IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

 

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප‍්‍රධානතම සහ වටිනාතම සම්පත වන අතර ඔවුන් ආයතනයේ අභිමානයද වේ.

2600 ක් පමණ වූ අභ්‍යන්තර කාර්ය මණඩලයකින් සහ 8000 ට වැඩි අලෙවි බලකායකින් සමන්විත ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, පොදු  ආයතනික ආචාරධර්ම පද්ධතියක් මත ගොඩනැගුනු ආයතනික සංස්කෘතියක් තුල ක‍්‍රියාත්මක වේග අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගරුත්වය, එකමුතු බව, වෘත්තීමය කැපවීම, නිවැරදි ආචාරධර්ම සහ අවංක බව සහ නොනවතින විශිෂ්ටත්වය ීඛෂක්‍ හි මුලික ආචාරධර්ම පද්ධතිය වේ. මෙම ආචාරධර්ම ආයතනයේ ඉහලම කළමණාකාරිත්වයෙන් ආරම්භ වී සෑම සේවක ස්ථරයක් කරා දිවෙන අතර එකී ආචාරධර්ම කාර්යමණ්ඩලයේ සෑම සියලු දෙනාම තම එදිනෙදා කටයුතු වලදී නිරතුරුව අනුගමනය කරයි. විශේෂයෙන්ම මේ සඳහා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය විසින් නිරන්තරයෙන් ආදර්ශමත්ව කටයුතු කරමින්් ආයතනයේ සෙසු සේවකයින් ද ඒ සඳහා දායක කරගනු ලබයි.



මෙම ආචාරධර්ම ආයතනයේ යහ පැවැත්මට පාදක වන අතර මානව සම්පත් කළමනාකරණයේදී මූලිකව පදනම් කර ගනු ලබයිග මේ තුලින් ධනාත්මක සහ අනාගත දැක්මක් සහිත සංස්කෘතියක් ඇති සේවා ස්ථානයක් බිහිවන අතරම එහි ප‍්‍රතිඵලයක් ලෙස කාර්යමණ්ඩලය දිගුකාලීන සේවක තෘප්තියක් සහිත වැඩ පරිසරයක් නිර්මාණය වීමට ඉවහල් වේ. ආයතනය තුල විවිධත්වය, විශ්වාසය සහ සමානාත්මතාවය පවත්වා ගැනීම තුලින් සෑම සේවකයෙකුටම සමානව සැලකීමටත් සෑම ව්‍යාපාර කටයුතු වලදී ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් ප‍්‍රතිපත්ති රාමුව කටයුතු කරයි. විවෘත සංවාදයන් තුලින් යහපත් සේව්‍ය හා සේවක සම්බන්ධතාවයන් ඇතිකරගැනීම මෙන්ම විනිවිදභාවය වර්ධනය වන අතර ආයතනයේ මූලික තීරණ බොහොමයක් සේව්‍ය-සේවක එකගත්වයෙන් ගනු ලබයි.

ආයතනයක ප‍්‍රධානියෙකු තම කාර්යමණ්ඩලයේ අවශ්‍යතාවයන් කෙරෙහි සංවේදීවීම ඉතාමත් වැදගත් ගුණාංගයකි. මේ නිසා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි කළමණාකාරිත්වය සැම විටම තම කාර්යමණ්ඩලය ද්වී- පාර්ශ්වික සන්නිවේදනයක් කෙරෙහි දිරිගන්වයි. එම සාකච්ඡුා වලින් මතුවන ගැටලු වලට විසඳුම් ලබාදීමට ආයතනය නිරතුරුවම ඇප කැප වී සිටි. ඣඪෂෘ -19 වසංගත කාලය තුලදී නිවසේ සිට රාජකාරී කිරීමටද, දුරස්ථව රාජකාරී කිරීම සඳහා ද අවස්ථාව ලබා දුන් අතර එම පහසුකම් අදටත් අවශ්‍යතාවයන් අනුව අදාල කළමණාකාරිත්වයේ එකගතාවය මත ලබාදීමට ආයතනය කටයුතු කරයි. එලෙසම ආයතනය ව්‍යාපාර ඉලක්ක කරා රැුගෙන යාමට ආයතනයේ සේවක මඩුල්ලට නව අදහස්/යෝජනා ඉදිරිපත් කිරීමටද කළමනාකරණ අවස්ථා උදා කරදී තිබේ. 

