ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ අළුත් අවුරුද්දට පෙර, චීන රාජ්‍ය ඉදිකිරීම ඉංජිනේරු සංස්ථාව (CSCEC - ශ්‍රී ලංකාව), සිය චීන ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය සඳහා "Build Love in Ceylon" යන තේමාව යටතේ Cinnamon Lakeside Colombo හි සාමූහික විවාහ උත්සවයක් සංවිධානය කලේය. එහිදී යුවල් 15ක් නැවත විවාහවීමේ ප්‍රීතිය අත්විඳින ලදී.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ Qi Zhenhong තානාපති මහතා සහ ඔහුගේ බිරිඳ Jin Qian මහත්මිය, ජෝන් කීල්ස් ආයතනය, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධස්ථානය, කැළණිය විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය සහ ප්‍රධාන මාධ්‍ය ආයතනවල අමුත්තන් සහ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් ගීතවලට නර්තන ඉදිරිපත් කල අතර, චීන සාම්ප්‍රදායික මංගල ඇඳුමින් සැරසුනු චීන ජාතික යුවල් 5ක් සහ ශ්‍රී ලාංකික යුවල් 10ක් ප්‍රේමයේදී දිවුරුම් හා විවාහ ගෞරවය හුවමාරු කර ගනිමින්, විවාහ විය.
විවාහ මංගල්‍යයේ සියළු අංග දැක ආරාධිත අමුත්තන් ඉතාමත් සතුටට පත් වූ බවට දැකගත හැකි වූ අතර, ඔවුන් තරුණ ඉදිකිරීම්කරුවන්ගේ එක්තීරුවක් - එක් මාවතක් (Belt and Road) මුල පිරීම සඳහා වූ කැපවීමෙන් දීර්ඝ කාලීන චීන ලංකා මිත්‍රත්වය පිළිබඳවද සාක්ෂි දැරූහ.
විවාහ මංගල්‍යයට සහභාගී වූ යුවල් 15 දෙනා චීනයේ විවිධ පළාත් සහ නගර කිහිපයකින් මෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටියහ. චීනය සහ ශ්‍රී ලංකාව එක්ව අනුග්‍රාහය දක්වන CSCEC සහ BRI ව්‍යාපෘති නිසා ඔවුන් එකිනෙකා මුණගැසී, දැන හඳුනාගෙන, බැඳීම් ඇති කරගත්හ.
"වසර 5කට වැඩි කාලයක් හි CSCEC වැඩකරමින් සිටින මට, සමාගමේ ශක්තිය සහ වගකීම දැන ඇති අතර, සැලකිය යුතු පුද්ගලික වෘත්තීය දියුණුවක් ද මම ලබාඇත. මෙම සාමූහික විවාහ මංගල්‍යය මගේ ජීවිතයේ වටිනා සැමරුමක්." ට්‍රයි සෙන් නේවාසික සංවර්ධන ව්‍යාපෘතියේ ඉංජිනේරු රුවින්ද මහතා ඉතා උද්යෝගයෙන් එසේ පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ CSCEC හි වැඩ කරමින් තම මව්බිම ගොඩනඟා ගැනීමට සහ චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයට තවදුරටත් දායකත්වයක් ලබාදෙන බවයි.
"මෙම ක්‍රියාකාරකම හරහා චීන විවාහ චාරිත්‍ර පිළිබඳව මා දැඩි ලෙස පැහැදෙනවා. අද අප දෙරටේ සාම්ප්‍රදායික සංස්කෘතීන් මනාව ප්‍රදර්ශණය වන අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කරයි." කැළණිය විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසිස් ආයතන මනාලියන්ට රතු වස්ත්‍රදීමට ආරාධනා කල අතර, ඔවුන්ගේ හැ`ගීම ඛෙදාගත්තාය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ තානාපති Qi Zhenhong මහතා මෙම යුවලයන්ගේ විවාහ මංගල්‍යයට සහභාගී වූ අතර, පසුගිය වසර 10 තුළ CSCEC විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සංවර්ධන ජීවනෝපාය ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කලේය. ඒ අතරින් අධිවේගී මාර්ග, වාරි, ඇළ මාර්ග සහ මහල් නිවාස ව්‍යාපෘතිවෙයි. මෙම ව්‍යාපෘති දහස් ගණනකට රැකියා අවස්ථා නිර්මාණය කිරීමට උපකාරි වී ඇත.
ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසුවඩාත්ම තීරණාමත්මක ආර්ථීක හා දේශපාලන අර්බුදය 2022දී, ඇති විය. CSCEC සක්‍රීයව එයට ප්‍රතිචාර දැක් වූ අතර අහිතකර තත්ත්වයන් විසින් ගෙන දෙන අහිතකර බලපෑම් ඵලදායී ලෙස පාලනයකර, නොපසුබට උත්සාහයේ ආත්මයට අනුගතවෙමින් සහ සක්‍රියව සිය වගකීම් ඉටුකර අතර, දුෂ්කරතා මඟ හරවා ගැනීමට ශ්‍රී ලාංකික ජනතාව සමඟ එක්ව කටයුතු කරමින්, චීන සමාගම්වල සමාජ වගකීම පිළිබඳ දැඩි හැඟීම විදහා දැක්වීය.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
CSCEC ආයතනය ශ්‍රී ලංකා චීන සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෙරටේ සේවකයන් අතර විවාහ මංගල උත්සවයක් සූදානම් කරයි.