IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ලොව සුපතල Philips ශ්‍රවනාධාර දැන් විෂන් කෙයා වෙතින්

දිනෙන් දින අලුත් වන තාක්ෂණය හා මුසු වෙමින් බිළිඳු වයසේ සිට වැඩිහිටියන් දක්වා වන තම සේවා දායකයන් හට ගුණාත්මක බැවින් ඉහල හා තෘප්තිමත් සේවයක් ලබාදීම අරමුණු කරගත් විෂන් කෙයා හියරින් සොලුෂන්ස් (hearing Solutions)  වන අපි දිවයිනේ ඉහළම තලයේ ශ්‍රවණ සේවා සපයන්නෙමු.දිවයින පුරා විහිදී ශාඛා ජාලයකින් සැදුම්ලත් අප ආයතනය; සුදුසුකම් ලත් උපාධිධාරී සායනික ශ්‍රවනවේදීන් හා අත්දැකීම් බහුල ශ්‍රවණ තාක්ෂණ ශිල්පීන් සහ ශ්‍රවනාධාර විශේෂඥයින් ගෙන් සමන්විත් වෙයි. දිවයිනේ උසස්තම ශ්‍රවණ සත්කාර සපයන්නා වීම තම මෙහෙවර ද බවට පත් කරගත් අප, විවිධත්වයෙන් යුතු ඔබගේ ශ්‍රවණ සහ ශ්‍රවනධාර අවශ්‍යතා සපුරාලීම සඳහා අපගේ  ශ්‍රවනධාර සන්නාම පෙළට ලොව සුපතළ පිලිප්ස් (Philips) සන්නාමය යටතේ නිපදවන Philips Hearlink ශ්‍රවණාධාර රැගෙන එන බව දැනුම් දෙන්නේ ඉමහත් සතුටකිනි.

පිලිප්ස් (Philips) සන්නාමය, වසර 125 කටත් වැඩි කාලයක් තිස්සේ නවෝත්පාදනයන් සිදු කරමින් මිනිසුන්ගේ ජීවිත ගුණාත්මකව වැඩි දියුණු කරමින් සිදු කල මෙහෙවර නිසාම, පිලිප්ස් සන්නාමය (Philips)අද ලෝකයේ වයිද්‍ය තාක්ෂණික සහ ඉලෙක්ට්‍රොනික උපකරණහි විශ්වාසවන්තම  සන්නාමයක් බවට පත්ව ඇත.  නවීන තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය සේවා සදහා විසඳුම් රාශියක් ඉටු කිරීම වෙනුවෙන් සුවිශේෂී ස්ථානයක් දිනා සිටින Philips; දැනටමත් Philips Hearing Solutions ලෙස ශ්‍රවණාධාර ක්ෂේත්‍රයේ තාක්ෂණික පෙරලියක් බවට පත්ව ඇත.

සාම්ප්‍රදායික ඉලෙක්ට්‍රොනික උපකරණයක් යන සංකල්පයෙන් මිදී, සෑම පිලිප්ස් (Philips) ශ්‍රවණාධාරයක්ම සැලසුම් කර ඇත්තේ ඔබේ ශ්‍රවණ අත්දැකීම බෙහෙවින් වැඩි දියුණු කිරීමට සහ අන් අය හා ලෝකය සමඟ සම්බන්ධව සිටීමට ඔබට උපකාරී වීම සඳහා ය.

බොහෝ විට ශ්‍රවණාබාධ සහිත පුද්ගලයින්ට ඇති ලොකුම දුෂ්කරතාවයක් නම් ඝෝෂාකාරී ස්ථානවල සන්නිවේදනය කිරීමයි. එවැනි අභියෝගාත්මක  අවස්ථා වලට පවා නොබියව මුහුණ දීමට හැකියාව සැලසීම සඳහා, ඔබගේ ශ්‍රවණ අවශ්‍යතා හොදින් හදුනාගෙන ක්‍රියාකල හැකි කෘතිම බුද්ධියක් (AI - Artificial Intelligence) සහිතව නිපදව ඇත. ඉහළ තාක්ෂණයකින් සමන්විතව වන පිලිප්ස් ශ්‍රවණ උපකරණ (Philips Hearlink) අද නිපදවා ඇත. ඔබගේ ශ්‍රවණයේ ගුණාත්මක බව මෙන්ම, ඔබේ ජීවිතය පහසු කර ගැනීම සඳහා ඔබේ ශ්‍රවණාධාරය ඔබේ රූපවාහිනිය හෝ ස්මාර්ට් ජංගම දුරකථනය වැනි ස්මාර්ට් උපාංග සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව ඇති තාක්‍ෂණයක්ද පිලිප්ස් ශ්‍රවණාධාර තුළ ඇත. එසේම භාවිතය ඉතාම පහසු නැවත ආරෝපණය කල හැකි බැටරි සහිත ශ්‍රවනාධාර (Rechargeable  hearing aids) මාදිලි Philips වෙතින් ඔබට ලබා ගත හැක.

Philips ඉලෙක්ට්‍රොනික උපකරණක් භාවිතා කල ඕනෑම කෙනෙක් එය කල්පැවැත්ම අතින් ඉහලම ස්ථානයක සිටින බව හොදින්ම දන්නා කරුණකි. මෙම විශ්වාසය තම (Philips Hearlink) ශ්‍රවනාධාර වෙතත් රදවා ගනිමින් ඉහල කල්පවත්මෙන් යුත් ශ්‍රවනධාර සුවිශේෂී වගකීමක් සමග දැන් ඔබට විෂන් කේයා වැල්ලවත්ත සහ මහරගම යන ශාඛා වෙතින් ලබා ගත හැක.

ශ්‍රවණ ඌනථාවය මෙන්ම ඔබේ පෞද්ගලික ඇසීමේ අවශ්‍යතා සපුරාලිය හැකි ලෙස ඔබේ ශ්‍රවණය ගුණාත්මකව ඉහළ නැංවීම සඳහාම නිපදවා ඇති  හුරුබුහුටි මාදිලි රැසක් අතුරෙන් ඔබට සරිලන පිලිප්ස් ශ්‍රවණ උපකරණය තෝරා ගැනීමට විෂන් කෙයා ශ්‍රවණ විශේෂඥයන් වන අපි ඔබට සහය වන්නෙමු.



අදහස් (0)

ලොව සුපතල Philips ශ්‍රවනාධාර දැන් විෂන් කෙයා වෙතින්

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
2025 අප්‍රේල් මස 10 85 0

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.


NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි
2025 අප්‍රේල් මස 09 444 0

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා


ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්
2025 අප්‍රේල් මස 04 925 0

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා


Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.
2025 මාර්තු මස 31 642 1

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය


ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්
2025 මාර්තු මස 21 1070 0

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි
2025 මාර්තු මස 07 823 2

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 444 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 925 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site