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 54 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2113 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 975 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site