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කාර්යමණ්ඩලයේ සියලූම දෙනා සේවා ස්ථානයෙහිිහිංසනයන් පිටුදැකීමේ‘ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි. සේවක තරාතිරම් නොබලා ක‍්‍රියාත්මක වන මෙම ප‍්‍රතිපත්ති අවශ්‍ය  ඕනෑම අවස්ථාවක වරදකරුවන් වෙනුවෙන් උපරිම විනයාණුකූල පියවර ගැනීමට කටයුතු කරයි.

රාජ්‍ය ආයතනයක් වශයෙන් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මානව සම්පත් කළමනාකරණයේ යහපත් ක‍්‍රියාවන්ට අමතරව තම සේවක මණ්ඩලයට ප‍්‍රතිලාභ මාලාවක් ලබාදීමට කටයුතු කර ඇත. රක්ෂණ ක්ෂේත‍්‍රයේ පිළිගත් ප‍්‍රමිතීන්ට සමගාමිව ඉහල වැටුප් සහ වේතන ලබාදීමටද, ඉහල සෞඛ්‍ය ප‍්‍රතිලාභ ලබාදීමටද එනම් අසාධ්‍ය රෝගාබාධ සඳහා වන්දි ගෙවීම පමණක් නොව, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම කාර්යමණ්ඩලයේ ජයග‍්‍රහණ ඇගයීමට ලක් කිරීමටද නිරතුරුව සිදුකරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරි චන්දන එල්. අලූත්ගම මහතා තම අදහස් දක්වමින් පැවසුවේ සේවා ස්ථානයක ධනාත්මක ආකල්ප තිබීම ආයතනයක කාර්යක්ෂමතාවය  සහ අනාගත දැක්මක් සහිත සංස්කෘතියකට හේතු වන බවයි. ඒ තුලින් ආයතනයට සම්බන්ධ සියලූම පාර්ශවකරුවන් අතර ආයතනයේ සන්නාමය හා අනන්‍යතාවය පිළිබඳව ස්ථිර විශ්වාසයක් ඇතිවේ. එබැවින් ආයතනයක් ලෙස විශේෂ අවධානයක් යොමුකරමින් ආයතනයේ යහපත් සේවා සංස්කෘතියක් බිහිකිරීමට ආයතනයේ ආචාරධර්ම සියලූම සේවක ප‍්‍රජාව අතර පිලිපැදීමට අවශ්‍ය පියවරයන් ක‍්‍රියාත්මක කර ඇති අතර සේව්‍ය සහ සේවකයන් අතර නිරතුරුවම විවෘත සංවාදය තිබීම, විවිධත්වය, අන්තර්ග‍්‍රහණය සහ සමානාත්මතාවය තුලින් සේවක මණ්ඩලයට එක හා සමානව සැලකීම නියත වශයෙන් සිදුවිය යුතු බවට අප විශ්වාස කරන අතර ඒ සඳහා වගවීමට බැඳි සිටිමු. එසේම ආයතනයේ පරිවර්තනීය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ද අපි නිරතුරුවම අපගේ සේවක මණ්ඩලය දිරිගැන්වීමට කටයුතු කරන්නෙමු‘.

 



ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි නියෝජ්‍ය ප‍්‍රධාන අධිකාරී - මානව සම්පත් සහ සේවක සබඳතා රෝහිත අමරපාල මහතා පැවසුවේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දශක 6 කට වැඩි පරිණත සේවා ස්ථානයකි. එවැනි ආයතනයක් නව්‍යකරණය තුලින් ඉදිරියට ගෙන යාම අභියෝගයකිි. එනමුත් ආයතනයේ කළමනාකාරීත්වයේ දැක්ම තුලින් සහ ඔවුන්ගේ ආදර්ශයන්් තුලින් මෙම නව්‍යකරණය ආයතනය තුලට ගෙන ඒමට හැකි වීම අප ලද ජයග‍්‍රහණයකි. එසේම ආයතනයක ආචාරධර්ම පොදුවේ සියලූම සේවක මණ්ඩලය පිළිපැදීම තුලින් සේවකයින් අතර එකමුතුභාවයත් සහසම්බන්ධතාවයත් වැඩිදියුණු වීමට රුකුලක් වේ’.

 



අදහස් (0)

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

ඔබේ අදහස් එවන්න

You may also like

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි
2024 නොවැම්බර් මස 05 460 0

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව


සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි
2024 ඔක්තෝබර් මස 18 692 0

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.


දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?
2024 ඔක්තෝබර් මස 10 1958 0

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර


​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 21 717 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්


ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්
2024 සැප්තැම්බර් මස 19 1638 5

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල


ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්
2024 සැප්තැම්බර් මස 18 433 0

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 460 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 692 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1958 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site