ශ්‍රී ලාංකික තාරුණ්‍යය සඳහා දැරිය හැකි මිලකට නවෝත්පාදන සැපයීමේ මුලපිරීම realme විසින් අඛණ්ඩව ප්‍රවර්ධනය කරනු ඇත
realme යනු 2020 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා වෙළඳපලට ප්‍රවිෂ්ට වූ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් දුරකථන සන්නාමයකි. පවතින වසංගත තත්වය සහ අභියෝගාත්මක වෙළෙඳපොළ හමුවේ වුවද තාක්ෂණික දැනුමක් ඇති දේශීය තරුණ පරපුර සමඟ සිය අනාගතය ශක්තිමත්ව තබා ගනිමින්, දකුණු ආසියානු කලාපය තුල ශ්‍රී ලංකාව නැගී එන ප්‍රධාන වෙළඳපලක් ලෙස realme විසින් හඳුනාගෙන ඇත.
2020 දෙසැම්බර් මස ශ්‍රී ලංකා වෙළඳපලට පිවිසීමත් සමඟ ශ්‍රී ලංකාවේ වෙළදපල සතුව පවතින ඔබ දුටු සුවිශේෂී ලක්ෂණ මොනවාද?
ලොව පුරා විදුලි සංදේශ තාක්ෂණයේදියුණුව හේතුවෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් නව තාක්ෂණයන් අනුගමනය කිරීමට පටන් ගැනීමත් සමඟ ඉහළ මට්ටමේ නවෝත්පාදනයන් සමඟ ස්මාර්ට් උපාංග අත්දැකීමට ඇති උනන්දුව අපි ඔවුන් තුලින් දැක්කා. සමහර ආසියානු වෙලඳපළවල් හා සසඳන විට ශ්‍රී ලංකාවටතවමත් ඊට සාපේක්ෂව සිය ස්මාර්ට්ෆෝන් පරිභෝජන සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට නොහැකි වුවත්, එම අනුපාතය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව අපි විශ්වාස කරනවා. එම නිසා, නුදුරු අනාගතයේ දී සේවා සපයන්නන් 2G, 3G සහ 4G ජාල වලින් උසස් ක්‍රියාකාරී 5G තාක්ෂණයන් වෙත මාරු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එම හැකියාව ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තයේ වෙළඳපල වර්ධනය සඳහා අවස්ථා නිර්මාණය කරනවා.
ඊට අමතරව, ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව තාක්ෂණික දැනුමක් ඇති අය බව අපි නිරීක්ෂණය කළා, ඒ වගේම ඔවුන් ස්මාර්ට් ජංගම දුරකථන අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස තෝරා ගෙන තිබෙනවා. තරුණ පරම්පරාවේ තේරීම නියෝජනය කරන ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ AIOT උපාංග සන්නාමයක් වශයෙන් අපි තීරණය කළා උසස් තත්වයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකථන උසස් තත්ත්වයෙන් සැකසූ මෝස්තරයන් සහිතව සාධාරණ මිලකට ලබා දීමෙන් නව තාක්ෂණයන් අත්විඳීමට ශ්‍රී ලාංකික තාරුණ්‍යයට අවශ්‍ය දොරටු විවෘත කල යුතුයි කියා.
සංතෘප්ත වෙලඳපලක පවතින සන්නමයක් වශයෙන්, පවතින තරගකාරිත්වයට මුහුණ දීමට ඔබ අනුගමනය කරන පියවර කුමක්ද?
කර්මාන්තයට සාපේක්ෂව අලුත් වුවත්, අපේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් අතර realme ඉතා හොඳින් ස්ථානගත වී ඇති අතර එය ලොව පුරා දියත් කළ දින සිට වේගයෙන් වර්ධනය වන වෙළඳ නාමය බවට පත් වෙලා තියෙනවා. එම නිසා, ගෝලීය වශයෙන් නැගී එන පාරිභෝගික තාක්ෂණ සමාගමක් වශයෙන් ස්මාට් ජංගම දුරකථනය සහ AIoT වෙළඳපල තුලට, නවීන ආකාරයේ cutting-edge තාක්ෂණයන් ඔස්සේ අපේ පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයට කටයුතු සිදු කරනවා. ශ්‍රී ලංකාවේ ද එම දර්ශනයම ක්‍රියාත්මක කර ඇති අතර පාරිභෝගිකයින් සඳහා නවතම ස්මාර්ට් උපාංග ගෙන ඒම තුළින් ලාංකික තාරුණ්‍යයේ අවශ්‍යතා සපුරාලීම සඳහා realme ඉදිරිපත් වී සිටිනවා.
