දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) වසර ගණනාවක් පුරා තම පාරිභෝගික අවශ්යතා වලට මුල්තැන දෙමින් තම රක්ෂණාවරණ සැලසුම් සහ ඊට අදාල සේවා ඉදිරිපත් කිරීමට සෑම විටම කටයුතු කර ඇත. වත්මන් කාර්යබහුල පාරිභෝගිකයා නිරතුරුවම තම සේවා සපයන්නන්ගේන් කෙටි කාලයක් තුල කාර්යක්ෂම සේවාවක් බලාපොරොත්තු වෙයි. තම පාරිභෝගිකයින්ගේ මෙම අවශ්‍යතා අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව නිෂ්පාදන සහ ගුණාත්මක බවෙන් ඉහල පාරිභෝගික සේවා අත්දැකීම් සැපයීමට අඛණ්ඩව කැපවී සිටි.
‘Virtual Claim Assistance’ සේවාව SLIC විසින් පාරිභෝගිකයින්ගේ සේවා අත්දැකීම ගුණාත්මක බවින් ඉහල නැංවීමට හඳුන්වා දුන් නවතම සේවාවයි. මෙම සේවාව හඳුන්වා දී ඇත්තේ රිය අනතුරකින් පසු සහ වාහනයේ අලුත්වැඩියාවකින් පසු හිමිකම් (Claim) ලබාගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ය. මෙම නව සේවා පහසුකමෙහි පරමාර්ථය වන්නේ පාරිභෝගික පහසුව සහතික කිරීම සහ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමයි.
‘Virtual Claim Assistance’ සේවාව නම්, පාරිභෝගිකයෙක් අනතුරකට මුහුණ දුන් පසු තම වාහනය පරීක්ෂා කරගැනීමට සහ සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරියෙකු විසින් තක්සේරුවක් ලබාදීමට ඉඩ සලසන ඩිජිටල් සේවාවකි. මෙහිදී SMS පණිවිඩයක් හරහා එවනු ලබන අන්තර්ජාල යෙදුමක් හරහා පාරිභෝගිකයා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තාක්ෂණික නිලධාරියා දුරස්ථ වීඩියෝ තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ස්ථානීය පරීක්ෂාව සිදුකරනු ලබයි. මෙම නව සේවාව හේතුවෙන් පාරිභෝගිකයින්ට තම වාහනය භෞතික පරීක්ෂණ මධ්‍යස්ථානයක් වෙත ගෙන යාමට අවශ්‍ය නොවන අතර, ඔවුන්ට කාලය සහ ශ්‍රමය යන දෙකම ඉතිරි කර ගත හැකි වේ.
‘Virtual Claim Assistance’ සේවාව නිසා දවසේ ඕනෑම වේලාවකදී රථ වාහන රක්ෂණ ඔප්පු හිමියන්ට ඔවුන්ගේ හානියට ලක් වූ වාහනය පිලිබඳ විස්තර ඉදිරිපත් කිරීමත් සම්ප්‍රදායික කාර්යාල වේලාවන් වලින් පිට දී පවා පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමටත් හැකි වීම මෙම සේවාවේ විශේෂත්වයයි. මෙම නම්‍යශීලි සේවාව පාරිභෝගිකයින්ගේ එදිනෙදා කටයුතු වඩාත් පහසු කරයි.
මෙම සේවාව හදිසි අනතුරකින් පසු තම වාහනය අලුත්වැඩියා කරගත් පාරිභෝගිකයින්ට ද වටිනා සේවාවක් ඉටු කරයි. මෙහිදී ද SMS පණිවිඩයක් හරහා එවනු ලබන අන්තර්ජාල යෙදුමක් හරහා පාරිභෝගිකයා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තාක්ෂණික නිලධාරියා දුරස්ථ වීඩියෝ තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ස්ථානීය පරීක්ෂාව සිදුකරනු ලබන අතර, තාක්ෂණික නිලධාරියා විසින් අලුත්වැඩියා කිරීමේ කාර්යයේ ගුණාත්මකභාවය තක්සේරු කරනු ඇත. මෙමගින් පාරිභෝගිකයාගේ වාහනය නිසියාකාරව අලුත්වැඩියා කර ඇති බවට සහතික වන අතර පාරිභෝගිකයින්ට තම වාහනය භෞතික පරීක්ෂණයකට ලක් කිරීමට අවශ්‍ය නොවේ.
ව්‍යාපාර ඩිජිටල්කරණය ලොව පුරා පිළිගත් කාලීන අවශ්‍යතාවයකි. රටේ විශාලතම ආයතනයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ද ඩිජිටල්කරණයේ වැදගත්කම අවබෝධ කර ගෙන ඇති අතර එය ආයතනයේ තිරසාර පැවැත්මටද විශාල වශයෙන් දායක වේ. එබැවින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඩිජිටල් නව්‍යකරණ ක්‍රමවේදයන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් ඒ තුලින් ආයතනයේ තිරසාර සංවර්ධනයට ද දායක වීමට කටයුතු කරයි.
‘Virtual Claim Assistance’ පිළිබඳ වැඩි විස්තර ළඟම ඇති ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාව වෙතින් හෝ 24/7 ක්ෂ‚ක ඇමතුම් අංකය වන 011 2 357 357 ඇමතීමෙන් ලබා ගත හැක.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් රක්ෂණ ඔප්පු හිමියන්ට ‘Virtual Claim Assistance’ සේවාව හඳුන්වා දෙයි!
W. M. S Senarathna Wednesday, 26 April 2023 08:00 PM
මෙම පරිගණක යෙදවුම පිළිබඳව තවදුරටත් අපව දැනුම්වත් කරන්න.ස්තුතියි.