වසර 30 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට අනුරාධපුරයට යන වන්දනාකරුවන්ට සහය වීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි. පොසොන් සමයේ අනුරාධපුරයට විශාල ජනකායක් එක්රොක් වන අතර අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට අතරමං වූ පුද්ගලයන් සහ නැතිවු සොයා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුවිශේෂී සේවාවක් සපයයි. මේ සමගම වන්දනාකරුවන් අතර බෝධි පූජා කවි අන්තර්ගත පොත් පිංචක්ද බෙදා හැරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සංවිධායක මණ්ඩලය කටයුතු කරයි.
පොසොන් පොහොය නිමිත්තෙන් ඓතිහාසික අනුරාධපුරයට පැමිණෙන මිලියන සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් මෙම අගනා සේවාව ලබාදීම සඳහා දශක තුනක් පුරා මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබයි. මහමෙවුනා උයන, සිංහ කුළුණ, මිරිසවැටිය, ථූපාරාම සහ සඳ හිරු සෑය යන උප මධ්‍යස්ථාන පහක් හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මුලිකවම සම්බන්දිකරණය වන්නේ පෙත්මග හි පිහිට ඇති ප්‍රධාන මධස්ථානයේ සිටය. මෙම කාලසීමාව තුළ මෙම සේවාව පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන අතර අතරමං වූ වයෝවෘද්ධ හා කුඩා දරුවන් ඇතුළු වන්දනාකරුවන් යළිත් තම පවුල් සමඟ එක්වීම සංවිධායකයින්ට හැඟීම්බර සහ සිතට සහනයක් ගෙන දෙන අත්දැකීමකි.
වගකිවයුතු ව්‍යාපාරයක් ලෙස, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම ව්‍යාපාර මෙහෙයුම් ක‍්‍රියාත්මක වන වපසරියේ ප‍්‍රජාවන්ගේ වැඩි දියුණුවට නිරතුරුව දායක වන ආයතනයකි. ශ‍්‍රී ලංකාව පුරා සමාජ-සංස්කෘතික තිරසාරත්වය තුලින් සමාජ ආර්ථික තිරසරභාවය පෝෂණය කිරීමේදී ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන අංශ තුනක් ඔස්සේ එනම්, දැයේ දරුවන්ගේ අනාගතය, රටේ ප්‍රජාවගේ අභිවුර්ධිය සහ දේශීය සංස්කෘතිය නගාසිටුවීමට තම ප‍්‍රජ සත්කාර වැඩසටහන් දියත් කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් අනුරාධපුර පොසොන් වන්දනාකරුවන්ට දශක තුනක අඛණ්ඩ සේවාවක්