වසංගත පසුබිම තුළ දේශීය වෙළෙඳපොළට පිවිසීමත් සමඟ ඔබ භාවිතා කළ ව්‍යාපාරික උපාය මාර්ග මොනවාද?
වසංගත තත්ත්වය සෑම කෙනෙකුටම ඉතා අමාරු කාලයක්. ආර්ථික හානි සිදු වීමට පැහැදිලි ඉඩක්ඇති නිසා සියළුම කර්මාන්ත වලට සුපුරුදු පරිදි ව්‍යාපාර කටයුතු කරගෙන යාම විශාල අභියෝගයක් වී තිබුනා. වසංගත ඇඳිරි නීතිය, සංචාරක තහනම සාමාන්‍යකරණය වීමත් සමඟ ජංගම දුරකථන අලෙවිකරුවෙකු වශයෙන් අපිත් පීඩාවට පත් වුනා. කෙසේ වෙතත් මේ සියල්ලටම ඔරොත්තු දෙමින්, ශ්‍රී ලාංකික තාරුණ්‍යයට මුහුණ දීමට සිදු වී තිබෙන මෙම නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රියාවලියට තාක්ෂණය නිසි ආකාරයෙන් සැපයිය හැකි ආකාරය පිළිබඳව අපේ අවධානය යොමු වුනා. පවතින වෙළඳපල තත්වය අභියෝගාත්මක වුවද, realme පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වන අතර, දැරිය හැකි මිල ගණන් හා සේවාවන් සහිත උපාංග අඛණ්ඩව ලබා දීමට ඉදිරියටත් කටයුතු කරනවා.
අපට ඔබගේ අදහස් දක්වන්න පුලුවන්ද 2021 මුල් භාගයේ වෙළඳ නාම ක්‍රියාකාරිත්වය සහ ඔබ භාවිතා කළ නව විකුණුම් නාලිකා පිළිබඳව?
ගෝලීය වශයෙන් වේගයෙන් වර්ධනය වන සන්නාමය වශයෙන්, රියල්මේ විසින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ තුළ සාපේක්ෂව සාර්ථක ජයග්‍රහණයක් අත්කර ගෙන තිබෙනවා. realme විසින් උපාංග රැසක් වෙළඳපලට හඳුන්වා දී තිබෙනවා ඒවා අතර ජංගම දුරකථන ගතහොත් relame C series හි C11, C12, C15, C20, C11-2021 number series හි realme 7 and realme 8 තවද ස්මාර්ට් ශ්‍රව්‍ය උපකරණ වන realme Buds Q, Buds Q2, Buds Air 2, Buds Air 2 Neo, Wireless 2 Neo සහ පැළඳිය හැකි ස්මාර්ට් උපාංග වන realme watch 2 පවතිනවා. relame මාස කිහිපයක් තුළදී Abans, Singhagiri, Dialog, Seetha වැනි බෙදාහැරීමේ හවුල්කරුවන් සමඟ මෙන්ම දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතයින් 1000 කට අධික සංඛ්‍යාවක් සමඟ සාර්ථකව සහයෝගයෙන් කටයුතු කර තිබෙනවා.
realme Sri Lanka සතු අනාගත සැලසුම් මොනවාද?
"1+5+T" යනු realme හී සැලැස්ම වන අතර එනම් 1 ජංගම දුරකතනයක් එහි AIoT පරිසර පද්ධතියේ කේන්ද්‍රස්ථානය කරගනිමින් කාණ්ඩ 5ක් යටතේ ගෙන ඒමයි. ඒවා යටතට True Wireless Stereo (TWS), Wearables, TV, tablets සහ Laptops අනතර්ගත වෙනවා. T යනු realme හි විවෘත හවුල්කාර වේදිකාවක් වන TechLife වන අතර එමඟින් realme හිම විකුණුම් නාලිකා සහ සැපයුම් දාමයන් හුවමාරු කර ගැනීම තුළින් නව AIoT ආරම්භකයින්ට සහයෝගය දැක්වීමට කටයුතු කරනවා. realme පිළිබඳ මෙම සමස්ත 1+5+T අත්දැකීම ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන අතර නුදුරු අනාගතයේ දී realmeහි පරිසර පද්ධතිය තුලින් සුවිශේෂී අත්දැකීම් රාශියක් ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’වසංගත තත්වයේ ඇතිවන පසුබෑම් මධ්‍යයේ වුවද, realme Sri Lanka, දේශීය ගැනුම්කරුවන්ගේ ප්රවණතාවයන් කෙරෙහි නැඹුරු වේ’’ ෂෝන් යන්, අලෙවි කළමනාකරු